කුසල් හා චමින්ද එංගලන්තයට

845
Kusal Perera and Chaminda Bandara

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය මගින් ශමින්ද එරංග ගේ පන්දු යැවීමේ ඉරියව් පිළිබඳව සැක පල කිරීම නිසා ශමින්ද එරංගට එංගලන්තය සමඟ ලබන 9 වනදා එංගලන්තයේ ලෝඩ්ස් පිටියේදී ආරම්භ වීමට නියමිත තෙවන ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීම අවිනිශ්ත නමුත් ඔහුට කැදවීමක් ලැබුනහොත් ක්‍රීඩා කිරිමට හැකි බව වාර්තා වෙයි.

පසුගිය ලිපිය: ශමින්දගේ ඉරියව් සැක සහිතයි

දෙවන ටෙස්ට් තරගයේ දී පිටියේ විනිසුරුවරුන් විසින් ශමින්ද එරංග ගේ ඉරියව් පිළිබඳ සැක සහිත බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට දැන්වීමත් සමඟමය. ලබන 9 වැනිදා ආරම්භ වන තෙවන ටෙස්ට් තරඟය සදහා කුසල් ජනිත් පෙරේරා එංගලන්තයට පිටත් කිරීමට සුදානම් වන අතර චමින්ද බණ්ඩාර දුෂ්මන්ත චමීර වෙනුවට සහභාගි වනු අැති. ශමින්ද ගේ පරීක්ෂණ දින 14 ක් ඇතුලත ඇරඹෙන අතර දක්වා ඔහුට ක්‍රීඩා කිරීමට හැකි වුවත් 14 වන දිනය වන්නේ තෙවන ටෙස්ට් තරගයේ අවසන් දිනය බැවින් ශමින්ද ගේ සහභාගිත්වය අනපේක්ෂිත බව තවදුරටත් ඔවුන් පවසන ලදි.

පසුගිය ලිපි: දුෂ්මන්ත වෙනුවට නොසිතු නවකයෙක්

චමින්ද බණ්ඩාර අවුරුදු 5ක් තුළ  පළමු පෙල තරඟ 51 ක් සදහා ක්රීඩා කර ඇති අතර කඩුලු 141 ක් දවාලීමට සමත් ඇත. ඔහුගේ හොඳම පන්දු යැවීමේ ලෙස ලකුණු 68 කට කඩුලු 9 ක් ලබාගනිමින් දක්ෂතා දක්වා ඇත.

චමින්ද බණ්ඩාර කෑගල්ල සාන්ත මරියා විද්යාලයේ ආදී සිසුවෙකු වන අතර . අයි .ඒ. ප්‍රිමියර් ලීග් තරගාවලියේ දි ඔහු කඩුලු 15 ක් ගෙන දක්ෂතා දක්වා ඇත.

සනත් ජයසූරිය මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ චමින්ද බණ්ඩාර පළමු පෙල තරඟ වලදී හොදින් දක්ෂතා දක්වා ඇති අතර එංගලන්තයේ පවතින කාලගුණික තත්ත්වය හා දැනට ගැනීමට සුදුසුම තීරණය මෙය වන බවයි.

තවත් පුවත් සිහලෙන් කියවන්න – පිවිසෙන්න