පරාජයන් රැසකට පසු සංචිතය වෙනස් කරන ලකුණු; නායකයාත් අලුත් වෙයි?

3960

පසුගිය මාස කිහිපය පුරාවටම ලබා ගත් පරාජයන් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් නායක දිනේෂ් චන්දිමාල් හට එළඹෙන දකුණු අප්‍රිකානු සංචාරයේ දී යම් විවේකයක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇති බව විශ්වාසදායී ආරංචි මාර්ගවලින් ThePapare.com වෙත වාර්තා වේ.

හිතේ නිදහසත් අහිමි කරමින් තවත් තරගාවලි පරාජයක් ශ්‍රී ලංකාවට!

සකල ලෝකවාසී ශ්‍රී ලාංකිකයන් අද තම 71ක් වැනි අභිමානවත් නිදහස සමරන….

නායක චන්දිමාල්ගේ අවසන් ටෙස්ට් ඉනිම් 10 දෙස හැරී බලන කල ඔහු එම ඉනිම් ප්‍රමාණය තුල ලබාගෙන ඇත්තේ එක් අර්ධ ශතකයක් පමණි. ඒ නිසාවෙන් චන්දිමාල් හට එළඹෙන දකුණු අප්‍රිකානු තරග සංචාරයේ සිට ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුල යම් විවේකයddක් ලබා දීමට නව ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු  කරමින් සිටින බව දැන ගන්නට ලැබේ.

අද (4) ශ්‍රී ලංකාවට 2-0ක පරාජයක් හිමිකර දෙමින් නිමාව දුටු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරය තුල දී ද ඉනිම් 4ක් පුරාවට පිතිකරණයේ නිරත වූ නායක චන්දිමාල් ලබා ගත් වැඩිම ලකුණ ලෙස දත්ත සටහන්වල දැක්වෙන්නේ ලකුණු 15කි.

>>Photos : Sri Lanka Vs Australia 2nd Test – Day 4<<

නායක චන්දිමාල් අවසන් වරට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතකයක් වාර්තා කර ගත්තේ නිමා වූ නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයේ දෙවන ඉනිමේ දී ය.  

නිමා වූ අවසන් තරග කිහිපයේ දී ම ඔහු අංක 3 පිතිකරුවා ලෙස පිටියට පැමිණි අතර ක්‍රිකට් දත්ත පිරික්සා බැලූ කල ඔහු එම ස්ථානයේ සාර්ථක වී නොමැත. අංක 3 පිතිකරුවාට පසුව පිටියට පැමිණි අවස්ථාවල දී (නායකයා ලෙස ටෙස්ට් ඉනිම 24ක) ඔහුගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය ලකුණු 50කට ආසන්න මට්ටමක තිබුණි.

යම්හෙයකින් මේ මස 13 වැනිදා දකුණු අප්‍රිකාවේ සෙන්චූරියන් හිදී ආරම්භ වන ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට වත්මන් ටෙස්ට් ක්‍රිකට් නයක දිනේෂ් චන්දිමාල් ටෙස්ට් සංචිතයට ඇතුළත් නොකළහොත් එහි වගකීම වත්මන් උපනායකයා වන එසේම ලකුණු අතර සිටින දිමුත් කරුණාරත්න හට හිමි වෙනු ඇත.

ඔහු 2018 වසරේ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් දැක්වූ දස්කම් සැලකිල්ලට ගත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) 2018 වසරේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම සඳහා ද දිමුත් කරුණාරත්නව තෝරා ගත්තේය. මෙවර ජාත්‍යන්තරය හමුවේ එලෙස නම් තෝරා ගත් එකම ක්‍රීඩකයා ඔහුයි.

ශෂිකලා 1000 ඉක්මවා යද්දී සත්කාරකයින් තරගාවලිය ජය ගනී

සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කාන්තා….

නායකත්වයේ අසුන පිළිබඳව එසේ තොරතුරු වාර්තා වන විට මේ වන විට පැවැත්වෙන අන්තර් සමාජ දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ දැනට වැඩිම ලකුණු ලාභියා ලෙස තරගාවලියේ පිතිකරුවන් අතර ඉදිරියෙන්ම සිටින පිතිකරුවෙක් වන හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජයේ ඕෂද ප්‍රනාන්දු (තරග 9, ලකුණු 1181, ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 73.81) එළඹෙන දකුණු අප්‍රිකානු සංචාරය සඳහා නම් කිරීමට නියමිත ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතයට ඇතුළත්ව සිටින බව වාර්තා වේ.

එසේම නිමා වූ නවසීලන්ත ක්‍රිකට් තරගාවලිය අතරතුර ආබාධයකට ලක්වූ ඇන්ජලෝ මැතිව්ස් තවමත් පූර්ණ ලෙස සුවය ලබා නොමැති නිසා ඒ වෙනුවන් ශ්‍රී ලංකා මැදපෙළ සවිමත් කිරීමේ වගකීම මේ නවක ක්‍රීඩකයා වෙත පැවරීමට වැඩි ඉඩ කඩක් තිබේ.

තවද අද නිමා වූ ඕස්ට්‍රේලියානු තරග සංචාරය අතරතුර ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් සිව්දෙනෙක් වන සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර, නුවන්  ප්‍රදීප් හා ලහිරු කුමාර යන ක්‍රීඩකයින් ආබාධවලට ලක්වී සිටින නිසා ඔවුන් ඉන් පූර්ණ සුවය ලබාගන්නා තෙක් මේ වන විට ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින යොවුන් වේගපන්දු යවන්නන් අතරට කොළඹ BRC ක්‍රීඩා සමාජය නියෝජනය කරනු ලබන වයස අවුරුදු 23ක් වන මොහොමඩ් ශිරාස්ව කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ වැඩි අවධානය යොමු වී ඇත.

ඔහු ශ්‍රී ලංකා A කණ්ඩායම හා අයර්ලන්ත A කණ්ඩායම අතර පැවති නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තරග දෙකක තුල කඩුලු 7ක් දවා ගත් අතර මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තරග 7කට සහභාගී වී කඩුලු 23ක් දවා ගැනීමට ශිරාස් සමත් වී තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<