තවත් වේගපන්දු යවන්නෙකුට ආබාධයක්

2165

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන්නන්ට වයිරසයක් ආකාරයෙන් බෝවන ආබාධ තත්වයන් තරගාවලි කිහිපයක් තිස්සේම දක්නට ලැබෙන කරදරකාරී තත්වයකි.  නිමා වූ ඕස්ට්‍රේලියානු සංචාරයේ ද වේගපන්දු යවන්නන් දෙදෙනෙක්ම ආබාධයට ලක් වූ අතර මෙය ඉදිරියේ දී ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන තරගාවලියට ද තදින්ම බලපාන කරුණක් වී ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක චාමික කරුණාරත්න දකුණු අප්‍රිකානු ටෙස්ට් සංචිතය සඳහා නම් කර තිබූ නමුත් ඔහුට ඇති වූ ආබාධ තත්වයක් නිසාවෙන් ඔහුට එම තරගාවලිය අහිමි වන බව වාර්තා වේ.

දකුණු අප්‍රිකාව හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ඇපත් නැති වෙයි

දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර (17) පැවති තෙවැනි සහ අවසාන…

ලහිරු කුමාර හා දුෂ්මන්ත චමීරගේ ආබාධ තත්වය නිසාවෙන් චාමික කරුණාරත්නට ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා අවස්ථාව හිමි විය. කැන්බරා හිදී තම පළමු ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කළ චාමික කරුණාරත්න එහි දී එක් කඩුල්ලකින් පමණක් සෑහීමකට පත්වීමට සිදු විය. කෙසේ හෝ දකුණු අප්‍රිකානු සංචාරය සඳහා ද චාමික කරුණාරත්න වරම් දිනා ගත්තේය.

ජොන්ටි රෝඩ්ස්ට අනුව හොඳම පන්දු රකින්නන් පස්දෙනා

ක්‍රිකට් ක්‍රීඩාවේ දී පන්දු රැකීම ගැන කතාබහ කරන විට අමතක කළ නොහැකිම චරිතයකි දකුණු අප්‍රිකාවේ ජොන්ටි රෝඩ්ස්. වරෙක ක්‍රිකට් ක්‍රීඩාවේ හොඳම පන්දු රකින්නන් කවුදැයි…

දකුණු අප්‍රිකානු සංචිතය සඳහා මොහුව නම් කර තිබුනත් පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමට අවස්ථාවක් චාමික කරුණාරත්නට හිමි නොවීය. දෙවන ටෙස්ට් තරගය සඳහා පුහුණුවීම් අතරතුර චාමික කරුණාරත්නගේ කලව ප්‍රදේශයේ මාංශපේශී ඇදීමකට ලක්වීම නිසා  ඔහුට පොට් එලිසබෙත් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද අහිමි විය.

සාන්ත ජෝසප් විද්‍යාලයට තවත් වාසියක්

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් ඊයේ දිනයේ (16) දී නිමාව දිටීය. එහි දී මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සාන්ත….

චාමික කරුණාරත්නගේ ආබාධය නිසා පොට් එලිසබෙත් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය සඳහා ඔහුගේ හිඩැස පිරවීමේ අවස්ථාව දකුණත් වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දුට හිමිව ඇත. ශ්‍රී ලංකා A කණ්ඩායමේ ඔහු දැක්වූ දක්ෂතා මෙම අවස්ථාව හිමිවීමට ප්‍රදානම සාධකය වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<