ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ධූරය චමින්ද වාස්ට

1155
Chaminda Vaas

ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම සමඟ ඉදිරියේ දී පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස චම්පක රාමනායක වෙනුවට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු වේගපන්දු යවන ක්‍රීඩකයෙකු වන චමින්ද වාස්ව තෝරා පත්කරගෙන ඇත.

පූර්ණ ක්‍රිකට් තරගාවලියේ අභියෝගයට දෙපිලම සූදානම්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ක්‍රිකට් තරගාවලියක් නිතර දකින කුකුලාගේ සුදුවට පෙනෙන කරමලයක්..

චමින්ද වාස් ශ්‍රී ලංකාවේ වේගපන්දු යවන ක්‍රීඩකයින්ගේ දක්‍ෂතාවන් ඉහළ නැංවීමට කටයුතු කරමින් සිටි අතර ඔහු දිවයින පුරා සිටින වේගපන්දු යවන ක්‍රීඩකයින් සමඟ කටයුතු කරමින්, වයස අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායමට, සංවර්ධන කණ්ඩායමට සහ ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායමට දක්‍ෂයින් හඳුනා ගැනීමේ කාර්යයේ නිරතව සිටියේය. මීට පෙර 2013 වසරේ දී ද ඔහුව වසර දෙකක කොන්ත්‍රාත්තුවක් සඳහා පත් කර ගන්නා ලදි.  

ශ්‍රී ලංකාවෙන් බිහි වූ සාර්ථකම වේගපන්දු යවන ක්‍රීඩකයා වන චමින්ද වාස් ටෙස්ට් තරග 111ක දී කඩුලු 355කුත්, එක්දින තරග 322ක දී කඩුලු 400කුත් දවා ගන්නට සමත් විය. ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලබාගෙන ඇති එම වාර්තාව දෙවැනි වන්නේ මුත්තයියා මුරලිදරන් හට පමණි.

එමෙන්ම පසුගිය දා අවසන් වූ ශූරයින්ගේ කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු උපදේශකවරයා ලෙස දකුණු අප්‍රිකාවේ හිටපු වේගපන්දු යවන්නෙක් වන ඇලන් ඩොනල්ඩ් මහතාව ද ගෙනඑනු ලැබීය.

කෙසේ නමුත් 2001 වසරේ සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ධූරය දරනු ලැබුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු දකුණත් වේගපන්දු යවන ක්‍රීඩකයෙක් වන චම්පක රාමනායක විසිනි. ඔහු 1987 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසීමෙන් අනතුරුව ටෙස්ට් තරග 18කට සහ එක්දින තරග 62කට ක්‍රීඩා කර ඇත.  

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට