ලෝක කුසලානයේ “semi final” එන්න ශ්‍රී ලංකාවට තියෙන ඉඩ කඩ

1111

වෙනදා මෙන් නොව මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සමාරම්භය ඇල්මැරුණු ස්වභාවයක් ඉසිලීය. නවසීලන්තය සමඟ පැවති පළමු තරගයම පරාජයට පත්වීම, ඇෆ්ගනිස්තානයට එරෙහිව යන්තමින් ජය ගැනීම මෙන්ම පාකිස්තානය සහ බංග්ලාදේශය සමඟ පැවැත්වීමට නියමිතව තිබුනු තරග වර්ෂාවට සේදී යෑම එකී ස්වභාවයට ප්‍රධානම හේතු සාධක බවට පත්විය.

එංගලන්ත පරාජයෙන් ක්‍රිකට් රන් දෙවොල රත් වෙයි

වමතින් වේගපන්දු යවන 29 හැවිරිදි ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ජේසන් බෙහෙරෙන්ඩොෆ්ගේ දක්ෂතා හමුවේ….

ඕස්ට්‍රේලියාවට එරෙහි තරගයේදී ඉදිරිපෙළ පිතිකරුවන් ලබාගත් සාර්ථක ආරම්භය බොහෝ දෙනාගේ ලෝක කුසලාන හැඟීම් නැවත අවදි කරවන තරමට උත්තේජනයක් ලබා දෙන්නට විය. එය උපරිම තලයට පැමිණියේ එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කිරීමට සමත්වීමත් සමඟය.

එසේ උදාසීනත්වයෙන් ආරම්භ වූ මෙවර ලෝක කුසලාන සටනේදී එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම වාර්තා කර ගන්නා ලද ලකුණු 20ක ජයග්‍රහණය හේතුවෙන් නැවතත් මෙරට ප්‍රේක්ෂකයින්ගේ ක්‍රිකට් හද ගැස්ම වැඩි කරවීමට හේතු වී තිබේ. තරග පැවැත්වෙන දින පිළිබඳව හෝ එතරම් තැකීමක් නොකළ ක්‍රීඩා ලෝලීන් දැන් උනන්දු වන්නේ අවසන් කණ්ඩායම් 4ට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාවට හැකියාවක් ඇත්තේ කෙසේද යන්න පිළිබඳවය. මේ සටහන ඒ වෙනුවෙනි.

ප්‍රසාද ලකුණු සටහනට අනුව ශ්‍රී ලංකාව දැන් සිටින්නේ 06 වැනි ස්ථානයේ ය. එනම් බංග්ලාදේශයට ද පහළිනි. මෙතෙක් ක්‍රීඩා කළ තරග 6න් ඇෆ්ගනිස්තානයට සහ එංගලන්තයට එරෙහිව ජයග්‍රහණ වාර්තා කරගනිමින්ද තරග 2 ක් වර්ෂාව හේතුවෙන් ප්‍රතිඵල රහිත වීම නිසාද ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු 6ක් හිමිව තිබේ.

ප්‍රසාද ලකුණු සටහනට අනුව අඩුම තරග සංඛ්‍යාවකට සහභාගීවී ඇත්තේ ඉන්දියාවයි. ඔවුන් මෙතෙක් තරග 5 කට ක්‍රීඩා කරමින් ජයග්‍රහණ 4 ක් වාර්තා කර, අපරාජිතව එම සටහනේ තෙවැනි ස්ථානයේ පසුවන්නේ මෙවර තරගාවලියේ තවමත් අපරාජිතව සිටින කණ්ඩායම් දෙකෙන් එකක් බවට පත්වෙමිනි. මෙවර තරගාවලියේ අපරාජිත අනෙක් කණ්ඩායම වන්නේ නවසීලන්තය කණ්ඩායමයි.

මූලික වටය යටතේ ඉන්දියාවට තවත් තරග 4ක්ම ඉතිරිව තිබෙන අතර ඔවුන් ක්‍රීඩා කරන ස්වභාවය අනුව අවසන් කණ්ඩායමට 4ට සුදුසුකම් ලැබීම එතරම් අපහසු නොවනු ඇත. එබැවින් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම මෙවර ලෝක කුසලාන ක්‍රිකට් සටනේ අවසන් කණ්ඩායම් 4ට සුදුසුකම් ලබන කණ්ඩායමක් ලෙසින් සැලකිය හැකිය.

මේ වනවිට ලබාගෙන ඇති ජයග්‍රහණ වලට අනුව ඉන්දියාව සමඟ නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව අවසන් කණ්ඩායම් 4ට සුදුසුකම් ලබා ගැනීම සඳහා ප්‍රමාණවත් සුදුසුකම් සපුරා තිබෙන පසුබිමක අනෙක් ස්ථානය සඳහා ශ්‍රී ලංකාව, පාකිස්තානය, බංග්ලාදේශය සමඟ සත්කාරක එංගලන්තය අතර දැඩි සටනක් නිර්මාණය වී තිබේ.

ගහට ගහක් මුණ ගැසෙන මොරටුව = ලීඩ්ස් වූ දා

ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා එංගලන්තයට එරෙහිව ලබාගත් සුපිරි ජය ගැන මේ වනවිට මුළු ලෝකයම …

ඒ අනුව බලන විට දැනට ප්‍රසාද ලකුණු 08ක් හිමිකරගෙන සිටින එංගලන්තයට තවමත් ඉන්දියාව සහ නවසීලන්තය සමඟ තරග කිරීමට නියමිතව තිබේ. යම් ලෙසකින් මෙම තරග 2න්ම ජය ගැනීමට එංගලන්තය සමත් වුවහොත් සිව්වැනි ස්ථානයට විවාදයකින් තොරව සුදුසුකම් ලබන අතරම ඉහතින් නම් කරන ලද කණ්ඩායම් 3ම අවසන් කණ්ඩායමට 4ට සුදුසුකම් ලැබීමේ අදහස අත්හැර ගත යුතුය. එය තවත් පැහැදිළි කරන්නේ නම් එංගලන්තයට හිමි තරග 2ම ඔවුන් ජයග්‍රහණය කිරීමට සමත් වන්නේ නම් එංගලන්තයට හිමිවන ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 12ක් බවට පත්වනු ඇත. පාකිස්තානයට තරග 3ක් සහ බංග්ලාදේශයට තරග 2ක් ඉතිරිව තිබෙන අතර එම තරග සියල්ලම ඔවුන් ජය ගැනීමට සමත් වුවද ඔවුන්ගේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව උපරිමය 11ක අගයක් ගනු ඇත.

ඉහතින් සඳහන් කළා’ක් මෙන් බොහෝදෙනා දැන් අවධානය යොමු කර සිටින්නේ ශ්‍රී ලංකාවට අවසන් පූර්ව තරග වරම් හිමිකර ගත හැකිද යන්නටය. ඒ සඳහා වන පිළිතුර “ඔව්” ලෙස ලබා දිය හැකි වුවත් ඒ සියල්ල රඳා පවතිනුයේ එංගලන්තය ක්‍රීඩා කිරීමට නියමිත තරග දෙකේදී දක්වනු ලබන දක්ෂතා මත පදනම්වය. එම තරග 2ම ජය ගැනීමට එංගලන්තය සමත්ව, ශ්‍රී ලංකාවට හිමි තරග 3 න්ම ජය වාර්තා කළ විට දෙපිළේම ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 12 බැගින් සමාන වනු ඇත. 

ප්‍රසාද ලකුණු සමාන වූ විට සිදුවන්නේ මොකද්ද?

දළ ලකුණු ලබා ගැනීමේ වේගය එතැනදී හරස් වනු ඇති බව බොහෝ දෙනාගේ අදහස බවට පත්වුවද මෙහිදී ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කෙරෙන්නේ මූලික වටය යටතේ කෙතරම් ජයග්‍රහණය සංඛ්‍යාවක් ලබා ඇත්ද යන්න පිළිබඳවය. එම අනුමානයේදී ශ්‍රී ලංකාවේ ජයග්‍රහණ සංඛ්‍යාව 5ක් වන අතර එංගලන්තයේ ජයග්‍රහණ සංඛ්‍යාව 6ක් වනු ඇත.

ජයග්‍රහණ සංඛ්‍යාව සමාන වූ විට දී පමණක් දළ ලකුණු ලබා ගැනීමේ වේගයෙන් ඉදිරියට යනු ලබන කණ්ඩායම තේරීමට නියමිත අතර එහිද මේ වනවිට වැඩිම වාසිය පවතින්නේ එංගලන්ත කණ්ඩායමටය. මන්ද යත් ශ්‍රී ලංකාවේ දළ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය – 1.119 ක් වන අතර එංගලන්තයේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය + 1.051 ක් ලෙසින් සටහන් වන බැවිනි. ඒ අනුව බැලීමේදී අවසන් කණ්ඩායම් 4ට සුදුසුකම් ලබා ගැනීමට නම් ශ්‍රී ලංකාව මීළඟ තරග 3ම ජය ගැනීම ම ප්‍රමාණවත් නොවන අතර එංගලන්තයට තරග වැදීමට නියමිතව ඇති තරග 2න් එකක් එංගලන්තයට පරාජයට පත්වන තෙක් බලා සිටිය යුතු වනු ඇත.

“අංක 6 ස්ථානය සඳහා අපිට ගොඩක් විකල්ප නැහැ.”- හතුරුසිංහ

2019 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන 7 වැනි තරගය එළඹෙන….

ක්‍රීඩා ලෝලීන් සතුව ඇති තවත් ගැටළුවක් බවට පත්ව ඇත්තේ තරග 2ක් පමණක් ජය ගනිමින් ඉදිරියට යා හැකිද යන්නය. එයටද පිළිතුර ලෙසින් “හැකිය” යන්න ලබා දිය හැක. එහෙත් බංග්ලාදේශය සහ පාකිස්තානය ඔවුන්ට තරග වැදීමට නියමිතව තිබෙන එක් තරගයකින් පරාජය විය යුතු වන අතරම එංගලන්තය ඔවුන්ට හිමි තරග 2ම පරාජයට පත්විය යුතුය. එවිට පාකිස්තානය සහ බංග්ලාදේශයේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 09 ක් වන අතර එංගලන්තය ප්‍රසාද ලකුණු 08කට හිමිකම් කියනු ඇත. තරග 2ක ජය ශ්‍රී ලංකාවට හිමි වුවහොත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 10 දක්වා ඉහළ යන බැවින් ඉතා ලේසියෙන් දෙවැනි වටය සඳහා සුදුසුකම් ලැබීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිවනු ඇත.

ඒ අනුව බැලීමේදී මෙවර තරගාවලියේ මීළඟ තරග වටය හෙවත් අවසන් කණ්ඩායම් 4ට සුදුසුකම් ලැබීම, ශ්‍රී ලංකාවට බැලූ බැල්මට පහසු නොවන බව මේ පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කිරීමේදී පැහැදිළිවම පෙනී යනු ඇත.

PosTeamsMatchesWLTiedNRPointsNRR
6Sri Lanka934028-0.919
5Pakistan9530111-0.430
9West Indies926015-0.225
2Australia9720014+0.868
7South Africa935017-0.030
4New Zealand9530111+0.175
1India9710115+0.809
8Bangladesh935017-0.410
10Afghanistan909000-1.322
3England9630012+1.152

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<