තරංගට සිව්වැනි අර්ධ ශතකය මඟ හැරේ

989
BPL 2017 Khulna Titans v Sylhet Sixers report

ශ්‍රී ලංකා එක්දින හා විස්සයි විස්ස නායක උපුල් තරංග බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ නොකඩවාම අර්ධ ශතක 3ක් ලබා ගැනීමට සමත් වූ නමුත් ඊයේ (8) පැවැත්වූ තරගයේ දී තරංගට සිව්වැනි අර්ධ ශතකය මඟ හැරී ගියේය.

ගුණතිලක හා තරංග ශීලාත් පිටිය දෙවනත් කරති

නොවැම්බර් මස 4 වැනිදා සිට දෙසැම්බර් 12 වනදා දක්වා බංග්ලාදේශයේ දී පැවැත්වෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් …

Sylhet Sixers කණ්ඩායමට පළමුව ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට, කුල්නා ටයිටන්ස් කණ්ඩායම් නායක මහමදුල්ලා අවස්ථාව දුන්නේය.

සුපුරුදු පරිදි Sylhet Sixers කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගලය ලෙස ඇන්ඩෘ ෆ්ලෙචර් හා උපුල් තරංග පිටියට පැමිණි අතර ඔවුන්ගේ සබඳතාවය ලකුණු 19කට සීමා කරමින් ලකුණු 4ක් ලබාගෙන සිටි ෆ්ලෙචර්, මහමදුල්ලාගේ දෑතට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියේය. ලකුණු 20කට කඩුලු 2ක් දැවී සිය ලකුණු වේගය අඩාල කරගෙන සිටි Sylhet Sixers කණ්ඩායමේ ලකුණු වේගය, යම්තාක් මට්ටමකට ඉහළට එසවූ තරංග හා ධනුෂ්ක ගුණතිලක, තෙවන කඩුල්ලට ලකුණු 31ක සබඳතාවයක් ගොඩ නැංවිය.

එහි දී තෙවන කඩුල්ල ලෙස පිටිය හැර ගිය තරංග, 4 පහර 3ක් සමඟින් ලකුණු 26ක් රැස්කරගෙන සිටි අතර ඔහුට මෙම තරගාවලිය තුල නොකඩවා අර්ධ ශතක 4ක් ලබා ගැනීමට තිබූ අවස්ථාව ද ඒ සමඟින් ඔහුට මඟ හැරී ගියේය.

ගුණතිලක ලකුණු 26ක් රැස්කර ගැනීමට 4 පහර 3ක් හා එක් 6 පහරක් එල්ල කරන ලදි. වේගවත් පිතිකරණයක නිරත වෙමින් නායකත්වයේ වගකීම හැකි උපරිමයෙන් ඉටු කළ නසීර් හුසෙයින් පන්දු 35ක් තුල ලකුණු 47ක් රැස්කර ගත්තේ වර්ණවත් 4 පහර 5ක් සමඟිනි. අවසානයේ Sylhet Sixers ඉනිම ලකුණු 135කට සීමා විය. රොස් වයිට්ලි ලකුණු 27ි. පන්දු යැවීමේ දී මහමදුල්ලා හා ජොෆ්රා අචර් අතරේ කඩුලු 2ක බැගින් බෙදී යන ලදි.

ඩී. එස්. සේනානායක විද්‍යාලයට පූර්ණ ජයක්

ක්‍රිකට් ක්‍රීඩාවෙන් ජාත්‍යන්තරය ජයග්‍රහණය කිරීමේ අරමුණ ඇති ක්‍රීඩකයින් ඉලක්ක කර ගනිමින් …

ලකුණු 136ක ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි මහේල ජයවර්ධනගේ පුහුණුකාරීත්වයෙන් යුතු කුල්නා ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් වේගවත් පිතිකරණයක නිරත වූ මයිකල් ක්ලින්ගර් පන්දු 36ක් තුල නොදැවී ලකුණු 47ක් රැස්කර ගත්තේය. ඔහුට සහය වූ මහමදුල්ලා ලකුණු 27යි. ඒ අනුව මෙම තරගය කඩුලු 6කින් ජයග්‍රහණය කළ කුල්නා ටයිටන්ස් කණ්ඩායම මෙවර තරගාවලියේ ලබාගත් පළමු ජය ලබා ගැනීමට සමත් විය. ඒ අනුව මෙම තරගාවලියේ අපරාජීතව සිටි Sylhet Sixers කණ්ඩායම පළමු පරාජය උරුමකර ගත්තේය. පන්දු යැවීමේ දී වමතින් දඟපන්දු යවන ටයිජුල් ඉස්ලාම් ලකුණු 19ක් තුල කඩුලු 3ක් දවා ගන්නා ලදි.

තරගයේ වීරයා ලෙස මහමදුල්ලා සම්මාන දිනාගත්තේය.

Sylhet Sixers – 135/5 (20): නසීර් හුසෙයින් 47, රොස් වයිට්ලී 27, උපුල් තරංග 26, ධනුෂ්ක ගුණතිලක 26 මහමදුල්ලා 2/12, ජොෆ්රා අචර් 2/25.

කුල්නා ටයිටන්ස් – 138/4 (18): මයිකල් ක්ලින්ගර් 47*, මහමදුල්ලා 27, කාලොස් බ්‍රේත්වෙයිට් 23*, ටයිජුල් ඉස්ලාම් 3/19.

මෙම තරගාවලියේ මීළඟ තරගය රාන්ග්පූර් රයිඩර්ස් හා රාජ්ශාහී කිංග්ස් කණ්ඩායම අතර, ලබන 11 වැනිදා මීර්පූර් හිදී පැවැත්වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<