ජාතික සත් සාමාජික කණ්ඩායමේ නායකයා CH & FC කණ්ඩායම

231
CH & FC sign Sri Lanka National Captain

නවසීලන්තයේ පැවති පුහුණු වැඩමුළුවක් සාර්ථකව අවසන් කරමින් ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ජාතික සත් සාමාජික රග්බි  කණ්ඩායමේ නායක සුදර්ශන මුතුතන්ත්‍රී CH & FC ක්‍රීඩා සමාජය සමඟ එක්වනු ඇත.  

CH ප්‍රහාරය හමුවේ පොලිස් මෙහෙයුම අසාර්ථකයි

‘Dialog’ අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන අදියර යටතේ පොලිස් ක්‍රීඩා සමාජය..

28 හැවිරිදි සුදර්ශන මුතුතන්ත්‍රි පසුගිය තරග වාර 5 තුළ හැව්ලොක් ක්‍රීඩා සමාජයට අතිශය වැදගත් ක්‍රීඩකයෙක් ලෙස සිය ස්ථානය ස්ථාපිත කර ගැනීමට සමත්ව සිටි අතර ඔහු ශ්‍රී ලංකාවේ සිටින හොඳම ‘third-row’ ක්‍රීඩකයින් අතරින් කෙනෙක් ද වේ. ඔහු නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව මෙම ක්‍රීඩා සමාජ මාරුව සිදු වනු ඇත.

මෙම වසරේ ‘Dialog’ රග්බි ලීග් තරගාවලිය සඳහා සහභාගී නොවීම නිසා ඔහුව ලියාපදිංචි කරන ලද කිසිදු කණ්ඩායමක් සඳහා ඇතුළත් කර නොතිබූ අතර ඒ අනුව ඔහුට CH & FC ක්‍රීඩා සමාජය වෙත යාම පහසු කටයුත්තක් විය. CH & FC ක්‍රීඩා සමාජය විසින් නිකුත් කරන ලද නිල ප්‍රකාශයක දැක්වෙන්නේ ඔහු එළඹෙන සති අන්තයේ දී පැවැත්වෙන CH & FC ක්‍රීඩා සමාජය සහ CR & FC ක්‍රීඩා සමාජය අතර තරගයේ දී මෙම තරග වාරයේ පළමු තරගය ක්‍රීඩා කරනු ඇති බවයි. මෙම තරගයේ දී මෙවර ලීග් තරගාවලියේ 3 වන ස්ථානය දිනාගන්නා කණ්ඩායම තීරණය වන බැවින් මෙම තරගය ක්‍රීඩා සමාජ දෙකටම අතිශය වැදගත් තරගයක් වේ.

ඒ අනුව සුදර්ශන මුතුතන්ත්‍රිගේ එක්වීම එළඹෙන තීරණාත්මක තරගයේ දී CH & FC කණ්ඩායම ශක්තිමත් කිරීමට බෙහෙවින් ඉවහල් වනු ඇත. ඔවුන් 3 වන ස්ථානය තහවුරු කර ගැනීමට නම් එම තරගය ඔවුන්ට ප්‍රසාද ලකුණක් ද සමඟින් ජයග්‍රහණය කිරීමට සිදු වන අතර ඉන් අනතුරුව ඔවුන් ‘Dialog’ ක්ලිෆර්ඩ් කුසලාන තරගාවලියේ දී ද හැකි උපරිම ප්‍රතිඵලය ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් පසුවනු ඇත.

සුදර්ශන මුතුතන්ත්‍රිගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා ජාතික සත් සාමාජික රග්බි කණ්ඩායම පසුගිය වසරේ පැවති ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වැනි අදියරේ 3 වන ස්ථානය සහ සමස්ත තරගාවලියේ 4 වන ස්ථානය තහවුරු කර ගැනීමට සමත් විය. ඒ අනුව ඔවුන් මෙම වසරේ දී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය සත් සාමාජික රග්බි තරගාවලියට ද සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

එම තරගාවලිය අවසන් වූ වහාම පසුගිය නොවැම්බර් මාසයේ දී මුතුතන්ත්‍රි පුහුණුවීම සඳහා නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර බලා පිටත්ව ගිය අතර එහි දී පැවති ප්‍රාන්ත සත් සාමාජික තරගාවලියේ දී ‘Auckland Blues’ කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ද ඔහුට අවස්ථාව හිමි විය.

14න් හා 16න් පහළ පාසල් රග්බි ලීගයේ වෙනසක්

වයස අවුරුදු 14න් පහළ හා 16න් පහළ පාසල් රග්බි තරගාවලිය පසුගිය වර්ෂයේ පැවැත්වූයේ..

ඒ අනුව මුතුතන්ත්‍රි හට CH & FC කණ්ඩායමේ ක්‍රීඩා කිරීම නව අභියෝගයක් වනු ඇති අතර ඔහු කණ්ඩායමට අනුගත වෙමින් ක්‍රීඩා කරන ආකාරය දැක බලා ගැනීමට සැවොම අවධානයෙන් පසු වේ.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<