ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරගාවලියේ දෙවන දිනය සාර්ථකව නිමාවේ

114

92 වැනි ක්ලිෆර්ඩ් කුසලානය බොක්සිං තරගාවලියේ දෙවන දිනය ඊයේ (26) කොළඹ MAS- රාජකීය විද්‍යාලයීය බොක්සිං කවයේ දී සාර්ථකව අවසන් වූ අතර පළමු වටයේ දෙවන අදියරේ තරග රැසක් ඊයේ පැවැත්විය.

තරගාවලියේ පළමු වටයේ තරග රැසක් 25 වැනිදා පැවැත්වුණු අතර අද (27) දිනයේ දී ද අර්ධ අවසන් පූර්ව තරග ඇතුළු තවත් තරග රැසක් පැවැත්වීමට නියමිතයි.  

ක්ලිෆර්ඩ් කප් පළමු දිනය අවසානයේ ප්‍රතිඵල

92 වැනි ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරගාවලිය ඊයේ (25) කොළඹ MAS රාජකීය බොක්සිං …

පිරිමි 69 Kg බර පන්තිය (වෙල්ටර් වේට්)

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ පී. ඩී. ඩී. මධුරංග, සී. ඒ. ජයලත් හා කේ. ජී. පද්මසිරි ඊයේ පැවති තරගවලින් ජය හිමි කර ගත් අතර කේ. ටී. රමේෂ්, ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ වයි. එම්. දිල්ශාන් හා එන්. එම්. හෙට්ටිආරච්චි, පී. එස්. රත්නායක, ජී. එස්. කුමාරසිංහ යන ක්‍රීඩකයින් ද ඊයේ සිය ප්‍රතිවාදීන් බිම හෙලන්නට සමත් විය.

පිරිමි 49 Kg බර පන්තිය (ලයිට් ෆ්ලයි වේට්)

එස්. කේ. අබේගුණවර්ධන, පොලිස් ක්‍රීඩා සමාජයේ ඩබ්ලිව්. ඩී. එස්. ඉන්ද්‍රතිලක, එච්. එන්. ජිනදාස, නාවික හමුදා ක්‍රීඩා සමාජයේ ජී. අයි. බණ්ඩාර, ඒ. අයි. සංජය ලයිට් ෆ්ලයි වේට් බර පන්තියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.

පිරිමි 56 Kg බර පන්තිය (බැන්ටම් වේට්)

ඩබ්ලිව්. ඒ. අයි. සංජය, එන්. කේ අමරවංශ, ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ එස්. ඒ. එස්. පතිරණ, ජී. ඩබ්ලිව්. සුගත්, විද්‍යාර්ථ විද්‍යාලයීය බොක්සිං ක්‍රීඩා සමාජයේ කේ. එම්. කුමාරසිංහ, යුධ හමුදාවේ ආර්. ටී. වීරක්කොඩි, සඳරුවන් කුමාර, නාවික හමුදාවේ එන්. පී. ද සිල්වා හා සී. ඒ. ඩී. මදුශංක මෙම බර පන්තියේ ජයග්‍රහණ හිමි කර ගන්නා ලදි.

පිරිමි 64 Kg බර පන්තිය (ලයිට් වෙල්ටර් වේට්)

යුද හමුදාවේ එස්. බී. රාජකරුණා, එම්. එම්. ජයවීර, කේ. පද්මකුමාර නාවික හමුදා ක්‍රීඩා සමාජයේ එන්. එච්. තිලකරත්න, කේ. සී. මදුසංක, ආර්. එම්. එස්. කේ. රත්නායක, එම්. ටී. පී. ප්‍රනාන්දු හා ඩී. ඩී. සපරමාදු ලයිට් වෙල්ටර් වේට් කාණ්ඩයේ ජයග්‍රහණ දිනා ගැනීමට සමත් විය.

පිරිමි 81 Kg බර පන්තිය (ලයිට් හෙවි වේට්)

ඉතා උණුසම් මුහුණුවරක් ගත් මේ කාණ්ඩයේ තරගවලින් යුධ හමුදාවේ ඒ. ආර්. සඳකැලුම්, කේ. ඒ. සිසිරකුමාර, ඊ. එම්. මුදන්නායක හා ඒ. එන්. ප්‍රනාන්දු ජය හිමි කර ගැනීමට සමත් විය.      

අද (27) තරගාවලියේ තෙවැනි දිනයයි. තරගාවලියේ සියලු තොරතුරු ඡායාරූප, පුවත් වාර්තා සහ ප්‍රතිඵල සඳහා රැඳී සිටින්න  www.thepapare.com/sinhala සමඟින්.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<