ජයග්‍රහණයක් සමඟින් ශ්‍රී ලංකාව මූලික වටය නිමා කරයි

556

ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ පූර්ණ සවිබල ගැන්වීමෙන් පැවැත්වෙන දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයන් සඳහා වන දෙවැනි විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කණ්ඩායම හා දකුණු අප්‍රිකානු දෘශ්‍යාබාධිත කණ්ඩායම අතර තරගය අද (9) ඉන්දියාවේ අලූර් හි කර්ණාටක ක්‍රීඩාංගණයේ දී පැවැත්වූ අතර එම තරගයෙන් ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කණ්ඩායම කඩුලු 9ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නා ලදි. එහි දී දක්ෂ පිතිකරණයක නිරත වුනු චන්දන දේශප්‍රිය නොදැවී ලකුණු 109*ක් ලබා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාව බංගලාදේශය පරදවයි; ශ්‍රී ලංකාව අවසන් 4ට

ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ සංවිධානයෙන් පැවැත්වෙන දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයන් සඳහා වන දෙවැනි විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කණ්ඩායම හා බංගලාදේශ දෘශ්‍යාබාධිත කණ්ඩායම අතර තරගය අද (8) ඉන්දියාවේ අලූර් හි කර්ණාටක ක්‍රීඩාංගණයේ දී පැවැත්වූ අතර එම තරගයෙන් ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කණ්ඩායම කඩුලු 6ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නා ලදි.

සුපුරුදු ලෙසම නැවතත් කාසියේ වාසිය ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට දකුණු අප්‍රිකානු දෘශ්‍යාබාධිත කණ්ඩායම වෙත ආරාධනා කරන ලදි.

පළමුව පිටියට පැමිණි දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරුවන් දෙපල පළමු කඩුල්ල සඳහා ලකුණු 86ක සාර්ථක සබඳතාවයක් ගොඩනැංවූ අතර, එහි දී  4 පහර 5ක් සමඟින් ලකුණු 40ක් ලබා ගත් ජෝන් ලොන්ඩ්‍රි දකුණු අප්‍රිකානු පළමු කඩුල්ල ලෙස දැවී යන ලදි.

ශ්‍රී ලංකා පන්දු හමුවේ නැවතත් දෙවන කඩුල්ලට සාර්ථක සබඳතාවයක් ගොඩනංවමින් 4 පහර 6ක් සමඟ දක්ෂ පිතිකරණයක නිරත වුනු බුහේල් බිහිදිලා ලකුණු 59කට දවාලීමට මොහාන්රාජ් මුරුගන් සමත් විය.

දිනේෂ් මතුගමගේ පන්දුවකට ඔහු අතටම පැමිණි උඩ පන්දුවක් රැක ගනිමින් ලකුණු 50ක් ලබා ගත් ජෝන් ශෝඩර් දැවී ගිය පසුව දකුණු අප්‍රිකානු ඉනිම සවිබල ගැන්වීමට පසු පෙල පිතිකරුවන් අපොහොසත් විය. පන්දු යැවීමේ දී මුරුගන් හා දිනේෂ් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් කඩුල්ල බැගින් දවා ගන්නා ලදි.

ලකුණු 179ක ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම වෙත, නවක ආරම්භක පිතිකරුවන් දෙදෙනා සාර්ථක ආරම්භයක් ලබාගෙන ලකුණු 156ක දැවැන්ත සබඳතාවයක් ගොඩනැංවූ අතර, එය දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ට විශාල හිසරදයක් විය. එම සබඳතාවය අවසන් කරමින් ලකුණු 38කට දිනේෂ් මතුගමව දවාලීමට විලියම් මාලිංගට හැකි විය. කෙසේ වෙතත් ඒ වන විට පන්දුවාර 11ක් පමණ ක්‍රියාත්මකව තිබූ නිසා ශ්‍රී ලංකා කණ්ඩායම වෙත තරගයේ වැඩි වාසිය අත්ව තිබුණි. ශ්‍රී ලංකාව වෙනුවෙන් යළිත් දක්ෂ පිතිකරණයක නිරත වෙමින් ශතකයක් ලබා ගත් චන්දන දේශප්‍රිය 4 පහර 18ක් සමඟින් පන්දු 47කදී ලකුණු 109*යි, අනෙක් අන්තය සවිමත් කල දිමුතු රවින්ද්‍ර ලකුණු 16*යි.

දකුණු අප්‍රිකානු දෘශ්‍යාබාධිත කණ්ඩායම – 178/4 (20): බුහේල් බිහිදිලා 59, ජෝන් ශෝඩර් 50, ඩේවිඩ් ලොන්ඩ්‍රි 40, දිනේෂ් මතුගම 1/09, මොහාන්රාජ් මුරුගන් 1/17

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කණ්ඩායම – 179/1 (12.2): චන්දන දේශප්‍රිය 109*, දිනේෂ් මතුගම 38, දිමුතු රවින්ද්‍ර 16*, විලියම් මාලිංග 1/26

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට