CH&FCට ඕස්ට්‍රේලියාවෙන් රග්බි ක්‍රීඩකයෙක්

215

සති දෙකකට ආසන්න කාලයක නිහැඬියාව බිඳ දමමින් හෙට (04) යළිත් ජීවය ලබන ඩයලොග් අන්තර් සමාජ ලීග් තරගාවලියේ උණුසුම දෙගුණ තෙගුණ කරමින් සැමගේ අවධානය සොරා ගන්නා පෙරළිකාර වෙනසකට  CH&FC කණ්ඩායම මුල පුරා තිබේ.

ඩයලොග් රග්බි ලීගයේ දෙවන වටයේ තරග කාලසටහන නිකුත් වෙයි

පසුගිය සති අන්තයේ දී (23) සාර්ථකව නිමාවට පත්වූ ඩයලොග් රග්බි ලීගයේ දෙවන වටයේ තරග එළඹෙන 2019 වසරේ ජනවාරි 04 වැනිදා යුධ හමුදා ක්‍රීඩා පිටියේ දී ආරම්භ වීමට නියමිතයි.

එනම් ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත ඕස්ටේලියානු ජාතික රග්බි ක්‍රීඩකයෙකු වන ඇඩම් ගාඩ්නර් මෙවර තරග වාරයේ දෙවන අදියර තරග සඳහා ජිම්කානා සමාජය නියෝජනය කරමින් සේවය ලබා දීමට දිවයිනට පැමිණ තිබීමයි.

ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රිමියර් රග්බි තරගාවලිය නියෝජනය කරන බොන්ඩ් විශ්ව විද්‍යාලයීය රග්බි කණ්ඩායම නියෝජනය කළ ඇඩම් ගාඩ්නර් ටෝක්යෝ ගෑස් කණ්ඩායම වෙනුවෙන් ද සියසේවය සපයමින් ඕස්ට්‍රේලියානු ෆූටී (Footy) ලීගයේ දී විශිෂ්ට දස්කම් පෙන්වීමට සමත් වී ඇත.

23න් හැවිරිදි මෙම ජවසම්පන්න යොවුන් රග්බි ක්‍රීඩකයාගේ මව ඕස්ට්‍රේලියානු ජාතික කාන්තාවක් වූවද පියා උපතින්ම ශ්‍රී ලාංකිකයෙකු වීම නිසාවෙන් ඔහුගේ මෙම ගිවිස ගැනීම් සියල්ල තරගාවලි නීති මාලාවට එකඟ බැවින් කිසිදු පාර්ශවයකට ඒ පිළිබඳ චෝදනා එල්ල කළ නොහැකි බව ඉතා පැහැදිලි කරුණකි.

මේ හා සමානම සිදුවීමක් 2016 වසරේ දී සිදු වූ අතර එහි දී CR&FC කණ්ඩායම විසින් එම තරගවාරය ක්‍රීඩා කිරීම සඳහා වයස අවුරුදු 19න් පහළ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක රෝවන් පෙරී සමඟ අත්සන් කළ ගිවිසුම තරගාවලි ක්‍රීඩක නීති මාලාව නොසලකා හරිමින් ගත් තීරණයක් යනුවෙන් පවසමින් සෙසු කණ්ඩායම් තරග වර්ජනය කරන ලදි.

එහි දී රග්බි පරිපාලනය විසින් අනුගමනය කළ ක්‍රියා පටිපාටිය බොහෝ පාර්ශවයන්ගේ දැඩි විවේචනයට පාත්‍ර විය.

ඇඩම් ගාඩ්නර් තරගයක් අතරතුරදී

කෙසේ නමුත් පසුව එම විරෝධතා සියල්ල පුස්සක් බවට පත් කරමින් ඔහුට තමා නියෝජනය කළ මේට්ලන්ඩ් පෙදෙස කණ්ඩායමට ඉදිරියටත් දායකත්වය සප‍යමින් තරගාවලිය සඳහා අඛණ්ඩව ක්‍රීඩා කිරීමේ භාග්‍යය උදා වූයේ ඕස්ට්‍රේලියානු රග්බි සංගමය විසින් ඔහුගේ සියලුම නෛතික බැඳීම්වලින් ඔහුව නිදහස් කිරීමට ගත් ඉතා වැදගත් තීරණය නිසාවෙනි.

එම නිසා මෙවර ශ්‍රී ලංකා රග්බි සම්මේලනය ඉතා සූක්ෂ්මව ක්‍රියාකර නිවැරදිම ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරමින් ගාඩ්නර් සමඟ ගිවිසුමට එළඹ තිබෙන්නේ තරගාවලි ආචාර ධර්ම සහ නීතිවලට එරෙහිව නොයන අයුරිනි. ඒ අනුව හෙට දිනයේ දී CH වර්ණයන්ගෙන් සැරසී නාවික හමුදා කණ්ඩායමට එරෙහිව සිය මංගල රග්බි තරගය වෙනුවෙන් තරග කරන්නට ඔහු හොඳ සූදානමකින් පසුවේ.

දුක සතුට සම සමව රැඳුණු ගෙවුණු වසරේ රග්බි පිටිය

තවත් වසරක් ගෙවී යාමට තවත් ඇත්තේ දින කිහිපයක් පමණයි. ගෙවුණු වසරේ ශ්‍රී ලාංකීය රග්බි පිටියේ මොකද වුණේ? මේ සූදානම රග්බි පිටියේ මතකයන් යළිත් අලුත් කර ගන්නයි.

ගාඩ්නර් අංක 12 ක්‍රීඩකයාගේ කාර්‍යභරය ඉටු කරමින් එම ස්ථානයේ ක්‍රීඩා කළ යුතු ආකාරය පිළිබඳ හොඳ පළපුරුද්දක් ඇති ක්‍රීඩකයෙකු වන අතරම ඇතැම් අවස්ථාවන් හී අංක 8 ස්ථානයේ ක්‍රීඩා කරමින් Scrum (ස්ක්‍රම්) අවස්ථාවන් හීද සිය ආක්‍රමණශීලී ක්‍රීඩා රටාව එලෙසම දියත් කිරීමට ඇති හැකියාව කණ්ඩායමට අමතර වාසියක් වනු නොඅනුමානයි.

CH කණ්ඩායමේ නායක යෝෂිත රාජපක්ෂ ආබාධ තත්වයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වී ඇති මොහොතක ඔහුගේ අඩුව පුරවන්නට මෙම යෞවනයාගේ සම්ප්‍රාප්තිය උපකාරී වනු ඇතැයි ප්‍රේක්ෂකයන් ඇතුළුව බොහෝ දෙනාගේ අපේක්ෂාවයි.

2018/19 තරග වාරය ආරම්භයේ දී පසුගිය වසර අවසානයේ දී ප්‍රසාද ලකුණු සටහනේ පහළින්ම රැඳී සිටි කණ්ඩායම් හතර සඳහා එක් විදෙස් ක්‍රීඩකයෙකු බැගින් ක්‍රීඩා කිරීමේ විශේෂ වරප්‍රසාදයක් ලබා දීමට ශ්‍රී ලංකා රග්බි සම්මේලනය සහ තරගාවලි සංවිධායක කමිටුව කටයුතු යොදා තිබුණ ද ඒ අනුව අනෙක් කණ්ඩායම් වලට අවාසියක් වන බව ප්‍රකාශ කරමින් CH&FC කණ්ඩායම් කළමනාකාරිත්වය චෝදනා එල්ල කිරීමත් සමඟම තරගාවලියේ ප්‍රථම තරග කිහිපය අවසානයේ දී සියල්ල හකුලා ගැනීමට උසාවි නියෝගයක් නිකුත් කිරීමට සිදු විය.

තවමත් ඒ පිළිබඳ විමර්ශන කටයුතු පවත්වන බැවින් නෛතික වශයෙන් නිශ්චිත එකඟතාවකට තවමත් පැමිණ නැත.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<