කැරම් ශූරතාවය අනාස්ට සහ උපේක්ෂාට

374

ශ්‍රී ලංකා කැරම් සම්මේලනය සහ උෟව පලාත් ක්‍රීඩා අමාත්‍යාංශය එක්ව සංවිධානය කර තිබුනු 2016 මධ්‍යම පලාත් කැරම් ශූරතාවලිය පසුගිය දා නිමාවට පත්විය. ජාතික ක්‍රීඩා සැනකෙලියට අලුතින් එක් කල ක්‍රීඩා ඉසව්වක් වන කැරම් ක්‍රීඩාවේ උෟව පලාත් නියෝජනය කරන කණ්ඩායම තෝරා ගැනීම සඳහා පැවැත්වූයේ මෙම ශූරතාවලිය බදුල්ල YMMA ශ්‍රවණාගාරයේදීය.

පසුගිය ලිපි: දයාසිරිගෙන් දැල්පන්දුවට ඇගයීමක්

මෙහිදි පිරිමි අංශයේ ශූරතාවය දිනා ගැනීමට අනාස් අහමඩ් සමත් වූ අතර කාන්තා අංශයේ ජයග්‍රහණය වාර්තා කලේ උපේක්ෂිකා ශ්‍යාමලී ය. ශූරතාවලියේ දෙවැනි ස්ථානය පිරිමි අංශයෙන් එස්. එම්. ශියමඩීන් සහ කාන්තා අංශයෙන් උපේක්ෂා සෙව්වන්දි විසින් හිමිකරගත් අතර නුවන් රවින්ද්‍ර සහ එච්. එම්. ඔ්ෂදි සලිනි ගුණපාල යන අය පිලිවෙලින් පිරිමි සහ කාන්තා අංශයන්හි තෙවන ස්ථානය හිමිකර ගන්නා ලදි.

බදුල්ල සහ මොනරාගල දිස්ත්‍රික්කයන්හි ක්‍රීඩක, ක්‍රීඩිකාවන් පෙරදැරි කර ගනිමින් මධ්‍යම පලාත් ක්‍රීඩා අධ්‍යක්ෂක ගීතා පතිරනවංශ මහත්මියගේ මඟ පෙන්වීමකට අනුව ක්‍රීඩා නිලදාරී සුපුන් රාජපක්ෂ සහ කැරම් සම්බන්දීකාරක නිලදාරී චන්ද්‍රා කුමාරී  යන මහත්ම මහත්මීන්ගේ සංවිධානයෙන් මෙම ශූරතාවලිය පැවැත්විනි.

මෙම ශූරතාවලිය පලාත් තේරීම් තරගාවලියේ අවසන් තරගාවලිය වන අතර අගෝස්තු 28වැනි දා ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ පුර්ණ අධීක්ෂනය යටතේ පැවැත්විනි. අවසානයේ ජාතික ක්‍රීඩා සැනකෙලියට මධ්‍යම පලාත නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 14 දෙනෙකු තෝරා පත්කරගන්නා ලදි.

පිරිමි කණ්ඩායම

  • අනස් අහමඩ්
  • එස්. එම්. ශියමඩීන්
  • නුවන් රවීන්ද්‍ර ෂාන්
  • එස්. අයි. එස්. ගමාච්චිගේ
  • මොහොමඩ් ඉර්ෂාඩ්
  • එම්. එම්. එම්. මසහීර්
  • කේ. ගොපිෂාන්

කාන්තා කණ්ඩායම

  • ඩී. එම්. උපේක්ෂිකා ශ්‍යාමලී
  • ටී.ඒ. උපේක්ෂා සෙව්වන්දි
  • එච්. එම්. ඕෂධී සලිනි ගුණපාල
  • ශිවනි සප්නා විජේකුමාර්
  • ආර්.එම්. උමයංගනී අනුත්තරා
  • ෆාහිමා මන්සූර්
  • ජ්නී ශේකා

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට