කුමාර හා චමීර වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩකයෙක්

432

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර ආබාධයට ලක්වූ දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර හා දුෂ්මන්ත චමීරගේ හිදැස පිරවීම වෙනුවෙන් දකුණතින් මද වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ඇතුළත් කර තිබේ.

වේගපන්දු යවන්නෝ දෙදෙනෙකුට ඕස්ට්‍රේලියානු ටෙස්ට් සංචාරය අහිමි වේ

ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර පාදයේ ආබාධයක් නිසා….

දෙරට අතර පසුගිය දා ගැබා පිටියේ දී නිමා වූ පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අවසානයේ කුමාර පිටියට නොපැමිණි අතර ඕස්ට්‍රේලියානු පළමු ඉනිමේ දී ඔහු පන්දුවාර 15ක් ක්‍රියාත්මක කිරීමට සමත් විය. එහි දී දකුණු පාදයේ කලව ආශ්‍රිත ආබාධයකට ලක් වූ ඔහු පිටියෙන් ඉවත් විය.

කුමාර වෙනුවට චාමික කරුණාරත්න පමණක් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ඇතුළත් කර ඇති නමුත් චමීර වෙනුවෙන් ක්‍රීඩකයෙක් ආදේශ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර නොමැත.

පැතුම් සහ චාමික අයර්ලන්තය මෙල්ල කරයි

පළමු ඉනිමේ පෑ දක්ෂතා හේතුවෙන් ආඩම්බරයෙන් සිටි සංචාරක අයර්ලන්ත….

තවමත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කිසිදු ක්‍රිකට් තරගයක් සඳහා මුහුණ දී නොමැති අවුරුදු 23ක් වන චාමික කරුණාරත්න කොළඹ රාජකීය විද්‍යාලයේ ආදී සිසුවෙකි. මේ දක්වා පළමු පෙළ ක්‍රිකට් තරග 29ක් ක්‍රීඩා කර තිබෙන චාමික අර්ධ ශතක 7ක් හා එක් ශතකයක් සමඟ පිතිකරණයෙන් ලකුණු 998ක් ලබාගෙන තිබෙන අතර පන්දු යැවීමෙන් කඩුලු 59ක් දවාගෙන තිබෙන්නේ 34.16ක කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි.

ඔහු ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් ද වන අතර මේ වන විට NCC ක්‍රිකට් සමාජය නියෝජනය කරමින් 2018/19 දේශීය ක්‍රිකට් පළමු පෙළ තරග සඳහා ක්‍රීඩා කරයි. එසේම ඔහු පසුගිය දා පැවති ශ්‍රී ලංකා A අයර්ලන්ත A දෙවන නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී පන්දු යැවීමෙන් කඩුලු 3ක් හා පිතිකරණයෙන් (දෙවන ඉනිමේ දී) පන්දු 106ක් තුල නොදැවී ලකුණු 100ක් ලබා ගත්තේ එම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට තිබූ අවාසිය මඟ හරවාලමිනි.

ඕස්ට්‍රේලියානු ටෙස්ට් තරගාවලිය ආරම්භ කිරීමට පෙර පැවති පුහුණු තරගයේ දී දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් ද ආබාධයකට ලක්වීම නිසා වමතින් වේගපන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු මිට දින කිහිපයකට ඉහත දී ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කළේය.

කුමාරට අමතරව වම් පාදයේ වළලුකර ආශ්‍රිතව ආබාධයකට ලක්වූ දුෂ්මන්ත චමීර හට ද සම්පූර්ණ තරගාවලියම අහිමි වී ඇති අතර ඔවුන් දෙදෙනා හෙට (29) දිනයේ දී නැවතත් දිවයිනට පැමිණීමට නියමිතයි.

සුරංග ලක්මාල්, කසුන් රාජිත හා විශ්ව ප්‍රනාන්දු ඕස්ට්‍රේලියාවේ දැනට රැඳී සිටින ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ දැනට සිටින අනෙක් වේගපන්දු යවන්නන් තිදෙනා වේ. චාමික කරුණාරත්න අද (28) රාත්‍රියේ දී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

දෙරට අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන මස පළමු වැනිදා කැන්බරා හිදී පැවැත්වේ. තවත් උණුසුම් තතු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<