සාන්ත ඇලෝසියස් විද්‍යාලයට පහසු ජයක්

441
Buddila and Sanjana leads St. Aloysius to victory

වයස අවුරුදු 19න් පහළ සිංගර් අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩයේ පළමු තරගය, B කාණ්ඩයේ තරගයක් ලෙස අද (11) ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය සහ කෝට්ටේ ජනාධිපති විද්‍යාලය පැවැත්විය. ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ය. මෙම තරගයෙන් කඩුලු 10ක පහසු ජයග්‍රහණයක් වාර්තා කර ගැනීමට සාන්ත ඇලෝසියස් විද්‍යාලයීය කණ්ඩායම සමත් විය.

දුවිඳුගේ දඟපන්දුව නිසා MAS යුනිචෙලාට සුපිරි ජයක්!

සිංගර් ශ්‍රී ලංකා ආයතනයේ සාඩම්බර අනුග්‍රහය යටතේ පැවැත්වෙන 25 වැනි වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ දෙවැනි…

තරගයේ කාසියේ වාසිය දිනාගත් සාන්ත ඇලෝසියස් විද්‍යාලයීය කණ්ඩායම් නායකයා, ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා කෝට්ටේ ජනාධිපති විද්‍යාලයට ආරාධනා කළේය. එහි දී සාන්ත ඇලෝසියස් විද්‍යාලයීය පන්දු යැවීමේ බලඇණිය හමුවේ ජනාධිපති විද්‍යාලයීය පිතිකරුවන් හට ප්‍රබල පීඩනයක් එල්ල වූ අතර ඒ අනුව ඔවුන්ගේ ඉනිම ලකුණු 111කට සීමා විය. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නියෝජනය කරන වමත් දඟපන්දු යවන ක්‍රීඩක ෂෙහාන් බුද්ධිල, එහි දී කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය.

ඒ අනුව තරගයේ පළමු දිනයේ දී සාන්ත ඇලෝසියස් විද්‍යාලයීය ක්‍රීඩකයින් හට පිතිකරණයේ යෙදීමට පන්දුවාර 50කට අධික සංඛ්‍යාවක් ඉතිරි වූ අතර ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නියෝජනය කරන රවිඳු සංජන විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 178කින් ලකුණු 124ක් සහ හරීන් බුද්ධිල අර්ධ ශතකයක් වාර්තා කර ගනිමින් ඇලෝසියස් කණ්ඩායමේ ඉනිම ශක්තිමත් කළේය. ඒ අනුව සාන්ත ඇලෝසියස් විද්‍යාලයීය කණ්ඩායම පන්දුවාර 63.3ක දී කඩුලු 8ක් දැවී ලකුණු 254ක් රැස්කරමින් ඉනිම අත්හිටුවීමට තීරණය කළේය.

පළමු ඉනිමේ දී අසාර්ථක වීම හේතුවෙන් තරගය පරාජය වීමෙන් වැළකීමට නම්, කෝට්ටේ ජනාධිපති විද්‍යාලයීය ක්‍රීඩකයින් හට සිය දෙවැනි ඉනිම ඉතා හොඳින් ක්‍රීඩා කිරීමට සිදු විය. නමුත් ඔවුන්ගේ බලාපොරොත්තු බිඳ දැමූ හරීන් බුද්ධිල කිසිදු අපහසුවකින් තොරව කඩුලු දවා ගැනීමට සමත් විය. ඒ අනුව ජනාධිපති විද්‍යාලයීය කණ්ඩායමේ දෙවැනි ඉනිම ද පන්දුවාර 50ක් ඇතුළත දී ලකුණු 148ක් වැනි අඩු සංඛ්‍යාවකට සීමා විය.

දෙවැනි ඉනිමේ දී ද සිය කඩුලු ලබා ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කළ හරීන් බුද්ධිල, විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 59කට කඩුලු 8ක් දවා ගැනීමට සමත් වූ අතර ඒ අනුව ඔහු තරගයේ දී ලකුණු 89ක් තුල කඩුලු 13කට හිමිකම් කීමට සමත් විය. තරගය අවසානයේ කෝට්ටේ ජනාධිපති විද්‍යාලයට එරෙහිව කඩුලු 10ක පහසු ජයග්‍රහණයක් වාර්තා කර ගැනීමට ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලයීය ක්‍රීඩකයින් සමත් විය.

ජනාධිපති විද්‍යාලය, කෝට්ටේ 111 (41.1) – තක්‍ෂිල නිර්මාල් 52, හරීන් බුද්ධිල 5/27 සහ 148 (49.3) – ගලිඳු දෙව්මිණ 56, ඉරංග හෂාන් 27, ඉරුණ සිගේරා 21*, හරීන් බුද්ධිල 8/59, රවිඳු සංජන 2/36

සාන්ත ඇලෝසියස් විද්‍යාලය, ගාල්ල 254/8d (63.3) – රවිඳු සංජන 124, හරීන් බුද්ධිල 58, අශේන් බණ්ඩාර 39, ඉරංග හෂාන් 3/42, විමුක්ති ලංකා 2/24, දිනෙත් දමිඳු 2/68 සහ 6/0 (02)

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට