ඉතිහාසගත නැවත පැමිණීමක් නූලෙන් මගහැරේ

83

ඇමරිකානු සුපිරි කෙටි දුර ධාවන ශූර ක්‍රිස්ටියන් කෝල්මන් වසරක කෙටි විරාමයකින් පසු සහභාගි වූ මුල්ම ගෘහස්ථ මලල ක්‍රීඩා උළල “USATF Indoor Championships“පසුගිය සති අන්තයේ දී පැවැත්විය.

කොරෝනාවට ඔලිම්පික් වැනසීමට ඉඩ නොදෙයි

මේ දිනවල දී ලොව පුරා ප්‍රධාන කතාබහ බවට පත්වී ඇති කොරෝනා …………

මෙවර ගිම්හාන ඔලිම්පික් උළෙලේ 100m ඉසව්ව ජය ගන්නා ක්‍රීඩක ලැයිස්තුවේ ඉහළින්ම සිටින එම ඉසව්වේ වර්තමාන ලෝක ශූරයා වන කෝල්මන් වසරක විවේකයෙන් පසු සහභාගි වූ මුල්ම 60m ඉසව්ව තත්පර 6.37ක කාලයකින් අවසන් කළේ ඔහු විසින්ම පිහිටවුවා තිබූ ලෝක වාර්තාව ඉතා ආසන්නයෙන් මග හැර ගනිමිනි. ඔහු වාර්තා කළ කාලය දෙවැනියට හොඳම කාලය වූ ඔහුගේම වාර්තාව සම කිරීම ද කැපී පෙනුනා. 

ක්‍රිස්ටියන් කෝල්මන් 60m තරගය අතරතුර

පසුගිය වසරේ මෙම ඉසව්ව ජය ගත් ක්‍රීඩක ඩෙමෙක් කෙම්ප්ගෙන් කෝල්මන් හට ප්‍රබල අභියෝගයක් එල්ල වේ යැයි සියල්ලන් බලාපොරොත්තුවෙන් පසු වූවත් ඔහුට මෙම ඉසව්ව පදක්කම් රහිතව නිමා කිරීමට සිදු විය. එම ඉසව්වේ දෙවැනි ස්ථානය මර්වින් බර්කි (6.49) විසින් දිනා ගන්න ලදි.

තරගයෙන් පසුව අදහස් දැක්වූ කෝල්මන් පැවසුවේ මෙම ජයග්‍රහණය මගින් ඔහුට හොඳ ආත්ම විශ්වාසයක් ලැබුණු බවයි.

“අපි තවමත් වේගය වැඩි කරගැනීමට අවශ්‍ය ක්‍රියාකාරකම් බොහෝමයක් සිදු කර නැහැ, ඉතින් මෙම ජයග්‍රහණය මගින් මා හට එළිමහන් ක්‍රීඩා පිටියට යෑමට හොඳ ආත්ම විශ්වාසයක් ලැබුණා“ යැයි ඔහු පවසා සිටියේය.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<