චමරි අතපත්තු සිය හොඳම ප්‍රසාද ලකුණ වාර්තා කරයි

590

සත්කාරක ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබිය දී ම ජයග්‍රහණය කිරීමට ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (24) සමත් වූ අතර එක්දින තරගාවලිය හා විස්සයි විස්ස තරගාවලිය යන තරගාවලි දෙකම ශ්‍රී ලංකාව පරාජය වුවත් ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩිකා චමරි අතපත්තු සිය ක්‍රිකට් දිවියේ ඉහළම ICC  ප්‍රසාද ලකුණු වාර්තා කර ගැනීමට සමත් විය.

පටිල්ගේ දක්ෂතා සමඟින් ඉන්දීය ක්‍රීඩිකාවෝ තරගාවලිය ජය ගනිති

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති …

මෙම තරගාවලි දෙකම ඉතා වැදගත් වූයේ 2018 ICC කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානයට තවත් ඇත්තේ දින 50ක් පමණක් නිසයි.

ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු එක්දින තරගාවලිය පිළිබඳව මෙසේ අදහස් දක්වා තිබුණා. “අවසන් තරග දෙක බලද්දී මම ලොකු වෙනසක් දකින්නේ නැහැ, අපි තෙවැනි තරගය දිනුවා සහ දෙවන තරගයේ බොහොම තියුණු ලෙස පරාජය වුනා.”

“අපි තරගාවලිය දිනුවා වුනත් අපි උත්සහ කළේ තරග 3-0ක් ලෙස දිනන්න, ලබා ගත හැකි වැඩිම ප්‍රසාද ලකුණු ලබා ගන්න, අපි ශ්‍රී ලංකාවට පසුගිය වසර පහේම පරාජය වෙලා තිබුණේ නැහැ” යැයි ඉන්දීය නායිකා මිතාලි රාජ් ප්‍රකාශ කළාය.

මේ අතර ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ICC පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 11ක් ඉදිරියට පැමිණ 10 වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වී තිබේ. ඇය ලබා ගත් ප්‍රසාද ලකුණු ගණන 628ක්.

ජෙමීමා ඉන්දීයාව නැවත ජය මාවතට ගෙන යයි

සංචාරක ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර අද (22)…

“අපි කනගාටු වෙනවා අපි තරගාවලිය දිනුවේ නැති එක ගැන, දෙවන තරගය බොහොම තියුණු තරගයක් වුනා, කෙසේ වෙතත් අපි මේ තරගාවලියෙන් ලොකු විශ්වාසයක් ලබා ගත්තා, අපේ කණ්ඩායමේ නැවත පිබිදීමට හොඳ උදාහරණයක් මේක, විශේෂයෙන්ම අපේ නව පුහුණුකරු හර්ෂ ද සිල්වා මහතා යටතේ” යැයි චමරි ICC වෙබ් අඩවිය වෙත අදහස් දක්වා තිබුණා.

චමරි තෙවැනි එක්දින තරගය ඉන්දියාවෙන් ඉවතට රැගෙන යාමට සමත් වූයේ ඉන්දීය නායිකාවගේ ද ප්‍රසංශා ලබමිනි.

“මම සිතුවා තරගාවලිය 3-0ක් ලෙස ජයග්‍රහණය කරන්නට අපි ඉතා ආසන්නයි කියා, නමුත් චමරි සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් තරගය අපෙන් උදුරා ගත්තා, එය ඉතා තරගකාරී තරගාවලියක්, කණ්ඩායම් දෙකටම දිනන්නට අවස්ථාවක් තිබුණා”

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඉන්දියාවට තියුණු සටනක් දෙයි

ශ්‍රී ලංකා – ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර පැවති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද (19) …

MRF ICC කාන්තා කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් (සැප්තැම්බර් 23 දා වන විට, ශ්‍රී ලංකාව හා ඉන්දියාව හා දකුණු අප්‍රිකාව හා බටහිර ඉන්දීය කොදෙව් ICC කාන්තා ශූරතා තරගාවලි වලින් අනතුරුව)

MRF ICC කාන්තා ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම් (සැප්තැම්බර් 23 දා වන විට, ශ්‍රී ලංකාව හා ඉන්දියාව හා දකුණු අප්‍රිකාව හා බටහිර ඉන්දීය කොදෙව් ICC කාන්තා ශූරතා තරගාවලි වලින් අනතුරුව)

පිතිකාරිණියන්

පන්දු යවන්නියන්

තුන් ඉරියව් ක්‍රීඩිකාවන්

ICC වෙබ් අඩවිය ඇසුරින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<