විදේශීය විනිසුරුවරයෙකු නැවත දිවයිනට

159

මෙවර ඩයලොග් රග්බි ලීගයේ අවසන් තරග කිහිපය සඳහා විදේශීය විනිසුරුවරුන්ගේ සහාය ලබාගැනීමට ශ්‍රී ලංකා රග්බි ආයතනය තීරණය කර ඇත. ඒ අනුව සිංගප්පූරු ජාතික විනිසුරුවරයෙකු වන Charlie Brown මෙම සති අන්තයෙන් (23, 24) ආරම්භ වන සුපිරි වටයේ තරග සඳහා තම සේවය සපයනු ඇත.

සුපිරි සති අන්තයකට ඔබ සූදානම් ද?

මෙවර ඩයලොග් රග්බි ලීගයේ සුපිරි වටයේ තරග මෙම සති අන්තයේදී (23,24) ආරම්භ කිරීමට සියලු කටයුතු …

මෙවර ලීගයේ 6 වැනි සතියේ තරගයක් ලෙස පසුගිය වසරේ පැවති මහනුවර ක්‍රීඩා සමාජය සහ හැව්ලොක් ක්‍රීඩා සමාජය අතර තරගයේ විනිසුරු ලෙස Charlie Brown මහතා කටයුතු කර තිබේ.

මෙසේ දේශීය රග්බි පිටියට විදේශීය විනිසුරුවරුන්ගේ පැමිණීම ආගන්තුක නොවන්නේ පසුගිය ලීග කිහිපයකටම ආසියානු රග්බි විනිසුරු මණ්ඩලයේ විනිසුරුවරුන් මෙරටට පැමිණි නිසාවෙනි.

විදේශීය විනිසුරුවරයෙක් මෙරටට පැමිණෙයි

ඩයලොග් රග්බි ලීගයේ මෙම සති අන්තයේ පැවැත්වීමට නියමිත තරග දෙකක් සඳහා විදේශීය…

එළඹෙන සති අන්තයේ දී මෙවර ලීගයේ සුපිරි වටයේ පළමු සතිය ආරම්භ වන අතර එහි දී “කුසලාන ශූරතාව” සඳහා පැවැත්වෙන තරග දෙකෙහි විනිසුරු ලෙස Charlie Brown මහතා සහභාගී වීමට නියමිතය.  

ඒ අනුව එළඹෙන 23 වැනිදා හැව්ලොක් පාර්ක් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන හැව්ලොක් ක්‍රීඩා සමාජය සහ CR&FC කණ්ඩායම අතර තරගයට සහ 24 වැනිදා නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මහනුවර ක්‍රීඩා සමාජය සහ CH&FC කණ්ඩායම අතර තරගයට Charlie Brown මහතා සහභාගී වනු ඇත.

මෙවර ඩයලොග් රග්බි ලීගයේ සුපිරි වටයේ තරග එළඹෙන සෙනසුරාදා (23) ආරම්භ වනු ඇත.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<