ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ කුසලානය ඉන්දියාවට ද නැතිනම් පකිස්තානයට ද යන්න තීරණය කරනු ලබන තීරණාත්මක අවසන් මහා තරගය හෙට (18) එංගලන්තයේ ලන්ඩන් නුවර, කෙනින්ටන් ඕවල් පිටියේ දී පැවැත්වෙන අතර එය වඩාත් තරගකාරී හා තියුණු මුහුණුවරක් ගනු ඇතැයි දැනටමත් විචාරකයන් මත පළකර ඇත. මේ එම සුපිරි ද්වන්ද සටනේ පෙර විමසුමයි.

පකිස්තානු ශ්‍රී ලංකා තරගයේ වැඩි වාසිය කා හට ද?

ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය වඩාත්ම උණුසුම් වනු ඇතැයි බලාපොරොත්තුවක් තැබිය හැකි සහ ඉතාමත් තීරණාත්මක තරගයක් හෙට (12) ශ්‍රී ලංකාව හා පකිස්තානය අතර…

ඉන්දියාව හා පාකිස්තාන කණ්ඩායම ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරගවල දී  B කාණ්ඩයෙන් තරග වැදුණු අතර, එහි පළමුවැන්න වීමට ඉන්දීය කණ්ඩායම සමත් වෙද්දී , එහිම දෙවැන්නා වීමට පාකිස්තානු කණ්ඩායමට හැකි විය. අවසන් පූර්ව තරගවල දී පාකිස්තානය විසින් එංගලන්ත කණ්ඩායම කඩුලු 8කින් හා ඉන්දීය කණ්ඩායම විසින් බංග්ලාදේශය කඩුලු 9කින් පරාජයට පත් කර මෙම අවසන් මහා තරගයේ තම අසුන් වෙන්කර ගන්නා ලදි.

[rev_slider ct17-dsccricket]

ඒ අනුව ජයග්‍රාහී මානසික මට්ටමකින් යුතුව ඉන්දියාව හා පාකිස්තාන කණ්ඩායම් ද්විත්වයම මෙම තරගයට අවතීර්ණ වීමට සූදානමින් පසු වේ.

මුහුණට මුහුණ

ඉන්දීය කණ්ඩායම හා පාකිස්තානු කණ්ඩායම මේ දක්වා අන්තර්ජාතික එක්දින ක්‍රිකට් තරග 128කට ක්‍රීඩා කර ඇති අතර, එයින් තරග 72ක ජය පාකිස්තානු කණ්ඩායම සතු වෙද්දී ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කර ඇත්තේ තරග 52ක් පමණි. තවද එයින් තරග 4ක් ප්‍රතිඵලයක් රහිතව අවසන් වී ඇත.

දැනට නිමා වී ඇති ශූරයින්ගේ කුසලාන තරගාවලි 7 තුල දී ම පකිස්තානය හා ඉන්දියාව එකිනෙකා මුණ ගැසී ඇත්තේ, තරග 4ක දී පමණක් වන අතර, ඉන් තරග දෙක බැගින් දෙපිළම ජයග්‍රහණය කර ඇත. ඉන්දීය කණ්ඩායම මෙම තරගාවලි ඉතිහාසයේ 2000, 2002, 2013 යන වර්ෂවල දී ශූරයින්ගේ කුසලානයේ අවසන් මහා තරගවලට පැමිණ ඇති අතර, ඉන් අවස්ථාවන් දෙකක දී ම ශූරතාවය ජයග්‍රහණය කර ඇත. පාකිස්තානු කණ්ඩායම ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයකට පැමිණි ඇති පළමු අවස්ථාව මෙයයි. එසේම ඉන්දීය කණ්ඩායම මෙම තරගයට අවතීර්ණ වන්නේ වර්තමාන ශූරයින් ලෙසයි.

දෙපිලේම ප්‍රහාරාත්මක තරු

  • මොහොමඩ් හෆීස්

Mohammad-Hafeezදකුණතින් පිතිකරණයේ නිරත වන තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් හෆීස්  අන්තර්ජාතික එක්දින ක්‍රිකට් තරග 189ක් ක්‍රීඩා කර ඇති අතර, ජාත්‍යන්තර පන්දු හමුවේ ලකුණු 5819ක් ලබා ගෙන ඇත්තේ ලකුණු 32.69ක පමණ වන සැලකිය යුතු මට්ටමේ ලකුණු සාමාන්‍යයක් ද රඳවා ගෙනයි. හෆීස්ගේ එම ලකුණු අතරට ශතක 11ක් හා අර්ධ ශතක 31ක් ඇතුළත්ව ඇත. එසේම පන්දු යැවීමේ දී  කඩුලු 133ක් දවා ගැනීමට ඔහු සමත් වී ඇත.

  • විරාට් කෝලි

during the ICC WT20 India Group 2 match between India and Australia at I.S. Bindra Stadium on March 27, 2016 in Mohali, India.

නිමා වූ ශ්‍රී ලංකා  තරගයේ දී හැර අන් තරග සියල්ලක දී ම අර්ධ ශතක ලබාගෙන අගනා කාර්යභාරයක් ඉටු කළ නායක කෝලි, හෙට පැවැත්වෙන පාකිස්තානු තරගයේ දී වඩාත් වැදගත් සාධකයකි. ජාත්‍යන්තර එක්දින  තරග 183කට තම දායකත්වය දක්වා ඇති කෝලි, එහි දී ලකුණු 8008ක් රැස්කරගෙන ඇත්තේ ලකුණු 54.47ක් වැනි සැලකිය යුතු ඉහළ මට්ටමේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් ද රඳවා ගෙනයි. තවද ඔහු අර්ධ ශතක 42ක් හා ශතක 27ක් ලබාගෙන ඇති අතර, වේගවත් පිතිකරණ විලාසයකට ඉක්මනින්ම මාරු වීමට හැකියාව ඇති ක්‍රීඩකයෙකි.

  • අසාර් අලී

Asar Aliදකුණතින් පිත්ත හසුරුවන පාකිස්තානු ආරම්භක පිතිකරු වන අසාර් අලී, අන්තර්ජාතික එක්දින ක්‍රිකට් තරග 49කට ක්‍රීඩා කර ඇත. එහි දී ලකුණු 38.56ක් වැනි ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙන ක්‍රීඩා කරන ඔහු ලකුණු 1774ක් රැස්කරගෙන ඇත. ඒ ලකුණු අතරට අර්ධ ශතක 11ක් ඇතුළත් වන අතර ශතක 3ක් ද අන්තර්ගතව ඇත. තවද නිමා වූ අවසන් පූර්ව තරගයේ දී එංගලන්තයට එරෙහිව ලකුණු 76ක් ලබාගෙන පාකිස්තාන කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා විශාල මෙහෙයක් සිදු කරන ලද ක්‍රීඩකයෙක් ලෙස ද මොහුව හැඳින්විය හැක.

  • ශිකර් ධවාන්

dhawanඉන්දීය කණ්ඩායමේ ආරම්භක වමත් පිතිකරු ධවාන්, මේ වන විට එක්දින පිටියේ දී ලකුණු 3407ක් ලබාගෙන ඇත්තේ ජාත්‍යන්තර එක්දින තරග 80කට පමණක් ක්‍රීඩා කරමිනි. ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ලකුණු 44.82ක් වැනි මට්ටමක ඇති ධවාන්, මෙම තරගයේ දී  ඉන්දීය  ඉනිමට වැදගත්ම වන පිතිකරුවෙකි. ඔහු අර්ධ ශතක 19ක් හා ශතක 10ක් ලබා ගෙන තම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවිය වර්ණවත් කරගෙන ඇත.

.

ප්‍රබල පන්දු යවන්නන්

  • ජාස්ප්‍රිට් බුම්රා

CRICKET-AUS-INDපාකිස්තානු පිතිකරුවන් වුවද දකුණතින් මඳ වේග පන්දු යවන බුම්රාගේ පන්දු හමුවේ තරමක දෙගෙඩියාවකින් යුතුව පන්දුවට පහර දෙයි. ඒ ඔහුගේ වෙනස් හා අපූරු පන්දු යැවීමේ විලාසය නිසාවෙනි. බුම්රා ජාත්‍යන්තර එක්දින  තරග 15ක දී  කඩුලු 26ක් දවා ගැනීමට සමත් ව ඇති අතර, එක් පන්දු වාරයකට දළ වශයෙන් ලකුණු 6.58ක පමණ ලකුණු ප්‍රමාණයක් ජාත්‍යන්තර තලයේ සිටින පිතිකරුවන්ට ලබා දී ඇත. සිය හොඳම පන්දු යැවීම ලෙසින් ලකුණු 11කට කඩුලු 3ක් ලබා ගැනීම ක්‍රිකට් ඉතිහාස පොතේ සඳහන් වී තිබේ.

  • ජුනෙයිඩ් කාන්

Junaid

.

වමත් වේග යවන්නෙකු ලෙස පාකිස්තාන පන්දු බල ඇණිය සවිමත් කරන 27 හැවිරිදි ජුනයිඩ්, ජාත්‍යන්තර එක්දින තරග 61ක දී කඩුලු 93ක් දවා ගැනීමට සමත් වී ඇති අතර, කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 28.21ක් ලෙසින් දැක්වෙයි. එසේම ජුනයිඩ් එක් පන්දුවාරයකට පිතිකරුවන්ට දළ වශයෙන් ලකුණු 5.37ක් පමණ  ලබා දී ඇත. ඔහුගේ හොඳම පන්දු යැවීමේ වාර්තාව ලෙස ලකුණු 12කට කඩුලු 4ක් දවා ගැනීම සටහන් වේ.

.

  • රවිචන්ද්‍රන් අශ්වින්

Ashwinදකුණත් පිට දඟ පන්දු යවන්නෙකු මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන අශ්වින්, ජාත්‍යන්තර එක්දින තරග 107ක දී කඩුලු 146ක් දවා ගැනීමට සමත් වී ඇත. 32.82ක් වැනි හොඳ මට්ටමේ කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් සහිත අශ්වින්, පන්දු සංකලනයක් සහිතව පන්දු යවන ක්‍රීඩකයෙකි. මේ අපූරු ක්‍රීඩකයා ජාත්‍යන්තර එක්දින තලයේ සිය හොඳම පන්දු යැවීම ලෙස ලකුණු 25කට කඩුලු 4ක් දවා ගෙන ඇති ඔහු සාමාන්‍යයෙන් පිතිකරුවන්ට එක් පන්දුවාරයකට දළ වශයෙන් ලකුණු  4.91ක් පමණ ලබා දී ඇත.

  • හසන් අලී

Hassan Ali

.

දකුණත් මඳ වේග පන්දු යවන්නෙකු ලෙසින් පකිස්තාන කණ්ඩායම සතුව සිටින යොවුන් තරුවක් වන හසන් අලී මේ වන විට ජාත්‍යන්තර එක්දින තරග 20ක් ක්‍රීඩා කර ඇති අතර, කඩුලු 39ක් දවා ගැනීමට සමත් වී ඇත. ලකුණු 38කට කඩුලු 5ක් දවා ගැනීම  ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වී ඇති අලී, එක් පන්දුවාරයකට දළ වශයෙන් ලකුණු 5.57ක් පමණ පිතිකරුවන්ට ලබා දී ඇත. එසේම අවසන් තරග 3 තුල දී කඩුලු 3 බැගින් සෑම තරගයක දී ම දවා ගැනීමට ඔහු සමත් වී ඇත.

.

ඕවල් තණතීරුව, පිටිය හා කාලගුණය

ප්‍රේක්ෂකයින් 26,000කට පමණ තරග නැරඹීමට හැකි ලෙස සැලසුම් කර ඇති මෙම ක්‍රීඩා පිටියේ තණතීරුව මත ඉන්දීය  කණ්ඩායම හා පාකිස්තානු කණ්ඩායම කිසිදු එක්දින ජාත්‍යන්තර තරගයක දී මෙම පිටියේ දී මුණ ගැසී නැත.

තවද ඉන්දියාව මෙම තණතීරුවේ දී එක්දින ජාත්‍යන්තර තරග 14කට මුහුණ දී ඉන් තරග 5ක් ජයග්‍රහණය කර ඇති අතර, තරග 8ක් පරාජය වී ඇත. එසේම තවත් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන්ව ඇත. පාකිස්තානය ද මෙම පිටියේ දී තරග 9කට සහභාගි වී ඇති අතර, ඉන්  තරග 2ක් ජයග්‍රහණය කර ඇත.

එසේම මෙම තණතීරුව පන්දු යවන්නන්ට මෙන්ම පිතිකරුවන්ට ද ඉතා උචිත තණතීරුවක් ලෙස හැසිරේ.

කාසියේ වාසිය ජයග්‍රහණය කරන කණ්ඩායම පළමුව පන්දු යැවීම වඩාත් සුදුසු වෙයි.

කාලගුණික තත්ත්වය නිරීක්ෂණය කළ විට වර්ෂාවෙන් තරගයට බාධා එල්ල වීමට ඇති සම්භාවිතාව ඉතාමත් අවම මට්ටමක පවතියි. තවද 25°C –  27°C පමණ තරමක උචිත උෂ්ණත්වයක් කෙනින්ටන් ඕවල් පිටියට අවට ප්‍රදේශයේ දක්නට ලැබේ.

වර්තමාන තත්ත්වය

ඉන්දීය කණ්ඩායම පාකිස්තානු කණ්ඩායමට සාපේක්ෂව තරමක් පෙරමුණේ පසුවන කණ්ඩායමක් වන අතර, පාකිස්තානුවන් දැනට (ජුනි 16) අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 7 වැනි  ස්ථානයේ පසුවෙයි. ඔවුන් එම ශ්‍රේණිගත කිරීමේ දී ලකුණු 3717ක් ලබාගෙන සිටින්නේ ප්‍රසාද ලකුණු 93ක් හිමි කර ගෙනයි. 2 වන ස්ථානයේ පසුවන ඉන්දීය කණ්ඩායම ලකුණු 4127ක් ලබාගෙන සිටින්නේ ප්‍රසාද ලකුණු 118ක් ලබා ගෙනයි.

අවසන් නිගමනය

ඉන්දීය කණ්ඩායම හා පාකිස්තානු කණ්ඩායම අවසන් වරට මෙම තරගාවලියේම මූලික වටයේ තරගයක දී එකිනෙකා මුණ ගැසී ඇත. එම තරගයේ ජය ඉන්දීය කණ්ඩායම සතු විය. එසේම තරග ඉතිහාසය පිරික්සා බලන කල පකිස්තානු කණ්ඩායම පෙරමුණේ පසු වුවත්, මහත්වරුන්ගේ ක්‍රීඩාව ලෙස සැලකෙන ක්‍රිකට්වල දී එම තරගය තුල අඩුපාඩු හා දුර්වලතා අවම ලෙස පවත්වා ගත් කණ්ඩායමට නිසැකවම ජයග්‍රහණය කිරීමට හැකිය. තවද  ක්‍රිකට් යනු බොහෝ සෙයින්ම අවිනිශ්චිතතාවය මත රැඳුණු ක්‍රීඩාවක් වන අතර, ඒ කියමනට හොඳම නිදසුන වන්නේ නවසීලන්තය හා බංග්ලාදේශ අතර පැවැත්වූ තරගයේ ප්‍රතිඵලයයි.

අපේක්ෂිත සංචිතය

ඉන්දියාව විරාට් කෝලි (නායක), මහේන්ද්‍ර සිං දෝනි, යුවරාජ් සිං, ශිකර් ධවාන්, රෝහිත් ශර්මා, කේදර් ජාදෙව්, ජාස්ප්‍රිට් බුම්රා, රවින්ද්‍ර ජඩේජා, රවිචනද්‍රන් අශ්වින්, හාර්ඩ්ක් පාන්ඩයා, බුවනේශ්වර් කුමාර්.

පාකිස්තානය ශෆ්රාස් අහමඩ් (නායක), අසාර් අලී, ෆක්හාර් ස්මාන්, මොහොමඩ් හෆීස්, ශොයිබ් මලික්, බාබර් අසාම්, ඉමෑඩ් වසීම්, මොහොමඩ් අමීර්, හසන් අලී, ජුනයිඩ් කාන්, ශදබ් කාන්.

පාකිස්තානය හා ඉන්දියාව අතර පැවැත්වෙන තියුණු හා උණුසුම් අවසන් මහා තරගය හෙට (18) එංගලන්තයේ ලන්ඩන් නුවර, කෙනින්ටන් ඕවල් පිටියේ දී ශ්‍රී ලංකා වේලාවෙන් සවස 3.00ට ආරම්භ වේ.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට