ශ්‍රී ලංකා A කණ්ඩයාමේ වගකීම ප්‍රියන්ජන්ට

760
Charith Asalanka, Ashan Priyanjan

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් වරාය අධිකාරිය නියෝජනය කරන අශාන් ප්‍රියන්ජන් හට, ඉදිරියේ දී පැවැත්වෙන එංගලන්ත සංචාරය නියෝජනය කරන ශ්‍රී ලංකා “A” කණ්ඩායමේ නායකත්වය ලබාදීමට තීරණය තර ඇත.

ශ්‍රී ලංකා  “A” කණ්ඩායමේ තරඟාවලිය ආරම්භ කරමින් මේ මස 26 වනදා එංගලන්තයේ චෙස්ටර් ලී ස්ට්රීට් හිදී එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායමක් වන ඩර්හැම් කණ්ඩායම සමඟ සිව් දින තරඟයන් ආරම්භ කරයි. අනතුරුව ශ්‍රී ලංකා  “A” කණ්ඩායම පාකිස්තාන “A” කණ්ඩායම සමඟ ද සිව්දින තරඟ දෙකකට එංගලන්තයේ දී සහභාගි වීමට නියමිතව ඇත.

එම තරඟාවලිය නිමාවූ පසු තුන්කොන් තරඟාවලියක් සඳහා ද ශ්‍රී ලංකා “A” කණ්ඩායම සහභාගි වීමට නියමිතව ඇත. ඒ පාකිස්තාන “A” කණ්ඩායම හා එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමගය.

මෙම තරඟාවලි දෙක සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාල ක්‍රීඩක හා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායක චරිත් අසලංක හා දකුණතින් වේග පන්දු යවන කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාල ක්‍රීඩක අසිත ප්‍රනාන්දු පළමු වරට ශ්‍රී ලංකා “A” කණ්ඩායම සඳහා කැඳවා ඇත.

තවද රොෂාන් සිල්වා මේ දින වල අයර්ලන්තයේ ක්‍රිකට් සමාජ අතර තරඟාවලියකට සහභාගි වී සිටින අතර ඔහු ද “A” කණ්ඩායම සඳහා කැදවා ඇත. තවද එංගලන්තය හා අයර්ලන්ත අතර පැවැත්වීමට නියමිතව ඇති එක්දින තරග සංචිතය සඳහා නම් නොකළ තිසර පෙරේරා ශ්‍රී ලංකා “A” කණ්ඩායම  සඳහා කැදවා ඇත.

“A” කණ්ඩායමේ තරගාවලි දෙ‍කේම සංචිත සඳහා “A” කණ්ඩායමේ නායක  ප්‍රියන්ජන, මහේල උඩවත්ත, නිරෝෂන් දික්වැල්ල, උදාර ජයසුන්දර, මිනෝද් භානුක, ඇංජලෝ පෙරේරා, කසුන් රාජිත, සචිත් පතිරණ, රමිත් රඹුක්වැල්ල, ළහිරු ගමගේ, චරිත් අසලංක, අසිත ප්‍රනාන්දු නම්කර ඇත.

වයස අවුරුදු 24ක් වන වමතින් මඳ වේග පන්දු යවන බදුරලිය කණ්ඩායම නියෝජනය කරන මොහොමඩ් ඩිල්ශාඩ් පන්දුවාර 50 සංචිතය සඳහා නම්කර ඇත. තවද සී.සී.සී කණ්ඩායම නියෝජනය කරන වමතින්  පන්දු යවන ලක්ෂාන් සඳකැන් කැදවා ඇත. ඔහු 2015/16  සීමිත පන්දුවාර ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරඟ 10 කදී කඩුලු 52ක් දවාලමින් වැඩිම කඩුලු ලාභියා විය.

තවද කෝල්ට්ස් කණ්ඩායමේ වමතින් දඟ පන්දු යවන ප්‍රභාත් ජයසූරිය ද මෙම සංචිතයට නම්කර ඇති අතර ඔහු එම ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරඟ 9 කදී කඩුලු 38 ක් දවාලීමට සමත් ව ඇත.

ශ්‍රී ලංකා “A” කණ්ඩායම මේ මස 22 වනදා එංගලන්තය බලා පිටත්ව යෑමට නියමිතව ඇත.

 සිව්දින තරඟ සංචිතය 

අශාන්  ප්‍රියන්ජන් (නායක, වරාය අධිකාරිය), මහේල උඩවත්ත (මුවර්ස්), උදාර ජයසුන්දර(රාගම), මාධව වර්ණපුර (බ්ලුම්ෆීල්ඩ්), නිරෝෂන් දික්වැල්ල (එන්.සී.සී), රොෂාන් සිල්වා (රාගම), ඇංජලෝ පෙරේරා (එන්.සී.සී), මිනෝද් භානුක (එස්.එස්.සී), චරිත් අසලංක (ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය), අසිත ප්‍රනාන්දු (කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය), විෂ්ව ප්‍රනාන්දු (බ්ලුම්ෆීල්ඩ්), කසුන් රාජිත (බදුරලිය), ළහිරු ගමගේ (චිලව් මේරියන්ස්), සචිත් පතිරණ (සී.සී.සී), රමිත් රඹුක්වැල්ල (ටැමිල් යූනියන්), ප්‍රභාත් ජයසූරිය (සී.සී.සී)

 පන්දුවාර 50 සංචිතය 

අශාන්  ප්‍රියන්ජන් (නායක, වරාය අධිකාරිය), මහේල  උඩවත්ත (මුවර්ස්), උදාර ජයසුන්දර (රාගම), නිරෝෂන් දික්වැල්ල (එන්.සී.සී), කිත්රුවන් විතානගේ (ටැමිල් යූනියන්), ඇංජලෝ පෙරේරා (එන්.සී.සී), මිනෝද් භානුක (එස්.එස්.සී), චරිත් අසලංක (ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය), අසිත ප්‍රනාන්දු (කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය), කසුන් රාජිත (බදුරලිය), ළහිරු ගමගේ (චිලව් මේරියන්ස්), සචිත් පතිරණ (සී.සී.සී), රමිත් රඹුක්වැල්ල (ටැමිල් යූනියන්), භානුක රාජපක්ෂ (චිලව් මේරියන්ස්), මොහොමඩ් ඩිල්ශාඩ් (බදුරලිය), තිසර පෙරේරා(එස්.සී.සී), ලක්ෂාන් සඳකැන් (සී.සී.සී)

තරඟ කාලසටහන

සිව්දින තරඟ – ශ්‍රී ලංකා “A” හා ඩර්හැම් කණ්ඩායම – ජුනි 26,27,28,29 චෙස්ටර් ලී ස්ට්රීට් හිදී
සිව්දින තරඟ – ශ්‍රී ලංකා “A” හා පාකිස්තාන “A” – ජුලි 3,4,5,6 ලෙයිස්ටර් හිදී
සිව්දින තරඟ – ශ්‍රී ලංකා “A” හා පාකිස්තාන “A” – ජුලි 10,11,12,13 වොරෙස්ටර් හිදී
තුන්කොන් තරඟ (පන්දුවාර 50) – ශ්‍රී ලංකා “A” හා පාකිස්තාන “A” – ජුලි 18 චෙයිටන්හැම් හිදී
තුන්කොන් තරඟ (පන්දුවාර 50) – ශ්‍රී ලංකා “A” හා එංගලන්ත ලයන්ස් – ජුලි 21 නෝර්තම්ටන් හිදී
තුන්කොන් තරඟ (පන්දුවාර 50) – ශ්‍රී ලංකා “A” හා පාකිස්තාන “A” – ජුලි 22 නෝර්තම්ටන් හිදී
තුන්කොන් තරඟ (පන්දුවාර 50) – ශ්‍රී ලංකා “A” හා එංගලන්ත ලයන්ස් – ජුලි 25 කැන්ට්බරි හිදී

තවත් පුවත් සිංහලෙන්ම කියවන්න – පිවිසෙන්න