බ්‍රැඩ්බි පලිහ ආරම්භ කිරීමට සූදානම්

284

පාසල් රග්බි පිටියේ දැවැන්ත සටනක් වන කොළඹ රාජකීය විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර වාර්ෂිකව පැවැත්වෙන “බ්‍රැඩ්බි පලිහ” සංග්‍රාමයේ පළමුවන අදියර මැයි මස 25 වන දින පැවැත්වීමට නියමිතය.

ක්‍රීඩාවත් සමඟ සහජීවනයෙන් නැඟිටිමු – ක්‍රීඩා ඇමති

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ මූලිකත්වයෙන් අද (02) ක්‍රීඩා අමාත්‍යාංශයේ දී මාධ්‍ය හමුවක් පැවති අතර පසුගිය දා එල්ල වූ ත්‍රස්ත

මේ පිළිබඳව ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් චන්ද්‍රසේකර මහතා ThePapare.com වෙත තම අදහස් දක්වමින් මෙසේ පැවසීය.

“අප මේ පිළිබඳව පාසල් දෙකේම සංවිධායකවරුන් සමඟ සාකච්ඡා කළා. ඔවුන් සූදානම් මැයි මස 25 වන දින පළමු අදියර පැවැත්වීමටත්, ජුනි මස 01 වන දින දෙවන අදියර පැවැත්වීමටත්. එසේම අප බලාපොරොත්තු වනවා ජුනි මස 01වන දින සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය ආරම්භ කිරීමට. අප සිටින්නේ ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ වගේම ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ලැබෙන තුරු”

ශ්‍රී ලංකාවෙන් බාබේරියන්ස්ට හොඳ සංග්‍රහයක්

අද (2) මැලේසියාවේ UPM ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු ශ්‍රී ලංකා සභාපතිගේ රග්බි කණ්ඩායම හා මැලේසියන් බාබේරියන්ස්

බ්‍රැඩ්බි පලිහ තරගයේ ඉතිහාසය ගත්විට වර්ෂ 1945 සිට නොනවත්වා ක්‍රීඩාකළ තරගයකි. 1971 වසරේදී රටේ තිබූ ආරක්ෂක හේතූන් නිසා එහි අදියර දෙකෙන් එක් අදියරයක් පමණක් පැවැත්වුණ අතර එහිදී එම අදියර ජයගත් කණ්ඩායමට ජයග්‍රහණය පිරිනැමුණි.

නමුත් මෙම වසරේ (2019) සංවිධායක මඩුලු දෙක මැයි මස 25 වන දින සහ ජුනි 01 වන දින තරගයේ අදියර දෙක පැවැත්වීමට එකඟ වී ඇත. කෙසේ වූවත් ප්‍රේක්ෂකයින් විශාල ප්‍රමාණයක් සහභාගී වන මෙම තරගාවලියේ ආරක්ෂාව ගැන විශේෂයෙන් අවධානය යොමු කළ යුතු වේ.  

              >> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<