ප්‍රබල තුරුම්පු කිහිපයක් නවසීලන්ත තරගාවලියට සූදානමින්

5077

පසුගිය දා නිමා වූ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය අතරතුර ද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් හට විවිධ සිදුවීම්, විවිධ ආබාධවලට මුහුණ දීමට සිදු වූයේ එංගලන්ත කණ්ඩායම හමුවේ ලද තරග පරාජයන් වලට අමතරවයි.

ශ්‍රී ලංකා – නවසීලන්ත තරග කාලසටහන නිකුත් වේ

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා නවසිලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන..

කෙසේ නමුත් එම තරගාවලිය තුල ආබාධවලට ලක්වූ කුසල් ජනිත් හා දිනේෂ් චන්දිමාල් එළඹෙන 15 වැනිදා ආරම්භ වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය සඳහා ඉතාමත් හොඳ ශාරීරික යෝග්‍යතාවයකින් පසුවෙන බව වාර්තා වේ.

නිමා වූ එංගලන්ත එක්දින ක්‍රිකට් තරගාවලියේ පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගය අතරතුර වමතින් පිත්ත හසුරුවන කුසල් ජනිත් පෙරේරා යම් ආබාධයකට ලක්වීම නිසාවෙන් එංගලන්ත තරගාවලියේ පැවති අවසන් එක්දින ක්‍රිකට් තරග, විස්සයි විස්ස හා ටෙස්ට් තරග සියල්ලම අහිමි වී ගියේය. තවද ගාල්ලේ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ දී පාදයේ (ඉකිලි ආශ්‍රිතව) මාංශ පේශි ඇදීමකට ලක්වීම නිසා ශ්‍රී ලංකා නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල් හට තරග 3කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් ටෙස්ට් තරග දෙකම අහිමිව යන ලදි.

>> ලැබ්රෝයි ඇතුළු තේරීම් කමිටුව ගෙදර යවයි

එපමණක් නොව පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණත් පිට දඟපන්දු යවන ක්‍රීඩක අකිල දනංජයගේ පන්දු යැවීම සැක සහිත යැයි පිටියේ විනිසුරුවරුන් වාර්තා කිරීම නිසා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) පවත්වනු ලබන පන්දු යැවීමේ ඉරියව්ව පරික්ෂා කිරීම සඳහා ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර බලා පසුගිය (20) පිටත්ව යාම නිසා දෙරට අතර පැවැත්වුණු තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමට අකිලට නොහැකි විය.

කෙසේ නමුත් අකිලගේ පන්දු යැවීමේ ඉරියව් පරීක්ෂා කිරීම සඳහා පැවැත්වූ පරීක්ෂණය මේ මස 23 වැනිදා පැවැත්වුණු අතර එදින සිට දින 14ක් ඇතුළත (දෙසැම්බර් 7ට පෙර) අකිලගේ පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබීමට නියමිත නිසා එහි ප්‍රතිඵල යහපත් වුවහොත් චන්දිමාල්, කුසල් ජනිත් හා අකිල ද නව ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නවසීලන්ත ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරනු ලබන ශ්‍රී ලංකා කණ්ඩායමට ඔවුන්ගේ දායකත්වය ද සලකා බලනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<