නාවික සහ ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් කේවල ශූරතාවයන් දිනයි

310

ශ්‍රී ලංකා කැරම් සම්මේලනය විසින් සංවිධානය කරන ලද 18 වන සභාපති කුසලාන කැරම් ශූරතා තරගාවලිය පසුගිය 04 වැනිදා නිමාවට පත්විය. එහි දී පිරිමි කේවල අංශයේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිශාන්ත ප්‍රනාන්දු සමත් වූ අතර කාන්තා කේවල අංශයේ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ චලනි ලක්මාලි සමත් විය.

පිරිමි – කේවල අංශය

තරගාවලියේ පිරිමි, කේවල අංශයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ලෝක ශූර ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිශාන්ත ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දිනෙත් දුලක්ෂණ සමත්ව තිබූ අතර එහි දී ලකුණු 25-05ක් සහ 25-18ක් ලෙස තරග වට 2-0කින් කේවල අංශයේ ශූරතාවය තමන් සතු කර ගැනීමට නිශාන්ත ප්‍රනාන්දු සමත් විය.

පිරිමි, කේවල අංශයේ ශූරතාවය දිනාගත් නිශාන්ත ප්‍රනාන්දු
  • ශූරතාවය – නිශාන්ත ප්‍රනාන්දු (ශ්‍රී ලංකා නාවික හමුදාව)
  • අනුශූරතාවය – දිනෙත් දුලක්ෂණ (ශ්‍රී ලංකා ගුවන් හමුදාව)
  • තෙවන ස්ථානය – මොහොමඩ් ෂහීඩ් (රාජකීය විද්‍යාලය)

පිරිමි – යුගල අංශය

පිරිමි, යුගල අංශයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත්ව තිබුණේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කළ උදේශ් චන්දිම සමඟ දිනෙත් දුලක්ෂණ සහ ශ්‍රී ලංකා යුධ හමුදාව නියෝජනය කළ අනස් අහමඩ් සමඟ සුරාජ් මදුවන්ත යි. එහි දී ලකුණු 25-03ක් සහ 25-23ක් ලෙස තරග වට 2-0කින් ජයග්‍රහණය හිමිකර ගැනීමට උදේශ් චන්දිම සහ දිනෙත් දුලක්ෂණ සමත් විය.

  • ශූරතාවය – උදේශ් චන්දිම සහ දිනෙත් දුලක්ෂණ (ශ්‍රී ලංකා ගුවන් හමුදාව)  
  • අනුශූරතාවය – අනස් අහමඩ් සහ සුරාජ් මදුවන්ත (ශ්‍රී ලංකා යුධ හමුදාව)
  • තෙවන ස්ථානය – එම්. ෂෙරිෆ්ඩීන් සහ චරිත් මදුශංක (ශ්‍රී ලංකා යුධ හමුදාව)  

කාන්තා – කේවල අංශය

සභාපති කුසලාන කැරම් ශූරතා තරගාවලියේ කාන්තා, කේවල අංශයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ක්‍රීඩිකාවන් දෙපලක් වන චලනි ලක්මාලි සහ යසිකා රාහුබද්ධ සමත්ව තිබූ අතර එහි දී ලකුණු 25-06, 20-25 සහ 25-19ක් ලෙස තරග වට 2-1කින් කාන්තා, කේවල අංශයේ ශූරතාවය හිමිකර ගැනීමට චලනි ලක්මාලි සමත් විය.

කාන්තා, කේවල අංශයේ ශූරතාවය දිනා ගත් චලනි ලක්මාලි
  • ශූරතාවය – චලනි ලක්මාලි (ශ්‍රී ලංකා ගුවන් හමුදාව)
  • අනුශූරතාවය – යසිකා රාහුබද්ධ (ශ්‍රී ලංකා ගුවන් හමුදාව)
  • තෙවන ස්ථානය – රෙබෙකා ඩැල්රීන් (ශ්‍රී ලංකා ගුවන් හමුදාව)

කාන්තා – යුගල අංශය

කාන්තා, යුගල අංශයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කළ යසිකා රාහුබද්ධ සමඟ චලනි ලක්මාලි සහ ශ්‍රී ලංකා යුධ හමුදාව නියෝජනය කළ මදුවන්ති ගුණදාස සහ එම්. චිත්‍රාදේවි සමත් වී තිබිණි. එහි දී ලකුණු 25-13ක් සහ 25-04ක් ලෙස තරග වට 2-0කින් ජයග්‍රහණය හිමිකර ගැනීමට යසිකා රාහුබද්ධ සහ චලනි ලක්මාලි සමත් විය.

  • ශූරතාවය – යසිකා රාහුබද්ධ සහ චලනි ලක්මාලි (ශ්‍රී ලංකා ගුවන් හමුදාව)
  • අනුශූරතාවය – මදුවන්ති ගුණදාස සහ එම්. චිත්‍රාදේවි (ශ්‍රී ලංකා යුධ හමුදාව)
  • තෙවන ස්ථානය – ජෝසෆ්‍ රොෂිටා සහ තරුෂි හිමහංසිකා (ශ්‍රී ලංකා යුධ හමුදාව/මහමායා විද්‍යාලය නුගේගොඩ)  

ශ්‍රී ලංකා කැරම් සම්මේලනය සංවිධානය කරනු ලබන “30 වන සම්මේලන කුසලාන කැරම් ශූරතා තරගාවලිය” ද මෙම (නොවැම්බර්) මස 17 වැනිදා සිට පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. එම තරගාවලියේ මෙන්ම දේශීය විදේශීය කෙළිබිමේ නැවුම් තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<