CH කණ්ඩායම දෝහා බලා පිටත් වේ

315
CH&FC take on Doha RFC

එළඹෙන නොවැම්බර් මාසයේ දී ආරම්භ වීමට නියමිත ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය සඳහා සූදානම් වීමේ අරමුණින් CH & FC ක්‍රීඩා සමාජය කටාර් හී දෝහා RFC ක්‍රීඩා සමාජය සමඟ සුහද තරගයක් සඳහා සහභාගී වීමට නියමිතයි. ඔක්තෝබර් 5 වැනිදා දෝහා හිදී මෙම තරගය පැවැත්වෙන අතර ඒ සඳහා සහභාගී වන CH & FC කණ්ඩායම ඊයේ (03) දිවයිනෙන් පිටත්ව ගියේය.

ඉන්දියානු දේශීය රග්බි තරගාවලියට ලංකාවෙන් 4ක්

ඉන්දීය දේශීය රග්බි ක්‍රීඩා සමාජ තරගාවලිය වෙනුවෙන් විදේශීය ක්‍රීඩකයන් ලෙස එක්වීමට..

පසුගිය ලීග් තරගාවලියේ තෙවැනි ස්ථානය දිනා ගත් CH & FC කණ්ඩායම, ජාතික හා අන්තර් සමාජ පිටියේ දක්ෂතා දැක්වූ ප්‍රබල ක්‍රීඩකයන් රැසක් සමඟ ගිවිසුම් ගතවෙමින් අලුත් මුහුණුවරකින් මෙවර තරගාවලිය වෙත අවතීර්ණ වීමට නියමිතයි.

CH & FC කණ්ඩායම 2017 පැවති වාර්ෂික රග්බි තරගය ජයග්‍රහණය කරමින්

2017 වනතුරු දෝහා RFC කණ්ඩායම බටහිර ආසියානු රග්බි ශූරතා තරගාවලියේ නිත්‍ය සාමාජිකයෙකු වූ නමුත් ගල්ෆ් කලාපීය කොටසේ ඇති වූ දේශපාලනික මත ගැටුම් හේතුවෙන් කිසිදු තරගාවලියකට ඇතුලත්වීම වළක්වාලමින් වාරණයක් එම කණ්ඩායමට නිකුත් කළ අතර ඒ අතරවාරයේ ශ්‍රී ලංකාවට පැමිණීමට ඇති සම්භාවිතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රග්බි සම්මේලනය සාකච්ඡා වට කිහිපයක් පවත්වන ලදි. කෙසේ වෙතත් පැන නැගී ඇති තර්කානුකුල හා ගමනාගමන ගැටලු හේතුවෙන් එම උත්සහය ව්‍යර්ථ වී ඇත.

මෙම සුහද තරගය හෙට (5) ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 5.00ට දෝහා රග්බි ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි. මේ තරගය සඳහා මෑතක දී CH කණ්ඩායම සමඟින් ගිවිසුම් ගත වූ හිරන්ත පෙරේරා, ප්‍රසාද් මධුසංක, ජේසන් මෙල්ඩර් වැනි ක්‍රීඩකයින් ද සහභාගී වීමට නියමිතයි.

වර්තමාන සංචිතයේ  ක්‍රීඩකයන් වන සුදර්ශන මුතුතන්ත්‍රි, නිෂෝන් පෙරේරා හා සුදම් සූරියආරච්චි මෙම තරගය සඳහා සහභාගී නොවීමට තීරණය කර ඇත්තේ තේරීම් කමිටුවේ තීරණයකට අනුවයි.

සත් සාමාජික ශූරතාවය CH&FC උදුරා ගනියි

බස්නාහිර පළාත් සත් සාමාජික රග්බි තරගාවලිය අද (23) දිනය පුරා පොලිස් ක්‍රීඩා සංකීර්ණයේ දී..

අසාර්ථක 2015 හා 2016 තරග වාරවලින් පසු තරග 32ක පරාජ ශාපය දුරු කරමින් පසුගිය තරග වාරයේ දී තුන්වන ස්ථානයට පැමිණි CH & FC කණ්ඩායම මෙම වසරේ පැවති ඩයලොග් සත් සාමාජික රග්බි ශූරතාව හා බස්නාහිර පළාත් සත් සාමාජික රග්බි ශූරතාව ජයග්‍රහණය කිරීමට ද සමත් විය.

මෙවර CH & FC කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස රොනී ඊබ්‍රහිම් මහතා හා දිනේෂ් කුමාර මහතා කටයුතු කරයි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<