තෙවන ටෙස්ට් තරගයේ නායකත්වය සුරංග ලක්මාල්ට

182

බටහිර ඉන්දීය කොදෙව් ශ්‍රී ලංකා තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (23) බාබඩෝස් හිදී දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ලෙස ආරම්භ වන අතර දිනේෂ් චන්දිමාල් තරග තහනමකට ලක්වීම නිසා එම තරගයේ නායකත්වය සුරංග ලක්මාල්ට භාර දීමට නියමිත බව වාර්තා වේ.

අභියාචනාව විසි වේ; චන්දිමාල්ට තෙවැනි තරගයට දොර වැසේ

දිනේෂ් චන්දිමාල් විසින් යොමු කළ අභියාචනාව පරාජය වීම නිසා ඔහු හට ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර අද

ඊයේ පැවති චන්දිමාල්ගේ අභියාචනා විභාගයෙන් අනතුරුව ICC අධිකරණ කොමසාරිස් වශයෙන් කටයුතු කළ Michael Beloff තරග තීරකයාගේ තීන්දුව නිවැරදි බව පවසමින් ‘පන්දුවේ ස්වභාවය වෙනස් කිරීමේ’ චෝදනාවට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනාව ප්‍රතික්ෂේප කරන ලදි.

රංගන හේරත් ද නායකත්වය සඳහා සලකා බලා ඇති නමුත් ඔහුගේ දකුණු අතේ ඇඟිලිවල ආබාධයක් හේතුවෙන් ඔහු අද (23) තරගයට සහභාගී වීම අවිනිශ්චිත නිසා සුරංග ලක්මාල්ට ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වරම් හිමිව තිබේ.

රංගන හේරත් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා නොකළ අතර ඔහු වෙනුවට අකිල ධනංජය කණ්ඩායමට එක්විය.

චන්දිමාල්ට එරෙහිව තවත් චෝදනාවක් ගොනු වී අතර තෙවැනි මට්ටමේ චෝදනාවක් වන ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණයට හානි වන සේ හැසිරීම යන චෝදනාවට ඔහු වැරදිකරු වුවහොත් ලබන මස දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරග දෙක ද ඔහුට අහිමි වනු ඇත. ශ්‍රී ලංකා පුහුණුකරු චන්දික හතුරුසිංහ හා කළමනාකරු අසංක ගුරුසිංහට ද මේ චෝදනාව එල්ල වී අතර ඒ චෝදනාවට ඔවුන් වරදකරුවන් වුවහොත් ඔවුන් දෙදෙනාට ද දකුණු අප්‍රිකාව සමඟ පළමු ටෙස්ට් තරග දෙක අහිමි වනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<