යොවුන් Chelsea ක්‍රීඩකයින් පිටිය පෙරළද්දී Dortmundගෙන් සුපිරි තරගයක්

65

ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලියේ සිව්වැනි තරග දිනය ඊයේ (5) ආරම්භ වුනා. ඉතා උණුසුම් තරගය කිහිපයක්ම පැවැත්වුණු අතර ප්‍රබල කණ්ඩායම් කිහිපයක්ම එකිනෙකා හා ගැටුණා.

Barcelona බලාපොරොත්තු බොඳ වෙයි.

Slavia Prague කණ්ඩායම ප්‍රබල Barcelona කණ්ඩායම හමුවේ ගෝල 0-0ක් ලෙස තරගය අවසන් කරගන්නට සමත් වුනා. Barcelona කණ්ඩායම මේ තරගයේ දී ඉතා දුර්වල ක්‍රීඩා රටාවක නිරත වීම කැපී පෙනුණා. 

Luis Suarez ආබාධයකට ලක්ව සිටින අතර ඒ නිසාම Barca ආක්‍රමණ වළල්ල මදක් දුර්වල වී තිබුණා. ප්‍රතිවාදී ගෝල රකින ක්‍රීඩක Ondrej Kolar Barcelona කණ්ඩායමට ප්‍රබල තර්ජනයක් එල්ල කළේ දෙවන අර්ධයේ දී Lionel Messi හා Sergi Roberto ගෝල රාමුවට ඉතා ළඟ සිට කළ ප්‍රහාරයන් වළක්වමින්.  

පළමු අර්ධයේ දී Messiගේ උත්සහයක් ගෝල රාමුවේ වැදී ඉවත ගිය අතර Arturo Vidalගේ උත්සහයක් Offside අවස්ථාවක් හේතුවෙන් විනිසුරු නිශ්ප්‍රභ කළා. 

අවසන් ලකුණු තත්වය: Slavia Prague 00 – 00 Barcelona

Inter හඹා ගොස් Borussia Dortmund සුපිරි ජයක් වාර්තා කරයි 

Achraf Hakimiගේ ගෝල ද්විත්වයෙන් ගෝල 2-0ක් ලෙස පසුපසින් සිටි Borussia Dortmund ගෝල 3-2ක් ලෙස Inter Milan පරාජය කළේ සුපිරි තරගයකින් අනතුරුවයි.

Lautaro Martinez හා Matias Vecino පළමු අර්ධයේ දී Inter කණ්ඩායම වෙනුවෙන් ගෝල ද්විත්වයක් වාර්තා කළේ තරගයේ වාසිය සම්පූර්ණයෙන් Inter Milan දෙසට හරවන්මින්. පස්වැනි මිනිත්තුවේ දී ආර්ජෙන්ටිනා ක්‍රීඩක Martinez අලංකාර ගෝලයක් වාර්තා කළේ ප්‍රතිවාදී ක්‍රීඩකයින් තිදෙනෙක් මඟහැර ගොස් Roman Burki පසු කරමින් පන්දුව දැල් ගත කරමින්. 

Ronaldo අවසන් මිනිත්තුවේ දී ජයග්‍රහණයට පාර කපයි

90+6 වැනි මිනිත්තුවේ දී Cristiano Ronaldo සාර්ථක කර………..

Inter ගෝල රකින ක්‍රීඩක Samir Handanovic, Dortumund ප්‍රබල උත්සහයක් දෙකක් ව්‍යර්ථ කළ අතර සංචාරක Inter කණ්ඩායම 40 වැනි මිනිත්තුවේ දී සිය ලකුණු පුවරුව දෙගුණ කළා. Martinezගේ පන්දු යොමු කිරීමක් යොදාගෙන Vecino එම ගෝලය වාර්තා කළා.

කෙසේ වෙතත් තරගයේ දෙවන අර්ධයේ පාලනය Dortmund කණ්ඩායම සම්පුර්ණයෙන් තමන්ගේ අතට ගත්තා. Hakimi දෙවන අර්ධය ආරම්භයත් සමඟ Mario Goetzeගේ පන්දු යොමු කිරීමක් ක්ෂණයකින් දැල වෙත යොමු කළේ Dortmund කණ්ඩායම නැවත තරගයට ගෙන එමින්.

Dortmund ප්‍රේක්ෂකයින්ගේ ප්‍රීති ඝෝෂා මැද්දේ Julian Brandt තරගයේ ගෝල සම කළේ Paco Alcacerගේ පන්දු යොමු කිරීමක් උපයෝගී කර ගනිමින්.

77 වැනි මිනිත්තුවේ දී Hakimi සුපිරි ගෝලයක් වාර්තා කළේ තරගයේ ජය තහවුරු කරමින්. Jadon Sanchoගේ අලංකාර පන්දු හුවමාරුවක් සාර්ථක කර ගනිමින් Hakimi, Handanovic පසු කර පන්දුව ගෝල රාමුව තුළට එල්ල කරන්නට සමත් වුනා.       

අවසන් ලකුණු තත්වය: Borussia Dortmund 3 – 2 Inter Milan

ගෝල රැස් කළ ක්‍රීඩකයෝ

  • Borussia Dortmund – Achraf Hakimi (51′, 77′), Julian Brandt (64′)
  • Inter Milan – Lautaro Martínez (5′), Matías Vecino (40′) 

 Liverpool පහසු ජයක් වාර්තා කරයි

ශූරයින්ගේ ලීග් ශූරයින් වන Liverpool කණ්ඩායම Genk ගෝල 2-1ක් ලෙස පහසුවෙන් පරාජය කරන්නට පැවැත්වුනා. තරගය සඳහා ප්‍රබල Liverpool ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම විවේක ගන්වා තිබීම විශේෂත්වයක්.

Georginio Wijnaldum Liverpool වෙනුවෙන් තරගයේ පළමු ගෝලය වාර්තා කරන්නට සමත් වුණු අතර Ally Mbwana Samata 41 වැනි මිනිත්තුවේ දී තරගයේ ගෝල සම කළා. කෙසේ වුනත් දෙවන අර්ධය ආරම්භ මිනිත්තු අටක් ගත වෙද්දී Alex Oxlade-Chamberlain තරගයේ ජයග්‍රාහි ගෝලය Liverpool වෙනුවෙන් වාර්තා කළා.  

අවසන් ලකුණු තත්වය: Liverpool 02 – 01 Genk

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

  • Liverpool – Georginio Wijnaldum (14′), Alex Oxlade-Chamberlain (53′)
  • Genk – Mbwana Samatta (40′)

Chelsea, Ajax සංදර්ශනය ගෝල සමවී නිමා වේ

රතු කාඩ්පත්, Own Goal හා දඬුවම් පහර වලින් පිරුණු Chelsea හා Ajax අතර තරග ගෝල 4-4ක් ලෙස අවසන් වුනා. එක් මිනිත්තුවක් ඇතුළත Ajax ක්‍රීඩකයින් දෙදෙනෙකුට රතු කාඩ්පත් ලැබීම තරගයේ විශේෂම සිදුවීම වුනා. 

Tammy Abrahamගේ අත්වැරදීමකින් Own goal අවස්ථාවක් නිසා දෙවන මිනිත්තුවේ දී Quincy Promes තරගයේ පළමු ගෝලය වාර්තා කළා. ඔහු එල්ල කළ නිදහස් පහරක් Abrahamගේ වැදී ගෝලය තුළට ගියේ අවාසනාවන්ත ලෙසයි.

Christian Pulisic හට දඬුවම් පහර චතුරශ්‍රය තුළ දී අනවශ්‍ය බාධා කිරීමක් සිදු කළ නිසා Chelsea කණ්ඩායම සිය පළමු දඬුවම් පහර හිමි වුනා. Jorginho එම අවස්ථාව සාර්ථක කර ගත්තේ තරගයේ ගෝල සම කරමින්.

Abrahamගේ ගෝලයක් offside අවස්ථාවකට හසුව ව්‍යර්ථ වෙද්දී Chelsea ආරක්ෂක වළල්ල මඟහැර Quincy Promes, Hakim Ziyechගේ හරස් පන්දු යොමු කිරීමක් උපයෝගී කර ගෙන තරගයේ පෙරමුණ නැවතත් Ajax වෙත ගෙන ආවා. 

35 වැනි මිනිත්තුවේ දී Ajax කණ්ඩායම සිය තෙවැනි ගෝලයත් වාර්තා කළ අතර Ziyechගේ නිදහස් පහරක් ගෝල රකින ක්‍රීඩක Kepa Arrizabalagaගේ වැදී ගෝල රාමුව තුළට ගියේ තරගයේ දෙවන Own Goal අවස්ථාව සනිටුහන් කරමින්.

Lionel Messiගේ සුපිරි දස්කම් නිසා Barcelonaට ජය

Lionel Messiගේ සුපිරි ගෝල ද්විත්වයේ සවියෙන් Real …….

දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තු 10කට පසුව Ajax කණ්ඩායම සිය සිව්වැනි ගෝලයත් වාර්තා කිරීම විශේෂත්වයක්. Ziyechගේ පන්දු යොමු කිරීමක් Donny van de Beek ගෝලය තුළට යොමු කරද්දී බොහෝ දෙනා සිතුවේ තරගයේ අවසානයේ එය වනු ඇති බවටයි.

කෙසේ වෙතත් Chelsea කණ්ඩායම නම් එසේ සිතන බවක් පෙනී ගියේ නැහැ. Cesar Azpilicueta 63 වැනි මිනිත්තුවේ දී සුපිරි ගෝලයක් වාර්තා කරමින් ගෝල පරතරය අඩු කරද්දී 68 වැනි මිනිත්තුවේ දී Daley Blind හා Joël Veltman යන දෙදෙනාටම රතු කාඩ්පත් ලබා දී පිටියෙන් ඉවත් කරන්නට විනිසුරු තීරණය කළා. 

පන්දුවට අතින් බාධා කිරීම නිසා Veltman හට රතු කාඩ්පතක් හිමි වුණු අතර එම අවස්ථාවෙන් ලැබුණු දඬුවම් පහර Jorginho සාර්ථක කර ගත්තේ ගෝල පරතරය එක් ගෝලයක් දක්වා අඩු කරමින්. ප්‍රතිවාදී ක්‍රීඩකයින් දෙදෙනෙක් අඩු වීමේ වාසිය ප්‍රයෝජනයට ගත් Chelsea කණ්ඩායම 74 වැනි මිනිත්තුවේ දී තරගයේ ගෝල සම කළා. Reece James, Abrahamගේ උත්සහයකින් පැමිණි පන්දුව ගෝලය වෙත යොමු කරන්නට සමත් වුනා.

කෙසේ වෙතත් තරගයේ තීරණය වෙනස් කරන්නට Azpilicueta වාර්තා කළ ගෝලය VAR නිශ්ප්‍රභ කළේ තරගයේ ජය පරාජය කණ්ඩායම් දෙකට බෙදා දෙමින්. 

අවසන් ලකුණු තත්වය: Chelsea 4 – 4 Ajax

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

  • Chelsea – Jorginho (4′ PEN, 71′ PEN), César Azpilicueta (63′), Reece James (74′)
  • Ajax – Tammy Abraham (2′ OG), Quincy Promes (20′), Kepa Arrizabalaga (35′ OG), Donny van de Beek (55′)

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<