ලකුණු වැඩි වුණු චිතගොං තණ තීරුවේ ලකුණු කැපේ

247
india.com

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වුණු චිතගොං ක්‍රීඩාංගණයේ තණ තීරුව ක්‍රීඩා කිරීම සඳහා සුදුසු තත්ත්වයට වඩා පහත මට්ටමක පැවති බවට ජගත් ක්‍රිකට් කවුන්සිල තරග තීරක ඩේවිඩ් බූන් මහතා තීරණය කර ඇත.

[rev_slider LOLC]

විස්සයි විස්ස කණ්ඩායමට නව නායකයෙක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ සීමිත පන්දුවාර තරග නායක ඇන්ජෙලෝ මැතිව්ස් ආබාධයකට ලක්ව සිටින බැවින් බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත පන්දුවාර 20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම දිනේෂ් චන්දිමාල් වෙත පවරා ඇත. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම..

පිතිකරුවන්ගේ පාරාදීසයක් බඳු වූ එම තණ තීරුවේ පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. තරග තීරකවරයාගේ වාර්තාව සලකා බැලූ ජගත් ක්‍රිකට් කවුන්සිලය එහි තණ තීරු සහ ක්‍රීඩාංගණ අධීක්ෂණ ක්‍රමවේදය (ICC Pitch and Outfield Monitoring Process) අනුව අදාළ තණ තීරුව සඳහා අකුසලතා ලකුණක් (demerit point) පිරිනමන්නට කටයුතු කර තිබේ. මෙම අකුසලතා ලකුණු වසර 5ක් කාලයක් සඳහා බල පැවැත්වෙන අතර එම කාලය තුළ දී චිතගොං ක්‍රීඩාංගණයට තවත් අකුසලතා ලකුණු 4ක් හිමි වුවහොත් (සම්පූර්ණ ලකුණු 5 ක්) අදාළ ක්‍රීඩාංගණයේ ජාත්‍යන්තර ක්‍රිකට් තරග පැවැත්වීම මාස 12ක කාලයක් සඳහා තහනම් කෙරෙනු ඇත.

මෙම සිදුවීමට අදාළ තරගයේ දී බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 513 ක් රැස් කළ අතර  පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 713ක්, සාමාන්‍ය තණ තීරුවක සිදු වන ආකාරයෙන් අවසන් දිනය තුළ දී හෝ කිසිදු වෙනස්වීමක් (පලුදු වීමක්) දක්නට නොලැබුණු චිතගොං තණතීරුවේ බංග්ලාදේශ දෙවන ඉනිම ද කඩුලු 5කට ලකුණු 307ක් ලෙස සටහන් විය. සමස්තයක් ලෙස ගත් කල මෙම තරගය තුළ ශතක 5ක් සහ අර්ධ ශතක 6ක් වාර්තා විය.

Chilaw Marians run-machine – Sachithra Serasinghe

30-year old Chilaw Marians all-rounder Sachithra Serasinghe who has been in terrific form struck another century, 109 in their SLC Premier Super 8 Match against Saracens last weekend played at SSC Grounds.

මෙම තරගය පැවති චිතගොං තණ තීරුව පිළිබඳ නොයෙකුත් පාර්ශව වෙතින් විවේචන එල්ල වූ අතර ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න මෙම තණ තීරුව හැඳින්වූයේ ටෙස්ට් ක්‍රිකට් තරගයක් සඳහා නුසුදුසු තණ තීරුවක් ලෙසයි.

”මෙම තණ තීරුවේ වේගපන්දු යවන්නන් හට නව පන්දුවෙන් හෝ දෝලනයක් ලබා ගැනීමට නොහැකි වූ අතර තරගය පුරාවටම ඉපිලීම සහ පන්දුවේ වේගය දක්නට ලැබුණේ නැත.” තරග තීරක බූන් සිය වාර්තාවේ සඳහන් කර තිබේ. ”මුල් දින කිහිපයේ ඇතැම් අවස්ථාවල දී දඟපන්දු යවන්නන් හට මන්දගාමී දඟ කැවීමක් දක්නට ලැබුණ ද, තරගය ක්‍රියාත්මක වීමේ දී බලාපොරොත්තු වූ පරිද්දෙන් තණ තීරුව පලුදු වීමක් සිදු නොවිය. එමගින් සිදු වූයේ තරගයේ දින පහ පුරාවටම තණ තීරුව පිතිකරුවන්ට විශාල සහයෝගයක් දැක්වීමයි.” යනුවෙන් තරග තීරක වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

බංග්ලාදේශ – ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අනිද්දා (පෙබරවාරි 8) මීර්පූර් හී දී ආරම්භ වීමට නියමිතයි.

Cricbuzz අසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<