බෝම්බයක් නිසා ප්‍රමාද වූ තරගය

8568

කැනඩා ලෝක විස්සයි විස්ස ප්‍රිමියර් ලීග් තරගාවලිය පසුගියදා ආරම්භ විය. එහි තවත් තරගයක් පසුගිය සිකුරාදා මොන්ට්‍රියල් ටයිගර්ස් සහ විනිපෙග් හෝක්ස් අතර බ්‍රැම්ප්ටන් හිදී පැවැත්වීමට නියමිතව තිබිනි. කෙසේවෙතත් යම් ප්‍රමාදයක් නිසා තරගය ආරම්භ වීම මිනිත්තු 90 කින් පමණ ප්‍රමාද විය. එම නිසා තරගයේ එක් ඉනිමක් පන්දුවාර 12 කට සීමාවූ අතර එම ප්‍රමාදයට හේතුව සංවිධායකයන් විසින් පැහැදිලිව සඳහන් කර තිබුනේ නැත. 

අවිශ්ක රසික හදවත් දිනද්දී ශ්‍රී ලංකාව තරගාවලිය ජය ගනියි!

කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින් තුන් ඉරියව්වෙන්ම දැක්වූ විශිෂ්ට දක්ෂතා…..

“තාක්ෂණික දෝෂ කිහිපයක් නිසා ආරම්භය තරමක් ප්‍රමාද වුනා.” යනුවෙන් සංවිධායකයන් විසින් twitter පණිවුඩයක් මඟින් අදහස් දක්වා ඇත. ඒ පස්වරු 4.50 ට පමණය. ඒ වනවිටත් තරගය මිනිත්තු 20 ක කාලයක් ප්‍රමාද වී තිබිනි. කෙසේවෙතත් මෙම සිදුවීම අතරතුර එක් රූපවාහිනී නිවේදකයෙක් විසින් මෙම ප්‍රමාදය “ආරක්ෂක හේතූන්” මත සිදුවූ බව පවසා ඇත. ඒ වනවිට ක්‍රීඩාංගණයෙන් පිටත ක්‍රීඩාංගණයට ඇතුළු වීම සඳහා ප්‍රේක්ෂකයන් විශාල ප්‍රමාණයක් රැඳී සිටින ආකාරයද, ඔවුන්ට ආරක්ෂක අංශ ඇතුළු වීමට ඉඩ නොදෙන ආකාරයද twitter ඔස්සේ පැතිර යමින් තිබිනි.

ESPNcricinfo විසින් මෙම සිදුවීම පිළිබඳව විමසීමට සම්බන්ධ කරගත් ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම පවසා ඇත්තේ තමන්ට ක්‍රීඩා පිටියට ඇතුළු වීමට අවසර නොමැති බවයි. එහිදී අයිතිකාරයෙකු නොමැති සැක කටයුතු යමක් ආරක්ෂක අංශ වෙත හමුවී තිබූ අතර ඔවුන් විසින් සුනඛයන් යොදා ගනිමින් ක්‍රීඩාංගණය සෝදිසි කිරීමට පියවර ගෙන තිබිනි. 

“මුර සංචාරයේ යෙදුනු එක් සුනඛයෙක් විසින් යම් දෙයක් හොයාගෙන තිබුනා. ඒ නිසා ආරක්ෂක අංශ සම්පූර්ණයෙන් සෝදිසි කළා.” යයි එක් ක්‍රීඩකයෙකු පවසා ඇත. 

තවත් ආරංචි මාර්ගයකින් වාර්තා වූයේ ‘ක්‍රීඩාංගණයේ ඉදිකර තිබූ තාවකාලික වැටක සිදුරක් හමුවීම’ මෙසේ ආරක්ෂක ගැටළුවක් ඇතිවීමට හේතුවූ බවයි. ආරක්ෂක අංශ විසින් ක්‍රීඩාංගණයේ ආරක්ෂාව තහවුරු කළ පසුව ක්‍රීඩකයින්ට ව්‍යායාම සහ පුහුණුවීම් කිරීමට අවසර ලැබුනු අතර පන්දුවාර සංඛ්‍යාව 12 දක්වා අඩුකිරීමට පියවර ගෙන තිබිනි. 

ඕල් බ්ලැක්ස් වෙතින් ICCයට කොලොප්පමක්

ICCයට කොලොප්පම් කිරීම ක්‍රිකට් ආයතනයකට එතරම් සුබදායී නැහැ…..

තරග ආරම්භයෙන් අනතුරුව එක් නිවේදකයෙකු විසින් තරගයේ ප්‍රමාදයට හේතුව ‘ආරක්ෂක හේතුවක්’ බව පැවසීම නිසා යම් උණුසුම් වාතාවරණයක්ද හටගෙන තිබිනි. 

මොන්ට්‍රියල් ටයිගර්ස් කණ්ඩායම තරගය ලකුණු 24 කින් ජයග්‍රහණය කළ අතර Sunil Narine පන්දු 30 කදී ලකුණු 59 ක් වාර්තා කිරීමට සමත්විය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<