චානක චන්දිමාල් රග්බි සංචිතයෙන් ඉවතට

278

ලබන මස ආරම්භ වීමට නියමිත ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන රග්බි සංචිතයේ සිටි ක්‍රීඩක චානක චන්දිමාල්, පැපොල රෝගය වැළදීම නිසාවෙන් එම තරගාවලියේ පළමු අදියර සඳහා ක්‍රීඩා නොකරන බව වාර්තා වේ.

නවක මුහුණු ද සමඟ සත් සාමාජික රග්බි කණ්ඩායම නිකුත් වේ

2017 වර්ෂයේ සැප්තැම්බර් මස දී පැවැත්වීමට නියමිතව තිබෙන ආසියානු සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා..

නාවික හමුදා රග්බි ක්‍රීඩා සමාජයේ fly-half ස්ථානයේ ක්‍රීඩා කරන චානක චන්දිමාල්, මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක් වන අතර, ශ්‍රී ලංකා රග්බි සත් සාමාජික කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යාමට දින දෙකක් තිබිය දී චානක මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී ඇත.

ඔහුව මෙම සංචිතය සඳහා තෝරා ගැනීම සිදු කර ඇත්තේ, දේශීය මට්ටමින් ශ්‍රී ලංකාව තුල පැවැත්වූ සත් සාමාජික රග්බි තරග තුල දැක්වූ දස්කම් නිසාවෙනි.

රෝගාතුරව සිටින චානක චන්දිමාල් වෙනුවට වයස අවුරුදු 28ක් වන කෙවින් ඩික්සන් ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි සංචිතයට ඇතුළත් කොට ඇති අතර, ඔහු ශ්‍රී ලංකා වයස අවුරුදු 20න් පහළ රග්බි කණ්ඩායමේ හිටපු නායකයෙකු ද වේ.

මෙම තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායම සුදර්ශන මුතුතන්ත්‍රි විසින් මෙහෙයවනු ලබන අතර, ශ්‍රී ලංකා රග්බි සත් සාමාජික කණ්ඩායම හෙට (29) ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියර පැවැත්වෙන හොංකොං දේශය බලා පිටත්ව යනු ඇත.

  තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට