ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවකට එංගලන්තයෙන් ආරාධනාවක්

3536

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සිටින දක්ෂ ක්‍රිකට් ක්‍රීඩිකාවක් වන චමරි අතපත්තු එංගලන්ත කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (KIA සුපර් ලීග්) ලොෆ්බරෝ ලයිටින් (Loughborough Lightning) කණ්ඩායම සඳහා තේරී පත්ව තිබෙනවා. 

එංගලන්තයත් තම ස්ථානය තහවුරු කර ගනී

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (03) ……….

ඒ නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩිකාවක් වන සොෆී ඩෙවින් (Sophie Devine) ආබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් නිසාවෙනි. පිතිකරණයේ නිරත වන තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩිකාවක් වන සොෆී ඩෙවින් පසුගිය වර්ෂයේ පැවති ක්‍රිකට් තරගාවලියේ දී ලකුණු 269ක් හා කඩුලු 16ක් දවා ගනිමින් තුන් ඉරියව් දස්කම් දක්වන ලදි. අවසානයේ ලොෆ්බරෝ ලයිටින් කණ්ඩායම පසුගිය වසරේ පැවැත්වුණු අවසන් මහා තරගය දක්වා පැමිණි නමුත් ඔවුන් සරේ ස්ටාර් කණ්ඩායම හමුවේ පරාජයට පත්වීම නිසා එහි අනුශූරතාවයෙන් සෑහීමකට පත්වීමට ඔවුන්ට සිදු විය.

ලොෆ්බරෝ ලයිටින් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන රොබ ටේලර් චමරි අතපත්තු කණ්ඩායමට කැඳවීම පිළිබඳව පවසා සිටින්නේ මෙවැන්නක්,

“සොෆී ඩෙවින් පසුගිය තරග වාරයේ දී අපේ කණ්ඩායමට හොඳ සේවාවක් කළා. ඔහු නැති එක අපිට පාඩුවක් නමුත් ඒ වෙනුවෙන් අපේ කණ්ඩායමට කැඳවපු ශ්‍රී ලංකාවේ ප්‍රහාරාත්මක පිතිකාරිනියක් වගේම තුන් ඉරියව් ක්‍රීඩිකාවක් වන චමරිගේ කැඳවීමට මම ගොඩක් කැමතියි. ඇයට අත්දැකීම් හා දක්ෂතාවය යන දෙකම හොඳට තිබෙනවා. මෙවර තරගවාරය ඇය සාර්ථකව අවසන් කරයි කියලා මට ලොකු බලාපොරොත්තුවක් තිබෙනවා.” 

මාටින් ගප්ටිල් ඇඟිලි දෙකෙන් පුහුණුකරුවාට කළ සංඥාව

2015 ලෝක කුසලානයේ නවසීලන්තය සහ බටහිර …….

2017 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති තරගයේ අගනා පිති හරඹයක අතපත්තු නොදැවී ලකුණු 178ක් රැස් කිරීමට සමත් වූවාය. පන්දු 143ක් තුළ රැස් කළ එම ලකුණු සංඛ්‍යාවට හතරේ පහර 22 ක් සහ හයේ පහර 06 ක් ඇතුළත් විය. එසේම ඇය එංගලන්ත කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2017 හා 2018 යන වසරවල දී යෝක්ෂයර් ඩයමන්ඩ් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවක් ද වේ.

එංගලන්ත කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අදියර වන මෙය 2019 වසරේ අගෝස්තු මස 6 වැනිදා සිට සැප්තැම්බර් මස 1 වැනිදා දක්වා එංගලන්තයේ දී පැවැත්වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<