2023 ආසියානු කුසලානයේ සත්කාරකත්වය චීනයට?

192
AFC.com

2023 ආසියානු කුසලාන පාපන්දු තරගාවලියේ සත්කාරකත්වය සඳහා වූ සටන දකුණු කොරියාව විසින් අතහැර දැමීමෙන් අනතුරුව එහි සත්කාරකත්වය චීනයට හිමිවනු ඇතැයි වාර්තා වේ.

AFC 19න් පහළ තේරීම් තරගාවලියේ කාලසටහන එළිදැක්වේ

2020 AFC වයස අවුරුදු 19න් පහළ තේරීම් තරගාවලියේ තරග කාලසටහන (Draw) පසුගියදා මැලේසියාවේ ක්වාලා ලම්පූර් හී AFC පාපන්දු නිවහනේදී එළිදැක්වුණි.

තරගාවලියේ සත්කාරකත්වය සඳහා දකුණු කොරියාව සහ චීනය අතර තියුණු සටනක් පැවතියද උතුරු කොරියාව සමඟ එම වසරේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සම සත්කාරකත්වය ලබා ගැනීමේ අරමුණින් ඔවුන් ආසියානු කුසලානය අතහැර දැමූ බව කොරියානු පාපන්දු සම්මේලනය ප්‍රකාශ කර සිටි.

පසුගිය මාර්තු මාසයේදී උතුරු කොරියාව සහ දකුණු කොරියාව, කාන්තා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සත්කාරකත්වයට සටන් කිරීම ආරම්භ කළේ උතුරු කොරියාව සහ ඇමරිකා එක්සත් ජනපදය සමඟ න්‍යෂ්ටික අවි අතහැරීමේ සාකච්ඡා සාර්ථක වීමත් සමඟයි.

“FIFA  කාන්තා ලෝක කුසලානය සඳහා සම සත්කාරකත්වය උතුරු කොරියාවට සහ දකුණු කොරියාවට ලබාගත හැකි නම් කොරියානු රජය සහ FIFA එක්ව තරගාවලිය සඳහා සක්‍රීය දායකත්වය සැපයීමට සූදානම්.” යයි කොරියානු පාපන්දු සම්මේලනයේ ප්‍රධානී Chun Han-jin පවසා තිබුනා.

දකුණු කොරියාව ආසියානු කුසලාන පාපන්දු තරගාවලියේ සත්කාරකත්ව සටනෙන් ඉවත් වීම නිසා එළඹෙන ජුනි 04 වනදා ආසියානු පාපන්දු සම්මේලනය විසින් චීනය දෙවන වරටත් ආසියානු කුසලාන පාපන්දු තරගාවලියේ සත්කාරකයින් ලෙස නම් කරනු ඇත.

චීනය 2004 වසරේදී ද ආසියානු කුසලාන පාපන්දු තරගාවලියේ සත්කාරකත්වය දැරූ අතර ඔවුන් අවසන් මහා තරගයේදී ජපානය හමුවේ ගෝල 3-1 ක් ලෙස පරාජය විය.

කොරියාව 2023 ආසියානු කුසලාන සත්කාරකත්ව සටන ආරම්භ කළේ මීට වසර දෙකකට පෙර වූ අතර ඔවුන් එහිදී පවසා සිටියේ ආසියාවේ වැදගත්ම පාපන්දු තරගාවලිය වසර 63කට පසු නැවතත් සිය රටේ පැවැත්වීම සිය ප්‍රධාන බලාපොරොත්තුව බවයි. අවසන් වරට කොරියාව ආසියානු කුසලානයට සත්කාරකත්වය දැක්වූයේ 1960 වසරේදීය.

ශ්‍රී ලංකා 16න් පහළ කණ්ඩායම A කාණ්ඩයෙන් තරගාවලියට

AFC 2020 වයස අවුරුදු 16න් පහළ පාපන්දු තරගාවලියේ තේරීම් තරග කාල සටහන තීරණය කිරීම පසුගිය දා මැලේසියාවේ ක්වාලාලම්පූර් හි AFC ආසියානු පාපන්දු…

තායිලන්තය සහ ඉන්දුනීසියාව 2023 තරගාවලියේ සත්කාරකත්වය පිළිබඳ මීට පෙර උනන්දුවක් දක්වා තිබුණත් ඔවුන් කලින්ම බලාපොරොත්තු අතහැර සටනින් ඉවත් විය. මේ වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවති තරගාවලිය සඳහා පළමු වරට කණ්ඩායම් ගණන 24 දක්වා ඉහළ දමා තිබුණු අතර එහිදී කටාර් රාජ්‍යය ගෝල 3-1 ක් ලෙස අවසන් තරගය ජය ගන්නා ලදී.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<