පන්දු යැවීමේ සැකයෙන් කොදෙව් දඟයෙක් නිදහස්

64

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ දඟපන්දු ‍යවන්නෙකු වන ක්‍රේග් බ්‍රැත්වෙයිට්ගේ පන්දු ‍යැවීම නීති විරෝධී නොවන බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් තහවුරු කර තිබෙනවා. 

නව මුහුණුවරකින් ශ්‍රී ලංකා පිළ කරච්චි පිටියට!

දීර්ඝ කාලයක් පුරාවට පාකිස්තානයට අහිමිව තිබූ ක්‍රිකට් …..

පසුගිය ඉන්දීය කණ්ඩායමේ කොදෙව් තරග සංචාරය අතරතුර දී විනිසුරුවන් විසින් ඔහුගේ පන්දු යැවීම නීති විරෝධී බව පැමිණිලි කර තිබුණි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය සඳහන් කරන පරිදි අනුව ක්‍රේග් බ්‍රැත්වෙයිට් හට නැවතත් ජාත්‍යන්තර තරගවල පන්දු ‍යැවීමේ අවස්ථාව හිමිවී තිබේ. 

පිට දඟපන්දු ‍යවන්නෙකු වන ක්‍රේග්ගේ පන්දු ‍යැවීම සැක සහිත බව පසුගිය සැප්තැම්බර් මස දෙවැනිදා කින්ග්ස්ටන් හිදී නිමා වූ දෙවන ටෙස්ට් තරගයේ දී විනිසුරුවන් විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය වෙත පැමිණිලි කර තිබුණි. 

ඉන් අනතුරුව පසුගිය සැප්තැම්බර් මස 14 වැනිදා ක්‍රේග් තම පන්දු ‍යැවීමේ ඉරියව්ව පරීක්ෂා කිරීමට සහභාගි විය. එහි දී ඔහුගේ පන්දු ‍යැවීමේ දී වැලමිට අංශක 15කට නොවැඩි අගයක් ගන්නා බව තහවුරු කරගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට හැකිවී තිබේ. එම අගය ක්‍රිකට් කවුන්සල නීති වලට අනුව නීති විරෝධී නොවේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<