හතුරුසිංහ ක්‍රිකට් ආයතනයෙන් වන්දි ඉල්ලයි

133

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරු වන චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ඇමරිකානු ඩොලර් මිලියන 5ක වන්දියක් ඉල්ලමින් ලිපියක් යොමු කර ඇත. තම පුහුණුකාර කොන්ත්‍රාත්තුව නියමිත කාලයට පෙර අවසන් කරමින් තම කීර්ති නාමයට කළ අපහාසය වෙනුවෙන් මෙලෙස වන්දියක් ඉල්ලීමට ඔහු කටයුතු කර ඇත. 

ඉර්ෆාන් පතාන් ක්‍රිකට් දිවියට තිත තබයි

ඉන්දියාවෙන් බිහිවුණු තවත් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන වමතින් වේගපන්දු යවන…….

මෙම චෝදනාවට අදාළ පරීක්ෂණය ස්විස්ටර්ලන්තයේ ජිනීවා හිදී පැවැත්වෙන අතර මේ වන විට චන්දික හතුරුසිංහ මහතා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හි තම නිවස වෙත ගොස් ඇත. මෙම ගැටලුවට අදාළ නීතිමය කටයුතු ඒ මහතාගේ නීතිඥයන් විසින් සිදු කරනු ලබයි. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ හතුරුසිංහ මහතා මෙලෙස වන්දියක් ඉල්ලා සිටින බව තමන් මුල සිට දැන සිටි බවත් ඒ පිළිබඳව නීතිමය පියවර සඳහා ඔවුන් සූදානම්ව සිටින බවත්ය.

ක්‍රිකට් ආයතන නිලධාරියෙකු තවදුරටත් පවසා සිටියේ ඔවුන් හතුරුසිංහ වෙත වන්දියක් ගෙවීමට සූදානම් නමුත් එම මුදල ඔහු ඉල්ලා සිටින මුදල තරම් විශාල මුදලක් ගෙවීමට සූදානම් නැති බවත්ය.

හතුරුසිංහ මහතාගේ කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් පාර්ශව දෙකම මීට පෙර සාකච්ඡා කළ අතර එහි දී හතුරුසිංහ මහතා පවසා සිටියේ තම ගිවිසුමෙහි ඉතිරිව ඇති මාස 18ක කාලය සඳහා වන ගෙවීම් අවශ්‍ය බව පවසා තිබුණි. 

එය ඇමරිකානු ඩොලර් මිලියනයකට ආසන්න විය. කෙසේ වෙතත් එයට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා සිටියේ ඔවුන් හතුරුසිංහ මහතා වෙත මාස 6ක ගෙවීම් පමණක් සිදු කිරීමට සූදානම් බවයි. එම සාකච්ඡා අසාර්ථක වීමෙන් අනතුරුව හතුරුසිංහ මහතා මෙලෙස නීතිමය පියවර ගැනීමට තීරණය කර ඇත. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් හතුරුසිංහ මහතා 2017 වසරේ ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ලෙස බඳවා ගත් අතර ඒ වන විට ඔහුගේ මාසික වැටුප ඇමරිකානු ඩොලර් 40,000ක් පමණ විය. 

කෙසේ වෙතත් හතුරුසිංහ මහතාගේ කොන්ත්‍රාත්තුව අවසන් කරන විට ඔහුගේ මාසික වැටුප ඇමරිකානු ඩොලර් 60000කට ආසන්නව තිබුණි. 2020 වසරේ දෙසැම්බර් මාසය දක්වා එම ගිවිසුම අත්සන් කර තිබුණි. 

කෙසේ වෙතත් පසුගිය වසරේ ජූලි මාසයේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් වීමෙන් පසු එවකට ක්‍රීඩා අමාත්‍යවරයා වූ හරීන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත පවසා සිටියේ හතුරුසිංහ මහතාගේ ගිවිසුම පිළිබඳව නැවත සලකා බලන ලෙසයි. 

එම ගිවිසුම පිළිබඳව පැවති සාකච්ඡා අසාර්ථක වීම නිසා හතුරුසිංහ මහතා ඉවත්කොට මිකී ආතර් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ලෙස බඳවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළේය. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා සිටියේ ඔවුන් හතුරුසිංහ මහතා වෙත ගෙවූ මාසික වැටුපෙන් මේ වන විට ක්‍රිකට් පුහුණුකරුවන් පස්දෙනෙකු කළමනාකරණය කරන බවයි. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇමරිකානු ඩොලර් 60,000ක මුදලකින් මිකී ආතර්, ග්‍රාන්ට් ෆ්ලවර්, ශේන් මැක්ඩර්මොට්, ඩේවිස් සාකර් හා ටිම් මැක්කස්කිල් හට ගෙවීම් සිදු කරනු ලබයි. 

හතුරුසිංහ සමඟ සාකච්ඡා පැවැත්වීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඔහුගේ දක්ෂතා පිළිබඳව ඇගයීමක් සිදු කළේය. හතුරුසිංහ සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායම ලද ප්‍රධානම ජයග්‍රහණය ලෙස දකුණු අප්‍රිකාවේ දී ලද ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය එහි දී හඳුනා ගෙන ඇත. 

දකුණු අප්‍රිකාවේ දී ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක් ලබා ගත් තුන්වැනි කණ්ඩායම බවට ශ්‍රී ලංකා කණ්ඩායම පත්වූ අතර ඕස්ට්‍රේලියාව හා එංගලන්තය මීට පෙර එම දක්ෂතාවය දක්වා තිබුණි. 

දේශීය පළමු පෙළ තවත් විස්සයි විස්ස තරගාවලියක් ඇරඹෙයි

2019/20 ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත අන්තර් සමාජ පළමු පෙළ දේශීය පන්දුවාර 20-20……

මෙම සිදුවීම සම්බන්ධයෙන් හතුරුසිංහ මහතා වෙත චෝදනා පත්‍රයක් ළඟදීම ඉදිරිපත් කරනු ඇත. ඔහුට ගෙවන ලද ගෙවීමට අනුරූප දක්ෂතා කණ්ඩායම වෙතින් ඉදිරිපත් නොවීම ඔහුට විරුද්ධ ප්‍රබලතම චෝදනාව වනු ඇත. 

එයට විරුද්ධව කරුණු ඉදිරිපත් කිරීමට හතුරුසිංහ ද සූදානම්ව ඇත. තවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපකීර්තියට පත්කිරීමේ චෝදනාවක් ද ඔහුට විරුද්ධව ඉදිරිපත්ව ඇත. බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය අතරතුර සිදු වූ පන්දුව පළුදු කිරීමේ චෝදනාව එයට හේතුවයි. එහි දී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් ප්‍රධාන පුහුණුකරු, නායකයා හා කණ්ඩායම් කළමනාකරු තරග තහනමකට ලක් කෙරිනි. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මෙලෙස පුහුණුකරුවන් ඉවත් කිරීම සම්බන්ධයෙන් අපකීර්තිමත් ඉතිහාසයක් පවතින අතර 2012 වසරේ දී ජෙරෆ් මාර්ශල් එලෙස ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නීතිමය ගැටලුවකට මුහුණ දීමට සිදු විය.

The Sunday Island පුවත්පතේ පල වූ ලිපියක සිංහල පරිවර්තනයකි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<