“LSR කොළඹ මැරතන්” ජයග්‍රාහකයින්ට මිලියන 2.5ක්!

129

18 වැනි වරටත් සංවිධානය කරන ශ්‍රී ලංකා “LSR කොළඹ මැරතන්” තරගය එළඹෙන ඔක්තෝබර් මස 7 වැනිදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. ඒ සම්බන්ධයෙන් වූ මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (18) සවස ඔලිම්පික් නිවහනේ දී පැවැත්විය.

මේ සඳහා සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා හා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්වී සිටියහ.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 106 දෙනෙකුගෙන් සමන්විත ජාතික මලල ක්‍රීඩා සංචිතයක්

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය (AASL) විසින් ක්‍රීඩකයින් 106 දෙනෙකුගෙන් සමන්විත …

17 වසර ඉතිහාසයකට හිමිකම් කියන කොළඹ මැරතන් තරගාවලිය 1998 වසරේ දී ආරම්භ වූ අතර 2005 වසරේ දී හැර අන් සියලු වසරකම තරගාවලිය පවත්වා ඇත. ලෝක මට්ටමේ ප්‍රධාන රටවල් ආවරණය වන පරිදි තරගකරුවන් 500කට ආසන්න ප්‍රමාණයක් සමඟින් දේශීය තරගකරුවන් 8000ක පමණ ප්‍රමාණයක් තරගය වෙනුවෙන් සහභාගී කරවා ගැනීම ඔවුන්ගේ අරමුණයි.

මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ සංචාරක කටයුතු අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේ සංචාරක ප්‍රවර්ධනය තුළ විශාල කාර්යභාරයක් ඉටු කිරීමට කොළඹ මැරතන් තරගයට හැකි බවයි. වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යතුමා,

“මේ වගේ වැඩසටහන්වලින් අපේ රටටත්, සංචාරක ක්ෂේත්‍රයටත් විශාල ප්‍රතිලාභ ලැබෙනවා. ඒ නිසා අපි සංචාරක අමාත්‍යාංශය විදිහට මේ වැඩසටහන වෙනුවෙන් උපරිම සහයෝගය ලබා දෙනවා”

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය වෙනුවෙන් මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා ද මේ මොහොතේ අදහස් දැක්විය.

“මෙම තරගය සඳහා වන විනිශ්චය මණ්ඩලය පත් කිරීම තමයි අපේ පැත්තෙන් කරන්න තියෙන්නේ, ජාත්‍යන්තර නීතිරීති හා රෙගුලාසිවලට අනුකූලව සියලු විනිශ්චය කටයුතු කරන්න තාක්ෂණික පැත්තෙන් පූර්ණ සහයෝගය ලබා දෙනවා”

සුගන්ධි නැවතත් ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරයි

10 වන ජාතික ආරක්ෂක සේවා මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ දෙවන දිනය අද (14) කොළඹ …

ඉන් අනතුරුව අදහස් දැක්වූ  LSR සමාගමේ ගරු සභාපති තිලක් වීරසිංහ මහතා සඳහන් කළේ 2025 වසර වන විට තරගකරුවන් 10,000කට අධික ප්‍රමාණයක් සහභාගී වන විශේෂ තරගයක් ලෙස මෙම තරගය පැවැත්වීම තම අරමුණ බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ තිලක් වීරසිංහ මහතා,

“ඒ කාලේ අපිට තිබ්බේ රටවල් 2ක්, 3ක් පමණයි. නමුත් පසුගිය වසර වන විට රටවල් 44ක සහභාගිත්වයක් තිබුණා. ශ්‍රී ලංකාව දැන් ජාත්‍යන්තර මැරතන් සංවිධානය ඇතුලේ හොඳ තත්වෙක ඉන්නවා. මේක නිසා ලෝක මට්ටමේ තරගවලට පවා යන මට්ටමට අපේ ක්‍රීඩකයොත් දක්ෂතාවය දැක්වුවා, ඒ අයට මේ තරගය තෝතැන්නක් වුනා කිව්වොත් නිවැරදියි.”

“ශ්‍රී ලංකා පොලිසිය අපේ කටයුත්ත වෙනුවෙන් කරන සහයෝගයත් අගය කරන්න මම මේක අවස්ථාවක් කර ගන්නවා”

රුපියල් මිලියන 25ක පමණ වියදමක් දරමින් පවත්වන මෙම තරගයෙහි ජයග්‍රාහකයින් වෙනුවෙන් මිලියන 2.5ක මුදලක් වෙන්කර තිබීම ද විශේෂත්වයකි.

තරගය ඔක්තෝබර් 7 වැනිදා උදෑසන 6ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව අසලින් ආරම්භ වී මීගමුව වෙරළ තිරයෙන් අවසන් වීමට නියමිතයි. ඕනෑම තරගකරුවෙකුට ලියාපදිංචි වීම අවස්ථාව තවමත් පවතින බැවින් www.colombomarathon.com ඔස්සේ මේ සම්බන්ධයෙන් වැඩි විස්තර ලබාගත හැකිය.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<