පරීක්ෂණය අසමත් වූ චන්දිමාල් වෙනුවට වෙනත් අයෙක් සංචිතයට

1715

ශ්‍රී ලංකා නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල් මේ මස 23 වැනිදා කොළඹ SSC පිටියේ දී ආරම්භ වන තෙවන ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීම සඳහා සුදුසු මට්ටමක සිටී ද යන්න පරීක්ෂා කිරීම වෙනුවෙන් ඊයේ (20) ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට සහභාගී වූ නමුත් චන්දිමාල් එම පරීක්ෂණය අසමත් වී තිබේ. ඒ නිසාවෙන් සංචාරක එංගලන්තය සමඟ පැවැත්වෙන තෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය වෙනුවෙන් ධනුෂ්ක ගුණතිලකව සංචිතයට කැඳවා ඇත.

අකිලගෙන් හිස් වන තැනට අයෙක් නම් කරයි

ශ්‍රී ලංකාව හා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ගාල්ලේ දී පැවති පළමු තරගය අතරතුර සැක සහිත ඉරියව්වකින් ක්‍රීඩා කළා යැයි චෝදනා ලැබූ දකුණත් පිට…

පළමු ටෙස්ට් තරගය අවසන් වූ පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික තේරීම් කමිටුව තවමත් ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනා නොමැති යොවුන් තුන් ඉරියව් ක්‍රීඩක චරිත් අසලංක දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය වෙනුවෙන් සංචිතයට කැඳවීමට පියවර ගත් අතර චන්දිමාල් තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයටත් ක්‍රීඩා නොකිරීම නිසා තවදුරත් අසලංකව ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය තුල රඳවා නොගෙන වමතින් පිත්ත හසුරුවන ආරම්භක පිතිකරුවෙක් වන ධනුෂ්ක ගුණතිලක ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවා ඇත.

පසුගිය දා ගාල්ලේ දී නිමා වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 211කින් පරාජයට පත්වූ අතර තරගය ආරම්භ වූ පළමු දිනයේ දෙවන කාල පරිච්ඡේදය තුල පිටියේ පන්දු රකිමින් සිටිය දී චන්දිමාල්ගේ පාදයේ මාංශ පේශි ඇදීමකට ලක්විය. එතැන් සිට පළමු ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ලැබුණේ වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් හටයි.

වයස අවුරුදු 27ක් වන ගුණතිලක ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරග 5ක් මේ දක්වා ක්‍රීඩා කරමින් අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 259ක් ලබාගෙන ඇත. ඊට අමතරව පන්දු යැවීමෙන් එක් කඩුල්ලක් ද දවාගෙන ඇත.

අසංලකට ටෙස්ට් වරම්; චන්දිමාල් සංචිතයෙන් ඉවතට

සංචාරක එංගලන්තය සමඟ මේ දිනවල පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ නිමා වූ පළමු ටෙස්ට් තරගය අතරතුර ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් පාදයේ මාංශ පේශි ඇදීමකට ලක්වී ඇති…

එංගලන්තය සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ අතිරේක ක්‍රීඩකයන් කිහිප දෙනා අතර සිටි ක්‍රීඩකයින් ද සැලකිල්ලට නොගෙන ගුණතිලකව තෙවන හා අවසන් ටෙස්ට් තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ආදේශ කර තිබේ.

මේ වන විට ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ සිටින දකුණතින් පිත්ත හසුරුවන මැදපෙළ පිතිකරුවෙක් වන රොෂේන් සිල්වා චන්දිමාල්ගේ ස්ථානයත්, ධනුෂ්ක ගුණතිලක විසින් කෞශාල් සිල්වාගේ ස්ථානයත් පිරවීමට වැඩි ඉඩකඩක් තිබේ. තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දීත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වීමේ වගකීම ලබා දී ඇත්තේ වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් වෙතයි.

දෙරට අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය මේ මස 23 වැනිදා කොළඹ SSC ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන අතර මේ වන විට 2-0ක් ලෙස සංචාරක එංගලන්ත කණ්ඩායම තරගාවලියේ පෙරමුණ ගෙන සිටින්නේ තරගාවලියේ ජයත් තහවුරු කරගෙනයි. එම තරගයේ තොරතුරු දැනගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<