මේට්ලන්ඩ් චන්ද්‍රවංකයට කුසලානය රැගෙන යන්නට සියල්ල සූදානම්! 

93

දරුණු ලෙස අසාර්ථක වූ තරගවාර දෙකකට පසු පෙරළියක් කරමින් CH&FC කණ්ඩායම 2018/19 තරගවාරයේ දී අන්තර් සමාජ රග්බි පිටිය කළඹන්නට සමත් විය. ප්‍රබල කණ්ඩායම් කිහිපයකටම පරාජය අත්කර දෙමින් පසුගිය තරගවාරයේ දී ලකුණු සටහනේ තුන්වන ස්ථානය දිනා ගැනීමට CH&FC කණ්ඩායම සමත් විය. 

CHට එරෙහිව සෙබළුන්ගෙන් කැපී පෙනෙන දක්ෂතා

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සමාරම්භක තරගයක් සත්කාරක CH&FC…

1957 වසරේ දී පළමු වරට ක්ලිෆර්ඩ් කුසලානයක් දිනාගත් CH&FC කණ්ඩායම, එතැන් සිට සත් වතාවක් ක්ලිෆර්ඩ් කුසලානය දිනාගෙන ඇති අතර 1957 වර්ෂයේ සිට 2000 වර්ෂය දක්වා කාලපරාසය තුළ 11 වතාවක් අන්තර් සමාජ ලීග් ශූරතාවය දිනාගෙන ඇත. 

පසුගිය තරගවාරය CH&FC කණ්ඩායමට ඉතා හොඳ තරගවාරයක් විය. එසේම මෑත කාලයේ දී එතරම් දක්ෂතා අතරට ඒමට CH&FC කණ්ඩායමට නොහැකි වුවත්, පසුගිය තරගවාර දෙක තුළ දී ඉතා හොඳින් කැපී පෙනෙන දස්කම් පාමින් CH&FC කණ්ඩායම ප්‍රබල කණ්ඩායම් වලට අභියෝගයක් වන ආකාරයක් දක්නට ලැබුනි. 

කිරුළ සොයා යන්නට “හැවීස්” සූදානම්!

කොළඹ නගරය කේන්ද්‍ර කරගෙන රග්බි ක්‍රීඩා සමාජ රැසක් තිබුනත් ඒ අතුරින් මෙරට රග්බි පිටියේ…

පසුගිය තරගවාරයේ දී එක් ක්‍රීඩකයෙකු විසින් වාර්තා කළ වැඩිම උත්සාහක දිනුම් සංඛ්‍යාව CH&FC කණ්ඩායමේ සුදම් සූරියාරච්චි වාර්තා කළ අතර ඔහු වාර්තා කළ උත්සාහක දිනුම් ප්‍රමාණය 11ක්. එසේම පසුගිය තරගාවලිය පුරාවට එක් ක්‍රීඩකයෙකු විසින් රැස්කර ගත් වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කරන්නට සමත් වූයේ ද CH&FC කණ්ඩායමේ සැමුවෙල් මදුවන්න වන අතර ඔහු රැස්කළ ලකුණු ප්‍රමාණය 200ක්. 

කෙසේ වෙතත් තරුණ ජවයෙන් හා අත්දැකීම් වලින් බල ගැන්වුනු CH&FC කණ්ඩායම මෙවරත් ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පෙරළියක් කරන්නට සූදානමින් සිටියි. 

මෙවර තරගවාරයේ දී CH&FC කණ්ඩායමේ පුහුණුකරු ලෙස නිහාල් වයිපර්ගුණරත්න කටයුතු කරනු ලබයි. ශ්‍රී ලාංකීය රග්බි ක්‍රීඩාවට අමුත්තෙකු නොවන වයිපර් ගුණරත්න, ප්‍රථම වතාවට පසුගිය පාසල් තරගවාරයේ දී ඉසිපතන විද්‍යාලයේ පුහුණුකරුවෙකු ලෙස කණ්ඩායම භාරගත්තේය. පසුගිය තරගවාරයෙන් ලැබූ ආභාෂයත්, රග්බි ක්‍රීඩාව ගැන ඇති විශාල දැනුමත් උපයෝගී කරගෙන වයිපර්එළඹෙන තරගවාරයේ දී CH&FC කණ්ඩායම ඉදිරියට රැගෙන යන බව නොඅනුමානය. 

පසුගිය වසරේ දී රෝහිත රාජපක්ෂගේ නායකත්වය හමුවේ සුපිරි දස්කම් දක්වන්නට CH&FC කණ්ඩායම සමත් වූ අතර මේ වසරේ දීත් එම රිද්මයම පවත්වා ගනිමින් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම රෝහිත රාජපක්ෂ හටම භාර වී තිබේ. 

පසුගිය තරගවාරයේ දී CH&FC කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීමට සාන්ත අන්තෝනි විද්‍යාලයේ සිට කණ්ඩායමට එක්වුනු සැමුවෙල් මධුවන්ත, ජේසන් මෙල්ඩර් වැනි ක්‍රීඩකයින් සමත් වූ අතර මෙවරත් ඔවුන්ගේ සේවය කණ්ඩායමට අත්‍යවශ්‍ය වනු ඇත. 

තවද හැව්ලොක් කණ්ඩායමේ සිටි තවත් ප්‍රබල ක්‍රීඩකයෙක් මෙවර කණ්ඩායමට ඇතුළත්ව ඇති අතර ප්‍රවීණ ක්‍රීඩක දුෂ්මන්ත ප්‍රියදර්ශන CH&FC කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරනු ඇත. එසේම මහනුවර ක්‍රීඩා සමාජයේ හිටපු නායක මෙන්ම මහනුවර ක්‍රීඩා සමාජයට අපරාජිතව ලීග් කිරුළ ජයගැනීමට නායකත්වයෙන් දායක වුනු ගයාන් වීරරත්න ද මෙවර CH&FC කණ්ඩායමේ ප්‍රධාන පුරුකක් වනු ඇත. එසේම ගයාන් වීරරත්න කණ්ඩායමේ ක්‍රීඩකයෙකු සේම කණ්ඩායමේ සහය පුහුණුකරුවෙකු වශයෙන්ද කටයුතු කිරීමට නියමිතය. 

ගිලිහී ගිය අභිමානය සොයා යාත්‍රා කරන්නට සූදානමින් සිටින නාවිකයින්

පසුගිය ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය හයවන ස්ථානයෙන් අවසන් කළ නාවික හමුදා…

නව ක්‍රීඩකයින්ගේ ආගමනය පැහැදිලි ලෙසම කණ්ඩායමේ ක්‍රීඩා රටාවේ හා සංයුතියේ වෙනසක් කරනු ඇත. විශේෂයෙන්ම සැමුවෙල් මධුවන්ත පසුගිය වසරේ දී සිය පාදයෙන් තරග සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට සමත් වූ අතර සුදම් සූරියආරච්චි “Scrum Half” ස්ථානයේ සිට ගත් තීරණ ද කණ්ඩායමට ඉතා වැදගත් වනු ඇත.

සුදර්ශන මුතුතන්ත්‍රි, සජිත් සාරංග, ජේසන් මෙල්ඩර්, ප්‍රසාද් මදුසංක සමඟ එක්වන දුෂ්මන්ත ප්‍රියදර්ශන කණ්ඩායමේ ඉදිරිපෙළ කැපී පෙනෙන ලෙස සවිමත් කරනු ඇත. 

තරගාවලියේ සජීව විකාශය ද ඇතුළුව තරගාවලියේ සියලුම තොරතුරු හා ඡායාරූප ThePapare.com ඔබ වෙත ගෙන ඒමට සූදානම්. රැඳී සිටින්න, ක්‍රීඩාවේ ප්‍රමුඛයා ThePapare.com සමඟින්. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<