බුම්රාට නිවාඩුවක්!

139

එළඹෙන 12 වැනිදා ඕස්ට්‍රේලියාව සමඟ ආරම්භ වීමට නියමිත එක්දින තරගාවලිය සහ ඉන් අනතුරුව නවසීලන්තය සමඟ පැවැත්වෙන සීමිත පන්දුවාර තරගාවලී ද්විත්වය සඳහා ඉන්දීය වේගපන්දු බලඇණියේ ප්‍රබල සාමාජිකයෙකු වන ජස්ප්‍රිට් බුම්රා විවේක ගැන්වීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා A කණ්ඩායම තරගාවලියේ ඉදිරිය ගනී

ශ්‍රී ලංකා සහ අයර්ලන්ත A ක්‍රිකට් කණ්ඩායම් අතර කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන නිල නොලත් පළමු සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනයේ පළමු කාර්තුව…

අද (08) මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය දන්වා සිටියේ ඔහු වෙනුවට දකුණතින් වේගපන්දු යවන මොහොමඩ් සිරාජ් එක්දින සංචිතය සඳහාත්, සිද්ධාර්ත් කෞල් නවසීලන්තය සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය සඳහාත් නම් කර ඇති බවයි.

නිමාව දුටු ඕස්ට්‍රේලියාව සමඟ පැවති ටෙස්ට් තරගමාලාවේ දී සියලුම තරග සඳහා ක්‍රීඩා කරමින් සිය දායකත්වය මැනවින් තම කණ්ඩායමට ලබා දුන් බුම්රා ක්‍රියාත්මක කළ මුළු පන්දුවාර 157.1 තුල දී කඩුලු 21ක් දවා ගැනීමට සමත් විය. ඔහුගේ පන්දු යැවීමේ සඟයින් ලෙස කටයුතු කළ ඉශාන්ට් ෂර්මා සහ මොහොමඩ් ෂැමී හට ද පන්දුවාර 100කට අධික ප්‍රමාණයක් දියත් කරමින් ප්‍රතිවාදී ක්‍රීඩකයින් හට දැඩි පීඩනයක් එල්ල කිරීමට හැකි විය.

එමනිසා විශේෂයෙන්ම වේගපන්දු යවන්නන් හට අත්‍යවශ්‍ය නිසි විවේකය ලබා දීම මඟින් ඔවුන් ආබාධයන්ට ගොදුරු වීමේ අවදානම විශාල වශයෙන් පහත හෙළන බවත්, එවැනි ආබාධයන්ට ලක්වීමේ අවදානමක් වෙතොත් නිසි අයුරින් ඒවා කළමනාකරණය කරගනිමින් ක්‍රීඩකයින් රැකගැනීමේ වැදගත්කම සඳහන් කරමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය බුම්රා විවේක ගැන්වීමේ තීරණය පිළිබඳ තවදුරටත්  කරුණු පැහැදිලි කර දක්වා තිබුණි.

වම – මොහොමඩ් සිරාජ් දකුණ – සිද්ධාර්ත් කෞල්

මොහොමඩ් සිරාජ් පසුගිය දා අවසන් වූ ඉන්දීය ඒ කණ්ඩායමේ නවසීලන්ත සංචාරයේ දී ඉතා හොඳ පන්දු යැවීමක නිරත වෙමින් තේරීම් කමිටු නිලධාරීන්ගේ අවධානය තමා වෙත යොමුකර ගැනීමට සමත් වූ අතර පන්ජාබ් කණ්ඩායමට එරෙහිව කඩුලු 7ක් දවා ගනිමින් රන්ජි කුසලානයේ දී ද කැපී පෙනෙන දක්ෂතාවන් ප්‍රදර්ශනය කිරීමට සමත් විය.

කෞල් හට රන්ජි කුසලානයේ තමා සහභාගි වූ අවසන් තරග දෙකේ දී ප්‍රතිවාදී කඩුලු 10ක් බිඳ හෙළීමට හැකි වූ අතර නවසීලන්ත A තරග සංචාරයේ අවසන් තරගයේ දී කඩුලු 4ක් ද සමඟ තරගාවලිය පුරාවට පිතිකරුවන් හත්දෙනෙකු නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ඔහු සමත්කම් පෑවේය.

කෝලි ප්‍රමුඛ ඉන්දියානුවන් ඕස්ට්‍රේලියාවේ දී ඉතිහාසය වෙනස් කරයි

මේ මස 3 වැනිදා සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ සංචාරක ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම අතර තරග 4කින් සමන්විත් ටෙස්ට් තරගාවලියේ…

ඉන්දියව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය මේ මස 12 වැනිදා සිට 18 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති අතර ඉන් අනතුරුව නවසීලන්තය බලා පිටත්ව යන ඉන්දීය කණ්ඩායම එහි දී එක්දින තරග පහක් සහ විස්සයි විස්ස තරග තුනකින් සමන්විත සීමිත පන්දුවාර තරගාවලි ද්විත්වයකට මුහුණ දීමට නියමිතයි.

ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා නම් කළ ඉන්දීය සංචිතය  

විරාත් කෝලි (නායක), රෝහිත් ෂර්මා, ෂිඛර් ධවාන්, ලෝකේෂ් රාහුල්,දි නේෂ් කාර්තික්, කේදාර් ජාදෙව්, මහේන්ද්‍ර සිං දෝනි, හර්දික් පාන්ඩ්‍යා, කුල්දීප් යාදෙව්, යුවේන්ද්‍ර චහල්, බුවනේස්වර් කුමාර්, කලීල් අහමඩ්, මොහොමඩ් ෂැමී, මොහොමඩ් සිරාජ්, රවීන්ද්‍ර ජඩේජා, අම්බටි රයිදු

නවසීලන්තය සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සඳහා නම් කළ ඉන්දීය සංචිතය

විරාත් කෝලි(නායක), රෝහිත් ෂර්මා, ෂිඛර් ධවාන්, ලෝකේෂ් රාහුල්, දිනේෂ් කාර්තික්, කේදාර් ජාදෙව්, මහේන්ද්‍ර සිං දෝනි, හර්දික් පාන්ඩ්‍යා, කුල්දීප් යාදෙව්, යුවේන්ද්‍ර චහල්, බුවනේස්වර් කුමාර්, කලීල් අහමඩ්, සිද්ධාර්ත් කෞල් ,කෲනල් පාන්ඩ්‍යා, රිෂාබ් පාන්ට්

> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <