Liverpool හා PSG පළමු දිනයේ දී පසුබසියි

65

ශූරයින්ගේ ලීග් තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයේ තරග ඊයේ (18) ආරම්භ වුණා.

Liverpool හා Athletico Madrid

ප්‍රබල Liverpool කණ්ඩායම ගෝල 1-0ක් ලෙස පරාජය කරමින් පෙරළිකාර ජයක් වාර්තා කරන්නට Athletico Madrid කණ්ඩායම සමත් වුනා. තරගයට සත්කාරකත්වය දැක්වූයේ Wanda Metropolitano ක්‍රීඩා පිටියයි.

Virgil van Dijk: මරු කටේ සිට ශ්‍රේෂ්ඨත්වය කරා

Virgil van Dijk මීට දශකයකට පමණ පෙර මාරයා සමඟ දැඩි සටනක ………

ස්පාඥ්ඥ මැද පෙළ ක්‍රීඩක Saul Niguez තරගයේ එකම හා ජයග්‍රාහි ගෝලය සිව්වැනි මිනිත්තුවේ දී වාර්තා කළා. ඒ corner අවස්ථාවකින් ලැබුණු පන්දුවක් හරවා දැල වෙත එල්ල කරමින්. 

දෙවන අර්ධයේ දී Mohamed හා නායක Jordan Henderson ගෝල රැස් කිරීමට දැඩි උත්සහයක නිරත වුනත් ඔවුන්ගේ එම උත්සාහයන් අවාසනාවන්ත ලෙස අසාර්ථක වුනා.

Madrid ක්‍රීඩකයින් තරගය පුරාවට අලංකාර ආරක්ෂක ක්‍රීඩා විලාසයක නිරත වුණු අතර ඔවුන් Salah, Roberto Firmino හා Sadio Mane යන ප්‍රහාරකයින් තිදෙනාටම සුපුරුදු දස්කම් අතරට පිවිසීමට ඉඩක් තැබුවේ නැහැ. පළමු අර්ධයේ දී Mane, Sime Vrsaljko හා සිතා මතාම ගැටුණු අතර ඒ වන විටත් කහ කාඩ්පතක් ලබා සිටි ඔහු විනිසුරුගෙන් තවත් කහ කාඩ්පතක් ලබා පිටියෙන් ඉවත් නොවීමට තරම් වාසනාවන්ත වුනා. කෙසේ වෙතත් Liverpool පුහුණුකරු Klopp ක්ෂණිකව Mane පිටියෙන් ඉවත් කර ගැනීම කැපී පෙනුණා.  

අවසන් ලකුණු තත්වය: Liverpool 00 – 01 Atletico Madrid

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

  • Atletico Madrid – Saul Niguez (4′)

Erling Haaland, Dortmund වෙත ජය ගෙන එයි

Erling Haaland ගේ සුපිරි ගෝල ද්විත්වයකින් Paris Saint-Germain ගෝල 2-1ක් ලෙස පරාජය කරන්නට Borussia Dortmund සමත් වුනා.  

කණ්ඩායම් දෙකම පළමු අර්ධයේ ගෝල වාර්තා කරන්නට සමත් වුණේ නැහැ. Neymar හට ලැබුණු නිදහස් පහරක් ඔහු අවාසනාවන්ත ලෙස අපතේ යැවූ අතර Sanchoගේ Corner අවස්ථාවකින් පැමිණි පන්දුව Haaland දැල වෙත එල්ල කළත් එය පැති දැලේ වැදී ඉවත ගියා.  

දෙවන අර්ධයේ දී Dortmund තරගයේ පාලනය සියතට ගත් අතර Kylian Mbappeගේ උත්සාහයන් දෙකක් ගෝල රකින ක්‍රීඩක Roman Burki ව්‍යර්ථ කළා. කෙසේ වෙතත් 69 වැනි මිනිත්තුවේ දී Raphael Guerreiroගේ ප්‍රහාරයකින් නැවත තමන් දෙසට පැමිණි පන්දුව Haaland පහසුවෙන් දැල් ගත කළේ තරගයේ පෙරමුණ සිය කණ්ඩායමට ගෙනෙමින්.    

PSG-Amiens සහ Dortmundගෙන් ගෝල වැස්සක්

එංගලන්ත Premier League තරගාවලියේ 26 වැනි සතියේ, ස්පාඤ්ඤ………….

ඔවුන්ගේ සතුට මිනිත්තු පහකට සීමා කරමින් Mbappeගේ හරස් පන්දු යොමු කිරීම Neymar අලංකාර ලෙස දැල් ගත කරන්නට සමත් වුනා. කෙසේ වෙතත් ඊට මිනිත්තු දෙකකට පසුව දඬුවම් පහර චතුරශ්‍රයේ කොණක සිට ගෝල රාමුවේ ඉහළ කෙළවරට වෙත විදුලි වේගයෙන් පන්දුව යොමු කළ Haaland තරගයේ ගෝල සම තත්වය බිඳ දැමුවා. 

Neymar ද ගෝලයක් වාර්තා කිරීමට ඉතා ආසන්නයටම පැමිණියත් ඔහුගේ ප්‍රහාරය ගෝල රාමුවේ යාන්තමින් වැදී අවාසනාවන්ත ලෙස ඉවත ගියා.

අවසන් ලකුණු තත්වය: Borussia Dortmund 02 – 01 PSG

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

  • Borussia Dortmund – Haaland 69, 77 
  • PSG – Neymar 75 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<