අකිලට හා චන්දිමාල්ට පළමු තරග කිහිපය මඟ හැරෙන ලකුණු

891

ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය සහ මැදපෙළ පිතිකරු දිනේෂ් චන්දිමාල් යන දෙදෙනා මේ මස 15 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිත ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මුල් තරග කිහිපය ක්‍රීඩා නොකිරීමට ඉඩ ඇති බව වාර්තා වේ.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන එංගලන්ත ක්‍රීඩකයා

එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ලාභියා මෙන්ම, වැඩිම ශතක ලාභියා ද වන හිටපු එංගලන්ත නායක ඇලෙස්ටයාර් කුක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා.

සිය පවුලේ පෞද්ගලික හේතුවක් නිසා දිවයිනේ රැඳී සිටීමට තමාට නිවාඩු ලබා දෙන මෙන් අකිල ධනංජය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලිඛිත ඉල්ලීමක් ද කර තිබේ. එම හේතුව නිසාවෙන් අකිල ධනංජය ක්‍රීඩා නොකරන බව පැවසෙන අතර තරගාවලිය අතරතුර දී ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වීමට බලාපොරොත්තුවෙන් සිටී.

ආසියානු කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන 11 වැනිදා රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව යෑමට නියමිත අතර එදිනට පෙර අකිල ධනංජය පිය පදවිය ලදහොත් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමත් සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටව යනු ඇත.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි මහතා මෙසේ සිය අදහස් පැවසීය.

“සැප්තැම්බර් 15 සහ 17 අතර කාලයේ අකිල ධනංජයගේ බිරිඳට, ඔවුන්ගේ පළමු දරුවා ලැබීමට නියමිතව ඇති නිසා ඔහු ශ්‍රී ලංකා සංචිතයට නම් කළත් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් ඩුබායි බලා පිටත්ව යන්නේ නැහැ. මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට පිට දඟපන්දු යවන්නකු සිටීම ඉතා වැදගත්. ඒ අනුව අපි දිල්රුවන් පෙරේරාව ශ්‍රී ලංකා සංචිතයට නම් කළා. කෙසේ වෙතත් එක්දින තරග ආකෘතියේ දී අපගේ අංක එකේ පන්දු යවන්නා වන්නේ අකිල. මේ හේතුව නිසායි 15 දෙනකුගෙන් සමන්විත සංචිතයක් වෙනුවට 16 දෙනකුගෙන් සමන්විත සංචිතයක් නම් කිරීමට අපි තීරණය කළේ” යනුවෙන් ප්‍රකාශ කර තිබේ.

මේ අතර පසුගිය දා නිමාවට පත්වූ ‘SLC T20’ අන්තර් පළාත් විස්සයි-විස්ස ක්‍රිකට් තරගාවලියේ තරගයක් අතරතුර කොළඹ කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් උඩ පන්දුවක් රැක ගැනීමට යෑමේ දී පන්දුවක් අතේ වැදීම නිසා ඔහුගේ මැද ඇඟිල්ලේ ආබාධයකට ලක්වී ඇති බව ද දැන ගන්නට ලැබී ඇත.

ඒ අනුව ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට පෙර ඔහුගේ ආබාධය සුව නොවුනහොත් මෙම තරගාවලියේ මුල් තරග කිහිපය සඳහා චන්දිමාල්ගේ සහභාගිත්වය ද අවිනිශ්චිත වන අතර චන්දිමාල්ගේ තත්වය පිළිබඳව මේ මස 10 වැනිදා යළි පරික්ෂා කරන බවත්, ඉන් අනතුරුව ආසියානු කුසලාන තරගාවලියට ඔහුගේ සහභාගීත්වය කෙසේ වේවි දැයි ප්‍රකාශ කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<