ක්ලිෆර්ඩ් කප් පළමු දිනය අවසානයේ ප්‍රතිඵල

271

92 වැනි ක්ලිෆර්ඩ් කුසලාන බොක්සිං තරගාවලිය ඊයේ (25) කොළඹ MAS රාජකීය බොක්සිං අංගනයේ දී ඇරඹිණි. පළමු දිනය අවසාන වන විට කි.ග්‍රෑම් 52, 60, 69 සහ 81 යන බරපන්ති වල පිරිමි තරග අවසන් විය.

>> “ක්ලිෆඩ් කුසලානය” කරළියට

  • කි.ග්‍රෑම් 52 – ෆ්ලයි වෙයිට්

ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ බුද්ධික මනරම්, MAS හි එම්. ප්‍රභාෂ්වර, යුධ හමුදා ක්‍රීඩා සමාජයේ කේ. රවීන්ද්‍රනාත්, පොලිස් ක්‍රීඩා සමාජයේ එල්. එරන්ද, ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ එස්. පුෂ්පකුමාර යන ක්‍රීඩකයන් මෙම බරපන්තියේ මූලික තරගවලින් ජය ලැබීය.

  • කි.ග්‍රෑම් 60 – ලයිට් වෙයිට්

විද්‍යාර්ථ විද්‍යාලයීය ක්‍රීඩා සමාජයේ ඩී. හෙට්ටිආරච්චි, යුධ හමුදා ක්‍රීඩා සමාජයේ කේ. රස්නායක, හෙළ ක්ලෝදින් ක්‍රීඩා සමාජයේ කේ. මධුරංග, යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ඊ. බණ්ඩාර යන ක්‍රීඩකයන් ඊයේ දිනය තුළ ජය ලැබීය.

  • කි.ග්‍රෑම් 69 – වෙල්ටර් වෙයිට්

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ එන්. සමරනායක, ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ අයි. රාජපක්ෂ, MAS ක්‍රීඩක එම්. හීල්බත්දෙණිය මෙම බරපන්තියේ පැවති මූලික තරග වලින් ජය ලැබීය.

  • කි.ග්‍රෑම් 81 – ලයිට් හෙවිවෙයිට්

යුධ හමුදා ක්‍රීඩා සමාජයේ ජී. කෝරලේගෙදර සහ යුධ හමුදා ක්‍රීඩා සමාජයේ එම්. සිල්වා ජය ලබාගත්තේය.

අද (26) තරගාවලියේ දෙවැනි දිනයයි. ඡායාරූප, පුවත් වාර්තා සහ ප්‍රතිඵල www.thepapare.com/sinhala තුළින් බලාපොරොත්තු වන්න.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<