තවත් දක්ෂ තරුවක් අකාලයේ ක්‍රිකට් පිටියට සමුදෙයි

100

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන චාමර කපුගෙදර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇති බව ThePapare.com වෙත වාර්තා වේ. 

කමිඳු මෙන්ඩිස් තුන් ඉරියව් දක්ෂතා දක්වයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ආරාධිත සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද ( 2 3 ) දිනයේ අවසන්….

අවුරුදු 19 දී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් හිමිකර ගත් චාමර කපුගෙදර මේ වන විට 32 වියේ පසුවේ. ඔහු ජාත්‍යන්තර ටෙස්ට් තරග 8 කදී, එක්දින තරග 102 කදී සහ විස්සයි විස්ස තරග 43 කදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ලකුණු 2745ක් රැස්කර ගැනීමට සමත්ව ඇත. 

2006 වසරේ දී ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස වරම් හිමිකර ගත් ඔහු, 2017 වසරේ දී අවසන් වරට සීමිත පන්දුවාර තරග වලදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති අතර 2009 වසරේ දී අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කර තිබේ. 

මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් බිහිවූ දක්ෂ ක්‍රීඩකයෙකු වන චාමර කපුගෙදර 2006 වසරේ  ප්‍රවේගකාරී පිතිකරුවෙකු මෙන්ම අති දක්ෂ පන්දු රකින්නෙකු ලෙසද ජාත්‍යන්තර තලයේ ප්‍රසිද්ධියට පත් විය. 

දකුණතින් පිතිකරණයේ නිරත වෙන මේ දක්ෂ පිතිකරුවා පිළිබඳව මුළු ලොවේම වැඩි අවධානයට ලක්වූයේ 2010 වසරේ පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාවට එරෙහිව පැවති තීරණාත්මක තරගයක දීය. එහිදී ඇන්ජලෝ මැතිව්ස් සහ කපුගෙදර එක්ව පස්වන කඩුල්ල වෙනුවෙන් සුපිරි සබඳතාවයක් ගොඩ නැංවූ නමුත් මැතිව්ස් අවසන් මොහොතේ දුවද්දී දැවී ගිය නිසා තරගයේ ප්‍රතිඵලය තීරණය කිරීම භාර වූයේ කපුගෙදරට යි. අවසානයේ තරගයේ අවසන් පන්දුවට 6 පහරක් එල්ල කරමින් ශ්‍රී ලංකාවට කඩුලු 5ක සුපිරි ජයක් අත්කර දෙන්නට කපුගෙදර සමත් විය. ලබාගත් එම ජය නිසාවෙන් එවර තරගාවලියේ අවසන් පූර්ව තරග වටය දක්වා පැමිණීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමි විය. 

තීරණාත්මකම මොහොතේ කෝලිගෙන් නායකත්වයේ ඉනිමක්

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ කටක් හි අද ( 22) දිනයේ…..

ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් පිටිය තුළ අර්ධ ශතක 13 ක් සඳහා හිමිකම් කියන කපුගෙදරට 2017 වසරේ දී ශ්‍රී ලංකා එක්දින නායකත්වය දැරීමට සිදුවූයේ එම වසරේ දී උපුල් තරංග තරගාවලියක් අතරතුර තරග තහනමකට ලක්වීම හේතුවෙනි. 

වසර 13ක් පුරාවට දෙස් විදෙස් ක්‍රිකට් ප්‍රේක්ෂකයින් අමන්දානන්දයට පත්කළ චාමර කපුගෙදර, ඔබේ ඉදිරි දිවියට ThePapare.com අපගේ සුබපැතුම්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<