මුන්රෝ හා මැකලම් අවසන් තරගය සැණකෙළියක් කරයි

208

6 වන වරටත් පැවති කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී ගයනා ඇමර්සන් වෝරියස් කණ්ඩායම කඩුලු 8කින් පරාජය කළ ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම තෙවන වරටත් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට අද (17) සමත් විය. තරගය ටරෝවුබා ක්‍රිකට් පිටියේ පැවැත්විය.

වාර්තා පිට වාර්තා තැබූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඉන්දියාවට බැට දෙති

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති

කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දු යැවීමට තීරණය කළ ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි. ලුක් රොන්චි හා ජේසන් මොහොමඩ් යන පිතිකරුවන් දෙදෙනා හැරෙන්නට අනෙක් පිතිකරුවන් හට සාර්ථක වීමට නොහැකි වුනත් ගයනා ඇමර්සන් වෝරියස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 147ක් රැස්කර ගත්තේය. එයට පිළිතුරු දුන් ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 3ක් තුල නියමිත ඉලක්කය කඩුලු 2ක් පමණක් දැවී සපුරා ගන්නා ලදි.

දිවා/රාත්‍රි තරගයක් ලෙස පැවති මේ තරගයේ පළමුව පිටියට පැමිණි ගයනා ඇමර්සන් වෝරියස් ආරම්භක සබඳතාවය පළමු පන්දුවෙන්ම අවසන් කිරීමට අලි කාන් සමත් විය. ශිම්රන් හේට්මයර් ලකුණු 15යි. ඔවුන්ගේ ඉනිමේ ගොඩනැංවුණු හොඳම සබඳතාවය දෙවන කඩුල්ල වෙනුවෙන් වාර්තා කිරීමට ලුක් රොන්චි හා ශිම්රන් හේට්මයර් සමත් විය. ඒ සබඳතාවය ලකුණු 52කි.

ගයනා ඇමර්සන් වොරියස් කණ්ඩායමේ මැදපෙළ පිතිකරුවන් හට සිය කණ්ඩායම වෙනුවෙන් සාර්ථක පදනමක් සකස් කිරීමට අසමත් වූයේ වමතින් දඟපන්දු යවන කේරි පීරේ ඇතුළු ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් පන්දු යවන්නන් ඉතාමත් දක්ෂ ලෙස පන්දු යැවූ නිසයි. කේරි පීරේ ලකුණු 29කට කඩුලු 3ක් දවා ගත්තේය.

ලකුණු 148ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පැමිණි ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායමේ දකුණතින් පිත්ත හසුරුවන බ්‍රෙන්ඩන් මැකලම් හා දිනේෂ් රාම්ඩීන් යන දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 52ක සබඳතාවයක් එක් කළේය. පන්දු 30ක දී ලකුණු 24ක් රැස්කරගත් රාම්ඩීන් දැවී ගිය පසුව මැකලම් හා පිටියේ එක්වූ කොලින් මුන්රෝ පිළිවෙළින් ලකුණු 39ක් හා ලකුණු 69ක් එක් කරමින් ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායමට ශූරතාවය වෙත ළඟා වීමට අවශ්‍ය මාර්ගය සකසාලන ලදි. පන්දු 24ක් තුල වාර්තා වූ මැකලම්ගේ ඉනිම 4 පහර 5කින් හා 6 පහර දෙකකින් වර්ණවත් විය.

අවසන් පිම්ම පනින්නට පෙර

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු

ගයනා ඇමර්සන් වෝරියස් පන්දු යවන්නන්ගේ බලාපොරොත්තු ඉක්මනින්ම බොඳ කළ කොලින් මුන්රෝ 4 පහර 6ක් හා 6 පහර 3ක් සමඟින් වේගවත් ලකුණු  68*ක් ලබා ගැනීම සඳහා වැය කළේ පන්දු 39ක් පමණි. අවසානයේ ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම මේ තරගය කඩුලු 8කින් ජය ගත්තේ නොකඩවා දෙවන වතාවටත් කැරිබියානු ප්‍රිමියර් ලීග් ශූරතාවය දිනා ගනිමිනි.

ගයනා ඇමර්සන් වොරියස් – 147/9 (20): ලුක් රොන්චි 44, ජේසන් මොහොමඩ් 24, කේරි පීරේ 3/29.

ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් – 150/2 (17.3): කොලින් මුන්රෝ 68, බ්‍රෙන්ඩන් මැකලම් 39, දිනේෂ් රාම්ඩීන් 24.

  • තරගයේ වීරයා – කේරි පීරේ (ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස්)
  • තරගාවලියේ වීරයා – කොලින් මුන්රෝ (ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස්)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<