නිව් කාසල් යුනයිටඩ් ක්‍රීඩකයෝ චෙල්සී කණ්ඩායමට ජයග්‍රහණය පූජා කරයි

155

එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලියේ තෙවැනි සති අන්තයේ තවත් තරගයක් ඊයේ (26) චෙල්සි කණ්ඩායම හා නිව් කාසල් යුනයිටඩ් කණ්ඩායම අතර පැවති අතර මිනිත්තු 80ක තියුණු ගැටුමකින් පසු තරගයේ ජය චෙල්සි කණ්ඩායමට පිරිනමන්නට නිව් කාසල් කණ්ඩායමේ අතපසුවීමක් හේතු විය. තරගය ශාන්ත ජේම්ස් පාක් ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

ආර්සනල් හා ලිවර්පූල් කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කරයි

එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ තෙවන සති අන්තයේ තරග කිහිපයක් ඊයේ (25)..

පළමු අර්ධය පුරා කණ්ඩායම් දෙකම ගෝල රැස් කිරීමට උත්සහ කළ ද කිසිදු කණ්ඩායමකට සාර්ථක වීමට දෙපිලේම ආරක්ෂක ක්‍රීඩකයින් ඉඩ ලබා දුන්නේ නැත.

පළමු අර්ධය: චෙල්සී 00 – 00 නිව් කාසල් යුනයිටඩ්

දෙවන අර්ධයේ ද 70 වන මිනිත්තුව තෙක් කිසිදු ගෝලයක් වාර්තා කිරීමට කණ්ඩායම් දෙකම සමත් නොවූ අතර 76 වන මිනිත්තුවේ දී Fabian Schar විසින් Marcos Alonso හට අනවශ්‍ය බාධා කිරීමක් කිරීම නිසා චෙල්සි කණ්ඩායමට දඬුවම් පහරක් ලබා දීමට විනිසුරු තීරණය කළේය.

ඊඩන් හැසාඩ් මෙවර තරග වාරයේ පළමු ගෝලය වාර්තා කරමින් එම දඬුවම් පහර සාර්ථක කරගත්තේ චෙල්සි කණ්ඩායමේ තරගයේ පෙරමුණට ගෙන එමිනි.   

තරගය පුරා චෙල්සි කණ්ඩායමට දිගින් දිගටම දැඩි පීඩනයක් එල්ල කළ නිව් කාසල් ක්‍රීඩකයින් වෙනුවෙන් යෙඩ්ලින්ගේ පන්දු යොමු කිරීමක් ජෝසෙලු දක්ෂ ලෙස සිය හිසෙන් දැල වෙත යොමු කළේ තරගයේ ගෝල සම කරමිනි.

ජය පරාජයෙන් තොරව තරගය අවසන් වන බවට පෙරමග ලකුණු තිබුණ ද අලෝන්සෝගේ පහරක් අවහිර කිරීමට ගිය යෙඩ්ලින්ගේ පාදයේ වැදී පන්දුව දැල තුලට ගියේ සියලු නිව් කාසල් බලාපොරොත්තු බිඳ දමමිනි.

පෙරළි රැසක් සිදු වූ දෙවන සතියේ පෙරමුණ කාහට ද?

2018/19 එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ දෙවන සති අන්තය නිමා…

Maurizio Sarriගේ කළමනාකාරිත්වය යටතේ චෙල්සි කණ්ඩායම සිය තෙවැනි තරගය ද ජය ගත් අතර ඒ අනුව ඔවුන් ලිවර්පූල් කණ්ඩායම සමඟින් ලකුණු සටහනේ සම ලකුණු ලබා සිටියි.

අවසන් ලකුණු තත්වය: චෙල්සී 02 – 01 නිව්කාසල් යුනයිටඩ්

ගෝල රැස්කළ ක්‍රීඩකයෝ

  • චෙල්සී – Eden Hazard 76′ (pen), DeAndre Yedlin 87′ (og)
  • නිව්කාසල් යුනයිටඩ් – Joselu 83′

>>තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට<<