15න් පහළ අවසන් සටනට පිවිසෙන විදුහල් දෙක තීරණය වෙයි

607
Chandrasekara and Batapola MMV

ලබන 28 වැනිදා කොළඹ දී පැවැත්වෙන සිංගර් කුසලාන වයස අවුරුදු 15න් පහළ තෙවන පෙළ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට චන්ද්‍රසේකර මධ්‍ය මහා විද්‍යාලය හා බටපොළ මධ්‍ය මහා විද්‍යාලය සමත්ව ඇත.

නව තරගාවලියට සුපිරි සංචිතයක්; නායකයා චන්දිමාල්

මේ මස 14 වැනිදා සිට 17 වනදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්යේ දී පැවැත්වීමට නියමිත T10..

ඊයේ (11) පල්ලෙකැලේ බන්ධනාගාර ක්‍රිකට් පිටියේ පැවැත්වූ අවසන් පූර්ව තරගයෙන් යාපනය සාන්ත ජෝන් විද්‍යාලය පරාජය කරමින් කඩුලු 4ක ජයක් ලබා ගැනීමට ශ්‍රී චන්ද්‍රසේකර මධ්‍ය මහා විද්‍යාලය සමත් විය.

එම අවසන් පූර්ව තරගයේ කාසියේ වාසිය දිනාගත් සාන්ත ජෝන් විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන්ගේ ඉනිම ලකුණු 166කට සීමා කිරීමට ශ්‍රී චන්ද්‍රසේකර මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩකයින් සමත් විය.

එහි දී ටී. දිනොෂන් යාපනය සාන්ත ජෝන් විද්‍යාලය වෙනුවෙන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 58ක් ලබාගත් අතර එම ඉනිමට 4 පහර කිහිපයක්ම අන්තර්ගත විය. ඔහුට යම් පමණින් හෝ සහය දැක්වූ එස්‌. ට්‍රිවාන්  ලකුණු 22ක් සිය විද්‍යාලයේ ලකුණු පුවරුවට එක් කළේය. පන්දු යැවීමේ දී මිහිරාන් විරංග 2/27යි.

කෝල්ට්ස් හා බී. ආර්. සී පූර්ණ ජයග්‍රහණ භුක්ති විඳී

බී. ආර්. සී හා කෝල්ට්ස් කණ්ඩායම්වලට ජයග්‍රහණ හිමි කර දෙමින් 2017/18 ප්‍රිමියර් ලීග් තෙදින ක්‍රිකට්..

ලකුණු 167ක් ඉලක්කයක් හඹා යාමේ අරමුණ පෙරදැරිව පිටියට පැමිණි ශ්‍රී චන්ද්‍රසේකර මධ්‍ය විද්‍යාල පිතිකරුවන් සිය ඉලක්කය පන්දුවාර 46යි පන්දු 4ක් තුල සපුරා ගත්තේ කඩුලු 6ක් පමණක් දවා ගනිමිනි. ඔවුන්ගේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් දක්ෂ පිතිකරණයක නිරත වු ලක්ශිල සසිඳු ලකුණු 63ක් ලබා ගනිමින් තරගය තුළ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්විය. අමතරව නිරාන් විරංග නොදැවී ලකුණු 41ක් රැස්කර ගත්තේ ලක්ශිල හට සහය වෙමිනි.

පන්දු යැවීමේ දී ජොනතන් ප්‍රසංග කඩුලු 3ක් දවා ගන්නා ලදි.

යාපනය සාන්ත ජෝන් විද්‍යාලය – 166/10 (50): ටී. දිනොෂන් 58, එස්‌. ට්‍රිවාන් 22, නිපුන් ලක්ෂාන් 3/19, මිහිරාන් විරංග 2/27.

මොරටුව ශ්‍රී චන්ද්‍රසේකර මධ්‍ය මහා විද්‍යාලය: 168/6 (46.4): ලක්ශිල සසිඳු 63, නිරාන් විරංග 41*, ජොනතන් ප්‍රසංග 3/11.

 >> ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<