යුද හමුදා සහ ‘MAS’ කණ්ඩායම්වලින් කැපී පෙනෙන දස්කම්

177

92 වැනි ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරගාවලියේ සිව්වැනි දිනය ඊයේ (28) කොළඹ රාජකීය විද්‍යාලයීය ‘MAS’ බොක්සිං කවයේ දී නිමාව දුටුවේ තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග වටවල අවසානයත් සමඟිනි.  

ඊයේ දිනයේ පැවති අවසන් පූර්ව වටයේ තරග ඉසව් ද ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අතර යුද හමුදා සහ ‘MAS’ කණ්ඩායම් ඉහළ දස්කම් ප්‍රදර්ශනය කළ එම තරග වට අවසානයේ අද (29) පැවැත්වෙන අවසන් මහා තරග සඳහා සුදුසුකම් ලබාගත් තරගකරුවන් සහ තරගකාරිනියන් තීරණය විය.

MAS, යුධ හමුදා ක්‍රීඩකයින් ද්වන්ද සටනක

92 වැනි ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරගාවලියේ තෙවැනි දිනය ඊයේ (27) නිමාව දුටුවේ අර්ධ අවසන් පූර්ව වටයේ අවසානයත් සමඟිනි. ඒ අනුව අද (28) තරගාවලියේ අවසන් පූර්ව…

කාන්තා තරග ඉසව්

  • 51kg බර පංතිය (Fly Weight)

ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ කේ. කේ. අයි. ටී. පෙරේරා තරග වට 0-5ක් ලෙස පහසුවෙන් පරාජයට පත්කළ යුද හමුදා ‘A’ කණ්ඩායමේ එච්. එස්. ප්‍රියදර්ශනී සහ පානදුර ‘MAS Unichela’ ක්‍රීඩා සමාජයේ පී. කේ. ආර්. කෞෂල්‍යා විනිසුරුවරයා තරගය නතර කිරීම (RSC) තුළින් පරාජයට පත්කළ එම ක්‍රීඩා සමාජයේම කේ. ඒ. ඩී. ඒ. කොඩිතුවක්කු අවසන් මහා තරගයේ සිය ස්ථාන වෙන්කර ගැනීමට සමත් වූහ.

  • 57kg බර පංතිය (Feather Weight)

විනිසුරුවරයා තරගය නතර කිරීම (RSC) තුළින් ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ පී. ඒ. එච්. සී. පස්යාල පරාජයට පත්කරමින් අවසන් මහා තරගයේ සිය ස්ථානය වෙන්කර ගැනීමට සමත් වූයේ යුද හමුදා ‘A’ කණ්ඩායමේ එල්. ජී. චන්ද්‍රිකා ය.

  • 64kg බර පංතිය (Light Welter Weight)

විනිසුරුවරයා තරගය නතර කිරීම (RSC) තුළින් පොලිස් ක්‍රීඩා සමාජයේ පී. කේ. ඩී. ප්‍රියදර්ශනී පරාජයට පත්කළ ‘MAS Linea Clothing’ ක්‍රීඩා සමාජයේ හේෂාන් පෙරේරා සහ අවසන් පූර්ව වටයේ දී නිතරගයෙන් (walk over) ජයග්‍රහණයක් වාර්තා කළ පානදුර ‘MAS Unichela’ ක්‍රීඩා සමාජයේ ඒ. එම්. පී. අතපත්තු අවසන් මහා තරගයේ සිය ස්ථාන වෙන්කර ගැනීමට සමත් වූහ.

  • 75kg බර පංතිය (Middle Weight)

මෙහි දී නිතරගයෙන් (walk over) ජයග්‍රහණ වාර්තා කළ පානදුර ‘MAS Unichela’ ක්‍රීඩා සමාජයේ අයි. ඩබ්. එස්. එස්. චන්ද්‍රසේකර සහ පොලිස් ක්‍රීඩා සමාජයේ ටී. බී. සී. එච්. එම්. බණ්ඩාර අවසන් මහා තරගයේ සිය ස්ථාන වෙන්කරගනු ලැබුහ.

පිරිමි තරග ඉසව්

  • 51kg බර පංතිය (Fly Weight)

‘MAS Slimline A’ කණ්ඩායමේ එම්. ආර්. සඳරුවන් තරග වට 1-4ක් ලෙස පරාජයට පත්කරමින් ගුවන් හමුදා ‘A’ කණ්ඩායමේ පී. ජී. ඊ. මදුෂාන් සහ නිතරගයෙන් (walk over) ජයග්‍රහණයක් වාර්තා කළ යුද හමුදා ‘A’ කණ්ඩායමේ එම්. වී. අයි. ආර්. එස්. බණ්ඩාර මෙහි දී අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නට සමත් වූහ.

  • 57kg බර පංතිය (Light Weight)

ඉතා උණුසුම් තරගයකින් අනතුරුව තරග වට 2-3ක් ලෙස ‘Hela Clothing’ ක්‍රීඩා සමාජයේ ඒ. කේ. මදුරංග පරාජයට පත්කළ ‘MAS Slimline A’ කණ්ඩායමේ කේ. ඒ. එස්. බී. ජයම්පති සහ නිතරගයෙන් (walk over) ජයග්‍රහණයක් වාර්තා කළ යුද හමුදා ‘A’ කණ්ඩායමේ එන්. බී. ඒ. ජේ. විමුක්ති කුමාර මෙහි දී අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබූහ.

  • 69kg බර පංතිය (Welter Weight)

තවත් උණුසුම් තරගයකින් අනතුරුව තරග වට 2-3ක් ලෙස ගුවන් හමුදා ‘A’ කණ්ඩායමේ එම්. වයි. එම්. දිල්ෂාන් පරාජයට පත්කළ පී. ඩී. ඩී. මදුරංග සහ නිතරගයෙන් (walk over) ජයග්‍රහණයක් වාර්තා කළ ‘MAS Slimline A’ කණ්ඩායමේ එන්. එම් හෙට්ටිආරච්චි මෙහි දී අවසන් තරගයේ සිය ස්ථාන වෙන්කර ගැනීමට සමත් වූහ.

81kg බර පංතිය (Light Heavy Weight)

මෙහි දී අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබාගනු ලැබුවේ තරග වට 1-4ක් ලෙස ‘MAS Slimline A’ කණ්ඩායමේ කේ. ඒ. සිසිරකුමාර පරාජයට පත්කළ යුද හමුදා ‘A’ කණ්ඩායමේ ඩබ්. ඒ. ආර්. සඳකැලුම් සහ තරගය අත්හැර දැමීම තුළින් තරගය ජයග්‍රහණය කළ නාවික හමුදා ‘A’ කණ්ඩායමේ ජී. ඒ. එන්. ප්‍රනාන්දු යන ක්‍රීඩකයින් ය.

  • 91+kg බර පංතිය (Super Heavy Weight)

තරගය අත්හැර දැමීම තුළින් තරගයේ ජයග්‍රහණය වාර්තා කළ ‘MAS Slimline A’ කණ්ඩායමේ එල්. ටී. බී. රත්නදිවාකර සහ නාවික හමුදා ‘A’ කණ්ඩායමේ ඒ. ඩබ්. හෙට්ටිගේ තරග වට 0-5ක් ලෙස පහසුවෙන් පරාජයට පත්කළ යුද හමුදා ‘A’ කණ්ඩායමේ ඒ. ආර්. බී. ඊ. තිලකරත්න මෙහි දී අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නට සමත් වූහ.  

ඒ අනුව තරගාවලියේ පස්වැනි සහ අවසාන දිනය වන අද දිනයේ දී තරගාවලියේ අවසන් මහා තරග පැවැත්වෙන අතර ඒ පිළිබඳ සියලුම විස්තර ද ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අපි සූදානමින්.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<