ජයග්‍රහණයේ සැර බාල කරමින් මෙසී නැවතත් ආබාධයකට ලක් වෙයි

74

2019 ලා ලීගා හා ඉතාලි Serie A තරගාවලියේ තරග කිහිපයක් අද (25) අලුයම පැවැත්වුණා.

බාසිලෝනා කණ්ඩායමට තවත් ජයක්.

Villarreal ගෝල 2-1ක් ලෙස පරාජය කරමින් Barcelona වැදගත් ජයක් වාර්තා කළා. කෙසේ වෙතත් ආබාධයක් සුවවී බාසිලෝනා වෙනුවෙන් පළමු තරගයට ආරම්භය ලබා ගත් සුපිරි ක්‍රීඩක ලයනල් මෙසී පළමු අර්ධය අවසානයේ දී පිටියෙන් ඉවත් වුනේ නැවත වතාවක් ආබාධයකට ලක් වීම නිසයි.

Manchester Cityගෙන් ගෝල වැස්සක්; Barcelonaට නින්දා සහගත පරාජයක්

එංගලන්ත Premier League තරගාවලියේ ……

Valverdeගේ පුහුණුකාරිත්වය යටතේ බාසිලෝනා එතරම් සාර්ථකත්වයක් ලබා ගත්තේ නැහැ. ඒ නිසාම Antoine Griezmann හා Arthur ගෝල වාර්තා කළ මේ තරගය Valverde මෙන්ම බාසිලෝනාට ද ඉතා වැදගත් වුනා. Villarreal ක්‍රීඩක Santi Cazorla පළමු අර්ධය අවසන් වීමට පෙර ගෝලයක් වාර්තා කළත් දෙවන අර්ධයේ නම් ඔහුට ක්‍රියාත්මක වීමට බාසිලෝනා ආරක්ෂක වළල්ල ඉඩ ඉතිරි කළේ නැහැ.  

තරගයේ මිනිත්තු 30ක් සම්පූර්ණ වෙද්දී Messi සුපිරි ක්‍රීඩක මෙසී කලවයේ ආබාධයක් නිසා පිටියෙන් ඉවත් වුනා. මේ මෙසීගේ 400 වැනි ලා ලීගා තරගය වීම විශේෂත්වයක්. තරගයේ පළමු ගෝලය වාර්තා වුණේ 6 වැනි මිනිත්තුවේ දීයි. Corner අවස්ථාවකට පසුව මෙසී එල්ල කළ හරස් පන්දු යොමු කිරීමක් Griezmann සිය හිසෙන් දැල වෙත යොමු කළේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමින්. 

Arthur බාසිලෝනා වෙනුවෙන් 15 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වුනේ සුපිරි ගෝලයක් වාර්තා කරමින්. ගෝල චතුරශ්‍රයෙන් පිටත සිට අලංකාර දිගු දුර ප්‍රහාරයකින් පන්දුව ගෝල රාමුවේ ඉහළ කෙළවරින් දැල් ගත කරන්නට සමත් වුනා. Villarreal ගෝල රකින ක්‍රීඩකයාට එම ගෝලය නැවැත්වීමට කළ හැකි කිසිවක් තිබුණේ නැහැ.

Cazorla පළමු අර්ධය නිමාවට පෙර 44 වැනි මිනිත්තුවේ දී Marc-Andre ter Stegen පසු කරමින් අලංකාර ලෙස පන්දුව දැල වෙත යොමු කළේ නැවතත් තරගයට පිවිසෙමින්. 16 හැවිරිදි Ansu Fati ප්‍රතිවාදී ක්‍රීඩකයෙකු විසින් බිම හෙලීම නිසා ඔහු දඬුවම් පහරක් ඉල්ලා සිටියත් VAR තාක්ෂණය යොදා ගත් විනිසුරු ඔවුන්ට දඬුවම් පහරක් ලබා දුන්නේ නැහැ.

අවසන් ලකුණු තත්වය: Villarreal 01 – 02 Barcelona

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ 

  • Barcelona – Antoine Griezmann 6′, Arthur 15′
  • Villarreal – Santi Cazorla 44′

Neymar නැවතත් PSGට ජය කැඳවයි; Man. Unitedට නැවතත් නොසිතූ පරාජයක්

එංගලන්ත Premier League තරගාවලියේ …….

Balotelli නැවත එයි

Brescia කණ්ඩායම හඹා ගිය Juventus ගෝල 2-1ක් ජයග්‍රහණය වාර්තා කළා. සුපිරි ක්‍රීඩක Mario Balotelli, Brescia නියෝජනය කරමින් නැවතත් ඉතාලි පාපන්දු පිටියට පිවිසීම විශේෂත්වයක් වුනා.  

Alfredo Donnarumma සත්කාරකයින් වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළත් Jhon Chancellorගේ Own goal අවස්ථාවෙන් හා දෙවන අර්ධයේ Miralem Pjanicගේ ගෝලයෙන් Juventus ජය ගත්තා. 

සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ අද තරගයට ක්‍රීඩා නොකරවා විවේක ගන්වන්නට Juventus තීරණය කර තිබීම විශේෂත්වයක්. 4 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වුණු, පසුගිය වසරේ Serie B වැඩිම ගෝල ලාභියා වන Donnarumma තරගයේ පළමු ගෝලය වාර්තා කළේ Juventus මවිත කරමින්. 

පළමු අර්ධය අවසන් වීමට මිනිත්තු පහක් තිබිය දී Dybalaගේ ප්‍රහාරයක් ප්‍රතිවාදී ආරක්ෂක ක්‍රීඩක Chancellorගේ වැදී ගෝලය තුළට ගියේ ගෝල රකින්නාට එය  රැකගැනීමට කිසිදු අවස්ථාවක් ලබා නොදෙමින්. 

එම ගෝලයත් සමඟ තරගයට පිවිසුණු Juventus කණ්ඩායමේ දෙවන ගෝලයටත් Dybala දායක වුනා. ඔහුගේ නිදහස් පහරක් ගෝල රාමුවේ වැදී නැවත පැමිණි අතර Pjanic පන්දුව ලබා ගෙන දක්ෂ ලෙස දැල් ගත කළා.     

අවසන් ලකුණු තත්වය: Brescia 01 – 02 Juventus

ගෝල ලබා ගත් ක්‍රීඩකයෝ

  • Brescia – Alfredo Donnarumma (4′)
  • Juventus – Jhon Chancellor (40′ OG), Miralem Pjanic (63′)

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<