ජාතික කණිෂ්ඨ දැල් පන්දු තරගාවලිය ජුනි 4 සහ 5

353

ජාතික කණිෂ්ඨ දැල් පන්දු ශූරතාවලිය එලඹෙන මස 4 සහ 5 යන දිනයන් වල ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදි පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

මෙම ශූරතාවලිය කිහිප වතාවක් කල් දැමීමට ලක් වු අතර එය මැයි මස 28 සහ 29 පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබු අතර කෙසේ නමුත් පවතින අයහපත් කාළගුණ තත්වය යටතේ එය ජුනි මස දක්වා කල් දමා ඇත.

කරග සංවිධායකයින් එක් පළාතකින් කණ්ඩායම් දෙකක් වනසේ කණ්ඩායම් 20 දක්වා  සහභාගී වීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකා යොවුන් දැල් පන්දු කණ්ඩායම 2017 දී බොස්නියා හිදි පැවැත්වීමට නියමිත ලෝක යොවුන් දැල් පන්දු තරගාවලිය සඳහා සූදානම් වන බැවින්, මෙම ශූරතාවලියද තරමක් දක්ෂතා සෝදිසි කර බැලීමට පවත්වන තරගයකි.

මෙම වසර මුල දී ආසියානු ශූරතාවය දිනාගැනීමේ ප්‍රතිඵලයක් ලෙස ලෝක ශූරතාවලිය සඳහා යොවුන් දැල් පන්දු කණ්ඩායම සුදුසුකම් ලැබූහ. අනුශූරතාවය දිනාගත් මැලේසියාව හා 3වන ස්ථානය දිනාගත් තායිලන්තය මෙම ජාත්‍යයන්තර තරගයට සුදුසුකම් ලැබීමට සමත් වු කලාපයේ අනෙකුත් කණ්ඩායම් වේ.

ලෝක තරුණ ශූරතාවලිය සදහා වන පෙර පුහුණු වීම් මෙම වසර අගදි ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ.

තවත් පුවත් සදහා පිවිසෙන්න