අකිල දනංජයට අපල කාලයක් එළඹෙමින් ICC තීන්දුව නිකුත් වේ!

1084

ශ්‍රී ලංකාවේ දඟපන්දු යවන ක්‍රීඩක අකිල දනංජය හට වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද (10) තීරණය කර ඇත. ඒ සඳහා හේතුව වී ඇත්තේ අකිලගේ පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යානුකූල නොවීමයි.

අකිලගේ පන්දු යැවීමේ ඉරියව් ගැන සැකයක් – ICC

සංචාරක එංගලන්තය හා ශ්‍රී ලංකාව අතර පසුගිය දා ගාල්ලේ දී නිමා වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා…

මේ වන විට සම්මත වී තිබෙන ජාත්‍යන්තර ක්‍රිකට් නීතිරීති හා රෙගුලාසිවලට අනුව ඕනෑම දඟපන්දු යවන්නෙක් හට ඔහුගේ අත අංශක 156කට ගෙන ඒමට අවස්ථාව දෙන නමුත් පසුගිය 23 වැනිදා ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් හිදී පැවති පරීක්ෂණයේ ප්‍රතිඵලවලට අනුව අකිල දනංජයගේ ඇත එම සීමාව ඉක්මවා යන බව තහවුරු වීමත් සමඟම අකිලගේ පන්දු යැවීමේ ඉරියව්ව ක්‍රිකට් පිටිය තුලදී නීත්‍යානුකූල නොවේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීති හා රීති පද්ධතියේ 11.1ක් වන වගන්තිය හා 11.5 වන වගන්ති වලට අනුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුල පන්දු යැවීමට අකිල හට නොහැකි වුවත් දේශීය මට්ටමින් පැවැත්වෙන ක්‍රිකට් තරග රටාවන් තුල යම් විරෝධයන් එල්ල නොවන්නේ නම් හෝ ඒ ඒ අදාළ ආයතනයන් මඟින් ඔහුගේ පන්දු යැවීම තහනම් නොකරන්නේ නම් ඔහුට පන්දු යැවීමේ හැකියාව පවතී.

අසේල ගුණරත්න නැවතත් සුපුරුදු දක්ෂතා අතරට

ආසියානු කලාපයේ රටවල් 8ක සහභාගිත්වයෙන් පැවැත්වෙන නැගී එන කණ්ඩායම් අතර වන ආසියානු…

පසුගිය දා නිමාවට පත් වූ එංගලන්ත තරග සංචාරයේ ගාල්ලේ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බව තරග තීරකවරුන් හා පිටියේ විනිසුරුවරුන් විසින් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයට (ICC) වාර්තා කළේය. එම තරගයේ දී ඉනිම් දෙකේ දී ලකුණු 183ක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින් දවා ගැනීමට සමත් වූයේ කඩුලු දෙකක් පමණි. නමුත් එංගලන්තය සමඟ 3-1ක් ලෙස ශ්‍රී ලංකාව පරාජයට පත්වූ එක්දින ක්‍රිකට් තරගාවලියේ දී පැවති එක්දින තරග 5ටම සහභාගී වූ අකිල එහි දී ලකුණු 179කට කඩුලු 9ක් දවා ගත්තේ තරගාවලිය අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා වෙමිනි.

අකිල දනංජය සිය පන්දු යැවීමේ ඉරියව්ව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමත නීති හා රීති වලට අදාළව සකස් කර ගත් පසුව ඔහුට පනවා තිබෙන ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනම ඉවත් කර ගැනීම වෙනුවෙන් නැවත වතාවක් ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව පරික්ෂා වට ලක් කිරීමට අවස්ථාව තිබේ.

මේ දක්වා ජාත්‍යන්තර ක්‍රිකට් තරග 50කට ක්‍රීඩා කර ඇති අකිල දනංජය එම තරගවල දී කඩුලු 79ක් දවා ගෙන ඇත. ඔහුගේ හොඳම ටෙස්ට් පන්දු යැවීම ලෙස සටහන් වන්නේ බංග්ලාදේශයට එරෙහිව ඩකා හිදී පැවති මංගල ටෙස්ට් තරගයේ දී ලකුණු 24කට කඩුලු 5ක් දවා ගැනීමයි. ඔහුගේ දක්ෂ පන්දු යැවීම නිසාම ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී චෙන්නායි සුපර් කිංග්ස් හා මුම්බායි ඉන්දියන්ස් යන කණ්ඩායම් නියෝජනය කිරීමට ද අකිලට වරම් ලැබුණි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<