සිංගර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා චරිත් අසලංක

2645
Charith Asalanka, St. Peter’s and St. Sebastian’s take top awards

මියුසියස් විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී ඊයේ (12) පැවති සිංගර් 19න් පහළ ක්‍රිකට් සම්මාන උළෙලේ දී, ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායක සහ ශ්‍රී ලංකා A කණ්ඩායම ද නියෝජනය කරන ක්‍රීඩක චරිත් අසලංක “සිංගර් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා” ලෙස සම්මාන හිමිකර ගත්තේය.

පසුගිය ලිපි: ක්‍රිකට් සමාජ විසිහතරක් පළමු කාණ්ඩය සඳහා සුදානමින්

මේ ඔහු එම සම්මානය නොකඩවා හිමි කරගත් දෙවැනි අවස්ථාවයි. නමුත් බටහිර ඉන්දීය කොදෙව් A කණ්ඩායම සමඟ පැවැත්වෙන දෙවන නිල නොවන ටෙස්ට් තරගයට මේ දිනවල සහභාගී වන හෙයින් ඔහුට සම්මානය ලබා ගැනීම සඳහා පැමිණීමට නොහැකි විය.

කොළඹ ආනන්ද විද්‍යාලය නියෝජනය කරන ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රීඩක ශම්මු අශාන් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා – අනුශූරතාවය දිනා ගැනීමට සමත් විය. ඉසිපතන විද්‍යාලයේ සංජුල අබේවික්‍රම හොඳම පිතිකරු සම්මානය හිමිකරගත් අතර එහි දෙවන ස්ථානය මාතර සාන්ත සර්වේසස් විද්‍යාලයේ රමේෂ් නිමන්තට හිමිවිය.

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය නියෝජනය කරන තුලාංජන ප්‍රනාන්දු 2015/16 තරග වාරය සඳහා හොඳම පන්දු යවන්නා ලෙස නම් කෙරුණු අතර රාජකීය විද්‍යාලයේ ලසිත් ඇඹුල්දෙණිය එහි දෙවන ස්ථානයට හිමිකම් කීවේය. ඉසිපතන විද්‍යාලයේ ප්‍රමෝද් මදුවන්ත සහ ද මැසිනෝද් විද්‍යාලයේ දිලීප ආකාෂ් පිළිවෙලින් හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයාට හිමි සම්මානය සහ එහි දෙවැනි ස්ථානය ලබා ගත්හ. සාන්ත ජෝසප් වාස් විද්‍යාලයේ අසිත ගිහාන් හොඳම පන්දු රකින්නා ලෙස කිරුළු දරද්දී රාජකීය විද්‍යාලයේ ටිරාන් ධනපාල එහි දෙවැනි ස්ථානයට සුදුසුකම් ලැබීය.

බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය 2015/16 තරග වාරයේ වයස අවුරුදු 19න් පහළ තරගාවලියේ පළමු කාණ්ඩයේ හොඳම විද්‍යාල දෙක ලෙස සම ජයග්‍රාහකයින් බවට පත්විය.

ඉසිපතන විද්‍යාලය, රිච්මන්ඩ් විද්‍යාලය සහ ත්‍රිත්ව විද්‍යාලය ඔවුන් නියෝජනය කරන බස්නාහිර, දකුණු සහ මධ්‍යම පළාත් වල හොඳම කණ්ඩායම් ලෙස කිරුළු දැරීමට සමත් විය. රත්ගම දේවපතිරාජ විද්‍යාලය හොඳම නැගී එන කණ්ඩායම ලෙස ගෞරවයට පාත්‍ර විය.

සිංගර් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂක නිලධාරී අසෝක පීරිස් මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස මෙම අවස්ථාවට සහභාගි වූ අතර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ හිටපු ICC තරග තීරකයෙකු ද වන රොෂාන් මහානාම මහතා ගෞරවණීය ආරාධිත අමුත්තා ලෙස එක්විය.

තෙවන කාණ්ඩය – පුද්ගල සම්මාන

  • හොඳම පිතිකරු – දෙවන ස්ථානය – නවෝද් මධුශංක (ශාස්ත්‍රානන්ද විද්‍යාලය – දෙහිවල
  • හොඳම පිතිකරු – ජයග්‍රාහක – තත්සර වීරසිංහ (නුගවෙල විද්‍යාලය – නුගවෙල)
  • හොඳම පන්දු යවන්නා – දෙවන ස්ථානය – ඩබ්. ඒ. පී. දිනාන් ප්‍රනාන්දු (සාන්ත පීතර විද්‍යාලය – මීගමුව)
  • හොඳම පන්දු යවන්නා – ජයග්‍රාහක – රාජිත නිර්මාල් (‍සාන්ත ඇලෝසියස් විද්‍යාලය – රත්නපුර)
  • හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා – දෙවන ස්ථානය – ඩිලන් සම්පත් (හේනගම මධ්‍ය මහා විද්‍යාලය – හේනගම)
  • හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා – ජයග්‍රාහක – රාජිත නිර්මාල් (‍සාන්ත ඇලෝසියස් විද්‍යාලය – රත්නපුර)

දෙවන කාණ්ඩය – පුද්ගල සම්මාන

  • හොඳම පිතිකරු – දෙවන ස්ථානය – ඩිල්ශාන් කීර්ති (සිරි පියරත්න මධ්‍ය විද්‍යාලය – පාදුක්ක)
  • හොඳම පිතිකරු – ජයග්‍රාහක – රිසිත් උපමාල් ඩයස් (ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය – කැළණිය)
  • හොඳම පන්දු යවන්නා – දෙවන ස්ථානය – දිලුම් සුදීර (කරන්දෙනිය විද්‍යාලය – කරන්දෙනිය)
  • හොඳම පන්දු යවන්නා – ජයග්‍රාහක – ලසිත් උඩගෙදර (සාන්ත මරියා විද්‍යාලය – කෑගල්ල)
  • හොඳම පන්දු රකින්නා – දෙවන ස්ථානය – කවිඳු සොහාන් (ශ්‍රී දේවානන්ද විද්‍යාලය – අම්බලන්ගොඩ)
  • හොඳම පන්දු රකින්නා – ජයග්‍රාහක – නිලංක රුක්ෂික (දේවපතිරාජ විද්‍යාලය – රත්ගම)
  • හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා – දෙවන ස්ථානය – දිලුම් සුදීර (කරන්දෙනිය විද්‍යාලය – කරන්දෙනිය)
  • හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා – ජයග්‍රාහක – රවීන් යසස් (දේවපතිරාජ විද්‍යාලය – රත්ගම)

පළමු කාණ්ඩය – පුද්ගල සම්මාන

  • හොඳම පිතිකරු – දෙවන ස්ථානය – රමේෂ් නිමන්ත (සාන්ත සර්වේසස් විද්‍යාලය – මාතර)
  • හොඳම පිතිකරු – ජයග්‍රාහක – සංජුල අබේවික්‍රම (ඉසිපතන විද්‍යාලය – කොළඹ)
  • හොඳම පන්දු යවන්නා – දෙවන ස්ථානය – ලසිත් ඇඹුල්දෙණිය (රාජකීය විද්‍යාලය – කොළඹ)
  • හොඳම පන්දු යවන්නා – ජයග්‍රාහක – අවිශ්ක තුලාන්ජන (සාන්ත ජෝසප් වාස් විද්‍යාලය – වෙන්නප්පුව)
  • හොඳම පන්දු රකින්නා – දෙවන ස්ථානය – ටිරාන් ධනපාල (රාජකීය විද්‍යාලය – කොළඹ)
  • හොඳම පන්දු රකින්නා – ජයග්‍රාහක – අසිත ගිහාන් (සාන්ත ජෝසප් වාස් විද්‍යාලය – වෙන්නප්පුව)
  • හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා – දෙවන ස්ථානය – දිලීප් ආකාෂ් (ද මැසිනෝද් විද්‍යාලය – කඳාන)
  • හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා – ජයග්‍රාහක – ප්‍රමෝද් මදුවන්ත (ඉසිපතන විද්‍යාලය – කොළඹ)

පළාත් ජයග්‍රාහකයින්

  • අනුරාධපුර මධ්‍ය විද්‍යාලය – අනුරාධපුර (උතුරු මැද පළාත)
  • බණ්ඩාරවෙල මධ්‍ය විද්‍යාලය – බණ්ඩාරවෙල (ඌව පළාත)
  • කෑගලු විද්‍යාලය – කෑගල්ල (සබරගමුව පළාත)
  • සාන්ත ජෝන් විද්‍යාලය – යාපනය (උතුරු පළාත)
  • සාන්ත ඈන් විද්‍යාලය – කුරුණෑගල (වයඹ පළාත)
  • ත්‍රිත්ව විද්‍යාලය – මහනුවර (මධ්‍යම පළාත)
  • රිච්මන්ඩ් විද්‍යාලය – ගාල්ල (දකුණු පළාත)
  • ඉසිපතන විද්‍යාලය – කොළඹ (බස්නාහිර පළාත)

ප්‍රධාන කණ්ඩායම් සම්මාන

  • හොඳම නැගී එන කණ්ඩායම – දේවපතිරාජ විද්‍යාලය – රත්ගම
  • අනුශූරතාවය– තෙවන කාණ්ඩය – සාන්ත මරියා විද්‍යාලය – හලාවත
  • අනුශූරතාවය- විස්සයි විස්ස තරගාවලිය – සාන්ත ඇලෝසියස් විද්‍යාලය – ගාල්ල
  • අනුශූරතාවය – සීමිත පන්දුවාර තරගාවලිය – ත්‍රිත්ව විද්‍යාලය – මහනුවර
  • ශූරතාවය – තෙවන කාණ්ඩය – සාන්ත පීතර විද්‍යාලය – මීගමුව
  • ශූරතාවය – විස්සයි විස්ස තරගාවලිය – සාන්ත පීතර විද්‍යාලය – කොළඹ
  • ශූරතාවය – සීමිත පන්දුවාර තරගාවලිය – සාන්ත සෙබස්තියන් විද්‍යාලය – මොරටුව
  • සම ශූරයින් – දෙවන කාණ්ඩය – වෙස්ලි විද්‍යාලය – කොළඹ
  • සම ශූරයින් – දෙවන කාණ්ඩය – සාන්ත මරියා විද්‍යාලය – කෑගල්ල
  • සම ශූරයින් – පළමු කාණ්ඩය – සාන්ත සෙබස්තියන් විද්‍යාලය – මොරටුව
  • සම ශූරයින් – පළමු කාණ්ඩය – සාන්ත පීතර විද්‍යාලය – කොළඹ

ප්‍රධාන පුද්ගල සම්මාන

වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා 2016 – අනුශූරතාවය – ශම්මු අශාන් (ආනන්ද විද්‍යාලය – කොළඹ)
වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා 2016 – ශූරතාවය – චරිත් අසලංක (රිච්මන්ඩ් විද්‍යාලය – ගාල්ල)

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට