හැමදෙයක්ම පුළුවන් චීනයට ක්‍රිකට්වලින් බින්දු ගොඩක්

633

ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ “ආසියානු මට්ටමේ B ක්‍රිකට් තරගාවලිය” මේ දින වල මැලේසියාවේ දී පැවැත්වේ. ඒ තරගාවලිය යටතේ ඉකුත් දා (10) නේපාලය හා චීනය අතර පැවති තරගය කඩුලු 10කින් පහසුවෙන්ම ජය ගැනීමට නේපාල කණ්ඩායම සමත් වූ අතර මේ තරගයේ දී චීන පිතිකරුවන් 7දෙනෙක් ලකුණු නොලබා දැවී යාම කැපී පෙනුණි.

Video – ඕවර් 15 වෙනකන් අපි හොදින් සෙල්ලම් කරගෙන ගියා – කුසල් ජනිත්

ඇදහැළුණු ධාරනිපාත වර්ෂාපතනයට පසුව තණනිල්ල සහිත ප්‍රදේශය තෙත බරිතව තිබීම නිසා ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පැවති පළමු එක්දින තරගය අත්හැර…

මැලේසියාවේ ක්වාලම්පුර් හිදී පැවැත්වෙන මේ ක්‍රිකට් තරගාවලිය සඳහා නේපාලය, සිංගප්පූරුව, තායිලන්තය, මැලේසියාව, භූතානය, මියන්මාරය හා චීනය තරග වදිනු ලැබේ.

තරගාවලියේ 16 වන තරගය ලෙස පැවැත්වූ මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් නේපාල කණ්ඩායම් නායක චෙන්ග් ශිරෝන් පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර නේපාල දඟපන්දු යවන්නන් හමුවේ චීන පිතිකරුවන් ඉතාමත් අසරණ තත්වයට ඇද වැටුණේ ඔවුන්ගේ ඉනිම ලකුණු 26කට සීමා කරමිනි. නේපාල ජාතිකයෙක් ලෙස පළමු වතාවට ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කළ ප දඟපන්දු යවන සංදීප් ලමිචානි සිය පන්දුවාර 4 අවසන් කළේ ලකුණු 4ක් තුළ කඩුලු 3ක් දවාගෙනයි.

චීන කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් ආරම්භක පිතිකරුවෙක් වන  හොංග් ජින් යැන් ලකුණු 11ක් ලබා ගත්තේ සිය කණ්ඩායම තුල ලකුණු 5 සීමාව ඉක්මවා ගිය එකම පිතිකරුවා බවට පත්වෙමිනි. ලමිචානිට අමතරව බාසන්ට් රෙග්මි හා  ලලිට් රන්බන්ශී යන දඟපන්දු යවන්නන් අතරේ ද කඩුලු 3 බැගින් බෙදී යන ලදි.

“ටිට්ලි” දඹුලු තරගය විනාශ කරයි

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයෙන් ඇරඹි “ටිට්ලි සුළි කුණාටුවත්” සමඟම මෙරට සංචාරයක නිරත වීමට පැමිණි එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පළමු එක්දින ජාත්‍යන්තර තරගය අද (10) රංගිරි…

චීන කණ්ඩායමට එරෙහිව සිය පිළිතුරු ඉනිම දියත් කළ නේපාලය පන්දු 11ක් පමණක් වැය කරමින් නියමිත ඉලක්කය සපුරා ගත් අතර එහි දී කඩුලු රකින ක්‍රීඩක බිනෝද් භන්ද්‍රී 4 පහර 3ක් හා එක් 6 පහරක් සමඟින් නොදැවී ලකුණු 24*ක් ලබා ගත්තේය. මේ තරගාවලියේ නේපාල කණ්ඩායම සහභාගී වූ පස්වැනි තරගයෙන් කඩුලු 10ක දැවැන්ත ජයක් ලබා ගත්තේ මේ තරගාවලියේ සිය අපරාජීත්වය තවදුරටත් තහවුරු කරමිනි.

නේපාල ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් වරම් ලබා දී තිබුණ ද එය වලංගු වීම ආරම්භ වන්නේ 2019 වසරේ ජනවාරි මස 1 වැනිදා සිටයි.

චීනය –  26/10 (13): හොංග් ජින් යැන් 11, සංදීප් ලමිචානි 3/04, බාසන්ට් රෙග්මි 3/05, ලලිට් රන්බන්ශී 3/12.

නේපාලය – 29/0 (1.5): බිනෝද් භන්ද්‍රී 24*

තරගයේ වීරයා – සංදීප් ලමිචානි (නේපාලය)   

 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<