ශ්‍රී ලංකාව බංගලාදේශය පරදවයි; ශ්‍රී ලංකාව අවසන් 4ට

766
ශ්‍රී ලංකාව බංගලාදේශය පරදවයි; ශ්‍රී ලංකාව අවසන් 4ට

ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ සංවිධානයෙන් පැවැත්වෙන දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයන් සඳහා වන දෙවැනි විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කණ්ඩායම හා බංගලාදේශ දෘශ්‍යාබාධිත කණ්ඩායම අතර තරගය අද (8) ඉන්දියාවේ අලූර් හි කර්ණාටක ක්‍රීඩාංගණයේ දී පැවැත්වූ අතර එම තරගයෙන් ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කණ්ඩායම කඩුලු 6ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නා ලදි.

සුරංගගේ ශතකයත් සමඟින් ජයග්‍රහණය ශ්‍රී ලංකාවට

ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් සංගමයේ පූර්ණ සවිබලයෙන් පවත්වනු ලබන දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා වන දෙවැනි විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු දෘශ්‍යාබාධිත කණ්ඩායම අතර තරගය අද (6) කෝචි හි රාජාගිරි ක්‍රීඩාංගණයේදි පැවැත්වූ අතර එම තරගයෙන් ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කණ්ඩායමට කඩුලු 8ක දැවැන්ත ජයග්‍රහණයක් හිමිවිය.

කාසියේ වාසිය ජය ගත් ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ ඇරයුමින් පළමුව පිටියට පැමිණි බංගලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 141ක් ලබා ගැනීමට සමත් විය. එහි දී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ලෙස ලකුණු 33ක් ලබා ගත් මහබුබල් එමන් 4 පහර 3ක් වාර්තා කරන ලදී.

මෙහි දී ආරම්භක පිතිකරු මොහොමඩ් මලික් 4 පහර 4ක් තම ඉනිමට අන්තර්ගත කර ගත් අතර ලකුණු 32ක් ලබාගෙන සිටිය දී ඔහුව දුවද්දී දැවී යාමකට හසු කර ගැනීමට චන්දන දේශප්‍රිය සමත් විය. චන්දන මෙම තරගයේ දුවද්දී දැවී යාම් 3කින් කඩුලු දවා ගැනීමට සමත් වීම, ඔහු පන්දු රැකීමේ විශිෂ්ටයෙකු බව සනාථ කරන සාධකයකි.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම කඩුලු ප්‍රමාණයක් ලබා ගත් දිනේෂ් හේරත්, ලකුණු 18ක් තුල බංගලාදේශ කඩුලු 2ක් දවා ගනිමින් තම දස්කම් විදහා දැක්විය.

පිළිතුරු ඉනිම දියත් කල ශ්‍රී ලංකා කණ්ඩායම වෙත සාර්ථක ආරම්භක සබඳතාවයක් ගොඩනැංවීමට අවස්ථාවක් නොලැබුණු අතර, නිත්‍ය ආරම්භක පිතිකරු සුරංග සම්පත් විවේක ගන්වා තිබීම මෙයට හේතුවක් වන්නට ඇත.

අර්ධ ශතකයක් මැදපෙළ පිතිකරණය සඳහා එක් කල කවිදු කුමාර තරගය අවසානය දක්වාම ශ්‍රී ලංකා ඉණිම මෙහෙයවා 4 පහර 7ක් සමඟින් ලකුණු 56*ක් ලබාගෙන දස්කම් දැක්විය. ඔහුට අගනා සහයක් ලබා දුන් දිමුතු රවීන්ද්‍ර ලකුණු 32*ක් තම ඉනිමට ලබා ගන්නා ලදි. ආරම්භක පිතිකරු ලෙස තම වගකීම හැකි උපරිමයෙන් ඉෂ්ට කල රුවන් වසන්ත එම ඉනිමට 4 පහර 4ක් සමඟින් ලකුණු 33ක් එක් කරගෙන සිටිය දී දැවී යන ලදි.

බංගලාදේශ දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම – 141/8 (20): මහබුබල් එමන් 33, මොහොමඩ් මලික් 32, මොහොමඩ් රශීඩ් 20*, දිනේෂ් හේරත් 2/18, දිමුත් රවීන්ද්‍ර 1/14, පැතුම් කුමාර 1/14, දිනේෂ් මතුගම 1/15

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම – 142/4 (12): කවිදු කුමාර 56*, රුවන් වසන්ත 33, දිමුතු රවීන්ද්‍ර 32*, මොහොමඩ් ෆයිසාල් 2/18

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම මූලික වටයේ සහභාගි වන අවසන් තරගය හෙට (9) දකුණු අප්‍රිකානු දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම සමsන් අලූර් හි කර්නාටක ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබෙන අතර, දැනටමත් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගෙන ඇත.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට