Messi නොමැති සති අන්තයක Neymar හා Ronaldo ගෝල වාර්තා කරයි

94

ලා ලීගා, Bundesliga, Ligue 1 පාපන්දු පිටියත් මේ සතියේ දී ඉතාම උණුසුම් වුනා. ඊයේ (28) පැවැත්වුණු තරග කිහිපයක්ම පෙරළිකාර වුනේ ඒ නිසයි. 

මැඩ්රිඩ් සහෝදරයෝ සතුටින් විසිර යති

ලා ලීගා ලකුණු සටහනේ පළමු ස්ථානය දිගටම රඳවා ගනිමින් Atletico Madrid සමඟ තරග ගෝල 0-0ක් ලෙස අවසන් කර ගැනීමට Real Madrid සමත් වුනා.

පළමු අර්ධයේ දී Diego Costaගේ ප්‍රහාරයක් අඟල් ගණනකින් ගෝල රාමුවෙන් ඉවතට ඇදී ගියේ Thomas Parteyගේ දක්ෂ හරස් පන්දු යොමු කිරීමක් අපතේ යවමින් වීම විශේෂත්වයක්.    

Nachoගේ පන්දු යොමු කිරීම Gareth Bale හට නිසි ලෙස ස්ථානගත කර ගැනීමට නොහැකි වූ අතර එම ප්‍රහාරය ගෝල රාමුවේ ඉහළින් ඉවතට ඇදී ගියා.  

තරගයේ අග භාගයේ දී තරගය වෙනස් කළ සිදුවීම සිදු වූ අතර Karim Benzemaගේ ප්‍රබල හිසෙන් පන්දු යොමු කිරීමක් ගුවනේ පාවී ගිය Jan Oblak අවහිර කළේ ලකුණු සටහන ගෝල රහිතවම තබා ගනිමින්. 

Atletico කණ්ඩායමට මිනිත්තු 90 පුරා එකදු වරක් හෝ Thibaut Courtois හට ප්‍රබල පීඩනයක් එල්ල කරන්නට හැකි වුණේ නැහැ. 

අවසන් ලකුණු තත්වය: Atletico Madrid 0 – 0 Real Madrid 


රොනාල්ඩෝ නැවතත් ගෝල දඩයමේ

Juventus ගෝල 2-0ක් ලෙස Spal පරාජය කරන්නට සමත් වුනා. සුපිරි ක්‍රීඩක Cristiano Ronaldo සිය හිසෙන් අලංකාර ගෝලයක් වාර්තා කළේ Juventusට ජය ගෙන එමින්.

Brescia සමඟ තරගයට රොනාල්ඩෝ සහභාගී නොවුණේ පාදයේ ඇතිව තිබුණු ආබාධයක් නිසයි. 

Miralem Pjanic එල්ල කළ ප්‍රහාරය කවාකාරව ඇදී ගොස් ගෝල රාමුව තුළට ඇතුළු වුනේ පළමු Juve ගෝලය ලෙසයි. එම ගෝලය වාර්තා වුනේ පළමු අර්ධයට මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබිය දීයි.   

SPAL ගෝල රකින ක්‍රීඩක Etrit Berisha, Aaron Ramsey හා Sami Khedira ගෝල රාමුව ආසන්නයේ සිට කළ හිසෙන් පන්දු යොමු කිරීම් කිහිපයක්ම ව්‍යර්ථ කරන්නට සමත් වුනා.  

මේ අතරම සුපිරි ගෝල රකින ක්‍රීඩක Gianluigi Buffon සිය 903 වැනි පාපන්දු තරගය ක්‍රීඩා කළේ Paolo Maldiniගේ වැඩිම තරග වාර්තාව තමන් සතු කර ගනිමින්. 

අවසන් ලකුණු තත්වය: Juventus 2 – 0 Spal

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

  • Juventus – Pjanic (45’minutes), Cristiano Ronaldo (78’minutes)

සෑහෙන මහන්සියකින් පසුව Bayern ලකුණු සටහනේ පළමු ස්ථානයට 

තියුණු තරගයකට පසුව Paderborn ගෝල 3-2ක් ලෙස පරාජය කරන්නට Bundesliga ශූර Bayern Munich ඊයේ සමත් වුනා.   

ලැබුණු අවස්ථා රැසක්ම අපතේ යැවූ Bayern දෙවන අර්ධයේ දී ප්‍රතිවාදීන්ට ගෝල දෙකක්ම ලබා දුන්නේ අඩියක් පසු පසට ගනිමින්. 15 වැනි මිනිත්තුවේ දී Serge Gnabry තරගයේ පෙරමුණ Bayern වෙත ගෙන ආවේ අලංකාර ගෝලයක් රැස් කරමින්.   

Neymar නැවතත් PSGට ජය කැඳවයි; Man. Unitedට නැවතත් නොසිතූ පරාජයක්

එංගලන්ත Premier League තරගාවලියේ සහ ප්‍රංශ Ligue 1 තරගාවලියේ සයවැනි සතියේ හා…

සුපිරි ක්‍රීඩක Philippe Coutinho 55 වැනි මිනිත්තුවේ දී Bayern වෙනුවෙන් දෙවන ගෝලය වාර්තා කළ අතර Gnabry දක්ෂ පන්දු යොමු කිරීමකින් ඔහුට අනගි සහයක් ලබා දුන්නා. කෙසේ වෙතත් 68 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ Kai Proeger තරගයේ ගෝල පරතරය වෙනස් කළේ ගුවනේ පැමිණි පන්දුවක් හරවා දැල වෙත එල්ල කරමින්.    

Bayern ගෝල මැෂිම වන Robert Lewandowski නැවත වතාවක් ක්‍රියාත්මක වෙමින් 80 වැනි මිනිත්තුවේ දී ගෝල සටහන 3 -1ක් බවට පත් කරන්නට සමත් වුනා. එනමුත් මීටර 30 සීමාවේ සිට එල්ල කළ මිසයිලයක් බඳු ප්‍රහාරයකින් Jamilu Collins, Paderborn දෙවන ගෝලය රැස් කළේ ඔවුන්ගේ බලාපොරොත්තු මොහොතකට දල්වමින්. කෙසේ වෙතත් Paderbornට තරගයේ ගෝල සම කරන්නට අවස්ථාවක් Bayern යලිත් නම් ලබා දුන්නේ නැහැ.  

අවසන් ලකුණු තත්වය: Paderborn 2 -3 Bayern Munich 

ගෝල රැස් කළ ක්‍රීඩකයෝ 

  • Bayern Munich – Serge Gnabry (15′) Philippe Coutinho (55′) Robert Lewandowski (79′)
  • Paderborn – Kai Pröger (68′) Jamilu Collins (84′)

බාසිලෝනා ජය මාවතේ

Luis Suarezගේ හා Junior Firpoගේ ගෝලයන්ගේ සවියෙන් Barcelona ගෝල 2-0ක් ලෙස Getafe පරාජය කළා. මෙම තරගයට සුපිරි ක්‍රීඩක Lionel Messi සහභාගී නොවීම විශේෂත්වයක්. 

Barcelona ගෝල රකින ක්‍රීඩක Marc-Andre ter Stegenගේ දීර්ඝ ප්‍රහාරයක් ලබා ගත් Suarez පන්දුව ඉදිරියට රැගෙන ගොස් Getafe ගෝල රකින ක්‍රීඩක David Soriaගේ හිසට ඉහළින් පන්දුව දැල් ගත කළේ සුපිරි ගෝලයකින් තරගය ආරම්භ කරමින්.   

Carles Perezගේ ප්‍රහාරය ගෝල රාමුවේ වැදී නැවත පැමිණියත්, Firpo සුපිරි ගෝලයකින් Barcelona ලකුණු සටහන දෙගුණ කරන්නට සමත් වුනා. 

Barcelona ක්‍රීඩක Clement Lenglet රතු කාඩ්පතක් පෙන්වා විනිසුරු පිටියෙන් ඉවත් කළේ ප්‍රතිවාදීන්ට තරමක වාසියක් ගෙන දෙමින් වුනත් Getafe එම වාසියෙන් උපරිම ප්‍රයෝජන ගත්තේ නැහැ.

Getafe තරගය පුරා Barcelona වෙත ප්‍රබල තර්ජනයක් එල්ල කළ අතර Angelගේ ප්‍රහාරයක් Ter Stegen වළක්වද්දී, Jaime Mataගේ ප්‍රහාරයක් ගෝල රාමුවෙන් එපිටට ගුවනේ ඇදී ගියා.   

Jorge Molina බිම හෙලීම නිසා Lengletට ලැබුණු රතු කාඩ්පතින් Barcelona තරමක් පසුගාමී වුනත් ඔවුන් අවසානය තෙක් ප්‍රතිවාදීන්ට අවස්ථාවක් නම් ලබා දුන්නේ නැහැ.

අවසන් ලකුණු තත්වය: Barcelona 2- 0 Getafe

ගෝල රැස් කළ ක්‍රීඩකයෝ

  • Barcelona – Luis Suárez (41′), Júnior Firpo (49′)

Neymarගේ හුදකලා ගෝලයෙන් PSG ජය ගනියි

Neymarගේ සුපිරි ගෝලයේ පිහිටෙන් Paris St-Germain කණ්ඩායම Bordeaux ගෝල 1-0ක් ලෙස පරාජය කරන්නට සමත් වුනා. 

ආබාධයකට ලක්ව සිටි Kylian Mbappe මේ තරගයේ දී PSG වෙනුවෙන් නැවත ක්‍රීඩා පිටියට පිවිසීම විශේෂත්වයක්. බ්‍රසීල සුපිරි තරුව Neymar, Kylian Mbappeගේ හරස් පන්දු යොමු කිරීමක් 70 වැනි මිනිත්තුවේ දී දක්ෂ ලෙස දැල් ගත කළේ ජය පරාජයක් නොතිබූ තරගය තමන්ගේ දෙසට හරවා ගනිමින්. Mbappe දක්ෂ ලෙස ආරක්ෂක ක්‍රීඩක Pabloගෙන් පන්දුව උදුරා ගත්තේ තරගය වෙනස් කරමින්.  

Marco Verratti, PSG වෙනුවෙන් පළමු අර්ධයේ දී ගෝලයක් වාර්තා කළත්, ඔහුගේ ගෝල සැමරීම උපන්ගෙයිම නැවතුණේ විනිසුරු එම ගෝලය Offside බව පැවසීම නිසයි.  

ඒ අනුව PSG කණ්ඩායම තවමත් Ligue 1 ලකුණු සටහනේ පළමු ස්ථානයේ සිටිනවා.

අවසන් ලකුණු තත්වය: PSG 1 – 0 Bordeaux 

ගෝල රැස් කළ ක්‍රීඩකයෝ

  • PSG – Neymar (70)

Dortmund බලාපොරොත්තු සුන්

ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයට පැමිණීමට තිබුණු අවස්ථාව Borussia Dortmund කණ්ඩායමෙන් ගිලිහි ගියේ Werder Bremen සමඟ තරග ගෝල 2-2ක් ලෙස අවසන් වූ නිසයි.  

Bremen වෙනුවෙන් තරගයේ පළමු ගෝලය වාර්තා කිරීම Milot Rashica සමත් වුනේ Dortmund රසිකයින් අන්දමන්ද කරමින්. කෙසේ වෙතත් Mario Gotze සිය හිසෙන් පන්දුව දැල වෙත යොමු කරමින් තරගයේ ගෝල සම කළා.  

Marco Reus විසින් Thorgan Hazardගේ හරස් පන්දු යොමු කිරීම අලංකාර ලෙස දැල වෙත යොමු කළ අතර Marco Friedl, Reusට එකට එක කරමින් නැවත වතාවක් තරගය ගෝල සම තරගයක් බවට පත් කළේ Werder කණ්ඩායම එක් ප්‍රසාද ලකුණක් දිනා දෙමින්.    

ජයග්‍රහණයේ සැර බාල කරමින් මෙසී නැවතත් ආබාධයකට ලක් වෙයි

2019 ලා ලීගා හා ඉතාලි Serie A තරගාවලියේ තරග කිහිපයක් අද (25) අලුයම පැවැත්වුණා. බාසිලෝනා…

Jadon Sancho හට මෙම තරගයේ දී නම් ගෝල රැස් කිරීමට එතරම් අවස්ථාවක් ලැබුණේ නැහැ. ඔහුගේ ප්‍රහාරයන් සියල්ල අපතේ ගිය අතර ඉලක්කගත වූ එක් ප්‍රහාරයක් iri Pavlenka ගෝල රාමුවෙන් ඉවතට යොමු කිරීම විශේෂත්වයක්.

අවසන් ලකුණු තත්වය: Borussia Dortmund 2 – 2 Werder Bremen

ගෝල රැස් කළ ක්‍රීඩකයෝ

  • Borussia Dortmund – Götze (9), Reus (41)
  • Werder Bremen – Rashica (7), Friedl (55)

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<